නමක් නැති කෙටි කතාවක් 03
අහස කරුවල කරගෙන එන්නේ වහින්නට සේය. දවල් තිස්සේ ගතට වදදෙන චන්ඩ හිරු රැස් ගතට පීඩා කිරීම නවත්වා දමා ඇත. "මොහු අහිංසකයෙක්" ඉරට මා කවුරුන්දැයි වැටහිලා තියෙන්නේ දැන්ය.. කුඩා කලසිට මා විනෝදයට කරන්නට දෙයක් පුරුදුව හිටියානම් එනම් මහ මග ගමනාන්තයක් නොදැන සැරිසරීම පමනි. මා නෙත ගැටෙනා සියල්ලෙන් සුවයක් ලබාගන්නේ කෙසේදැයි මා දැන සිටීමි. "සර්" "මොකෝ පියසේන." "සර් එකෙක්ව ඇල්ලුවා ලයිසන් නැතුව. උගෙ අයියා පොලීසියෙලු" "මොකෙක්ද පොලීසියෙ" "සාජන් කෙනෙක්ලු" "ඌට හෙල්මට් තියෙද?" "ඔව් සර්" "එහෙනම් ඕකව යවපන් බන්.. අපෙ එවුන්ට උදව් කරන්නෙ නැත්නම් කාට උදව් කරන්නද බන්" මමත් කුඩා කල බලපත්‍ර නොමැතිව මෝටර් බයිසිකලය පදිනා අවදියේ මෙලෙස පොලීසියෙන් නැවැත්තූ අවස්තා අනන්තය.. එකල ප්‍රදාන පොලිස් පරීක්ශකයෙකු වශයෙන් සිටි මාගේ බාප්පාට ඇමතුමක් දී ඒ සියලු අවස්තාවන්හිදී දඩ නොගෙවා බේරුනෙමි.ජීවිතය යනු විදීමකි.වින්දනය කිරීම ගතට පමනක් නොව සිතින්ද කල යුත්තකැයි මා පෞද්ගලිකව විස්වාස කලේමි. පාසල් අවදියේ රචකයෙකු වශයෙන් කටයුතු කලද.. ආර්තික ව...