විරංගි 002
විරංගි 001 මෙතනින් කියවන්න සෙමින් සෙමින් ඇය නිවස වෙත ගියා ය. ඇගේ කාමරයේ විදුලි බුබුල දැල් විනි. දැන් ඇය කාමරයේ දොරගුලු දමාගෙන මා දුන් තෑගි පර්සලය විවර කරනවා ඇත... මොබයිලයේ ටෝච් එලිය දල්වාගත් මම තේ ගස් මැද්දෙන් පාර දෙසට ඇදුනෙමි.. හන්දියේ කඩය වසා ඇත.. "රෙද්ද..." දෙතුන් පාරක් කික් කලද මේ බයිසිකලය නම් ස්ටාර්ට් වෙන පාරක් නැත... නමුත් ඉක්මනින් ගෙදර යන්නට ඕනෑ ය.. 1ස්ට් ගියරයට දමා පල්ලම දෙසට තල්ලුවක් දැම්මෙමි.. බඩු ස්ටාර්ට් ය.. ගියරයෙන් ගියරය ඉහල දැමූ මම ප්‍රදාන මාර්ගයට පිවිසියෙමි. " හෙලෝ" දුරකතනයේ අනෙක් පසින් මා පෙම් කරනා ඒ සොදුරු කටහඩ ය.. " ගෙදර ගියා ද බබා" " නෑ පැටී තාම කරාපිටියෙ හන්දියෙ ඉන්නේ" " මෙච්චර වෙලා" " ඔව් රත්තරන් මේ කෙහෙල්මල් බයිසිකලය ස්ටාර්ට් වුනේ නෑනේ" " පිස්ස.. කිව්වට අහන එකක් යැ... කොච්චර කියනවද කාර් එක අරන් එන්න කියල.. " " ඔව් ඔව්... හරි ශෝක් ... ඊට හොදයි අටේ ප්‍රවුර්ති වලට දැම්මනම්.. වාහනේ දැක්කම මුලුගමම දැන ගනීවි" " හරි හරි හෙමින් යන්න... ගිහින් කෝල් එකක් දෙන්න.. ...