Posts

Showing posts from 2016

සමුගනිමි. මීට රෝමියෝ

Image
"ජීවිතේ දිනුම් කනුව අඩි දෙකක් ඉස්සරහින් තියෙද්දි... මම ආපසු හැරුන, කකුල් දෙකේ කොච්චර හයියක් තිබ්බත්, හිත හයියක් දුන්නෙ නෑ, බ්‍රේක් එක ගහන්න ඇක්ස්ලේටරෙන් අඩිය ඉස්සුනෙ නෑ, හෑන්ඩ් බ්‍රේක් එක බර වැඩියි වගේ දැනුනා, ඒක උස්සගන්න බැරි වුනා, ඉස්සරහින් ආපු කන්ටේනරේ ලයිට් ගහ ගහ හෝන් ගහද්දි, මම අන්ද වුනා, මම බීරි වුනා. ඉස්සර මගේ හිත වගේ කාර් එකේ කෑලි කීයක්ද මන්දා , හතර කොනේ විසික් වෙලා තිබ්බා, හතර වටේ මිනිස්සු අතින් කට වහගෙන සුස්ම් හෙලනව මම දැක්කා. කාකි කෝට් කාරයෝ වගයක් කහ පටි අදිනවා දැක්කා, ට්‍රොලියක් ශේප් එකේ මාවත් අරන් මාරු වුනා. මට මහන්සියි මචන්. මම ඇස් දෙක පියාගත්තා. කිලෝ අසූවක ශරීරෙ බර මට නොදැනී යන්න පටන් ගත්තා. මට පුදුම ඉස්පාසුවක් දැනුනා" " අවුල් වෙච්ච කොන්ඩෙ, නොමැදපු සුදු ටී ශර්ට් එක, මේකප් නොදාපු පොඩි පොඩි දුබුරු ස්පොට් වැටුන සුදු මූන, කවදාවක් නැති තරමට මලානික වෙලා තිබුනා. කලු කෝට් එක අස්සෙන් ඔලුව  දාලා සුදු ශර්ට් එකට උඩින් අමාරුවෙන් කලු ටයි එක උබ දිහා බලන් හිනාවෙන්න හෙන ගේමක් දුන්නා. අපෙ අම්මගෙ උරේට ඔලුව තියාගෙන අඩන කදුලු පුරෝගෙන කදුලු පුරව ගත්ත වැහුනු ඇස් දෙකට ඒක පෙනුන...

එවිට ඔබ ලොවට කියන්න.. ඇය ඔබටත් ඔබ ඇයටත් මහමෙරක් පෙම් කරන බව...

Image
ඔවුන් ඇයට අසීමිතව ප්‍රේම කලහ.. ඇගෙ තරු වන් ඇස් දෙක බොහෝ රචකයන්ට මහ මෙරක් වනු ඇත.. ඇගේ කෝකිල කටහඩ බොහෝ සන්ගීතවේදින්ට නිදානයක් වනු ඇත... ඇය ලියනා වචන කටු කොල කැබලි පත් තිරප්පු කරනු ඇත... ඇගේ සිනහව ලෝකයක් සිත් සතන් පිනවනු ඇත... ඇය මනුස්ස දුවක් නොවේ.. ඇය සුරන්ගනාවියකි... ඇය ප්ලාස්ටික් මලක් නොවේ.. ඇය සමන් මල් යායකි... ඇය කවුද?? ඇය ආවේ කොහිබකින්ද?? බොහෝ දෙනා ඔබෙන් අසාවි... එවිට ඔබ ඔවුන්ට කියන්න ඔබට ඇය කොහිබදී හමු වුනාදැයි අමතක බව.. එවිට ඔවුන්ට කියන්න සංසාර ගමනේ බොහෝ දුර ඔබ ඇය නිසා ආ බව.. එවිට ඔබ කියන්න කල්ප ලක්ෂ  ගානක් ඇය ඔබව අතින් අල්ලාගෙන එක්කන් ආ බව.. ඔවුන් ඔබට අසීමිතව වෛර කරාවි... ඔවුන් ඔබව නිහඩ කරන්නට මාන බලාවි... එවිට ඔබ ලොවට කියන්න.. ඇය ඔබටත් ඔබ ඇයටත් මහමෙරක් පෙම් කරන බව...   සුරන්ගනා ලෝකය...

හීනයට සෙනෙහසින්

Image
ලන් වෙලා ඉන්න වෙන් වෙලා යන්න ආයෙ නොයෙනා ලෙසින් නෙත් පුරා උන්න ප්‍රේමයේ හීන නැතිවෙලා ලෝකයෙන් සංසාරයේ කොතැන වැරුදුනිද කොහොම නොතේරෙයි මට තවත් සුන්දරයි කියපු අහින්සක කමම රිදවනා මේ තරම්... ඇස් පුරා කියන ඔය ආදරෙන් හිත් පුරා කුමට බැදුනිද පෙමින් ලස්සනයි කීව ඔබ ගැන තවත් රෑ පුරා දකින්නෙම් හීනයෙන් ඊයෙ අද නුදුටු අහින්සක රුවට හිත බැදීලා සෙනින් අහසෙ දුර ඈත තාරකා වලට කුමට බැදුනිද හිතින්.. යෞවනේ හීන බොලද ඇයි මෙහෙම මට නොතේරෙන ලෙසින් හිත් පුරා කීව පිටු පුරා ලීව හිමි?? අහිමි?? සෙනෙහසින්

තාමත් තේරුනු, සිදාදියේ මනුස්සකම

Image
දුක හිතෙන්නැති හුගක් අද අපේ අම්මාට තරහ යන්නැති හුගක් අද අපේ තාත්තට සතියක්ම කොලොම්පුරේ දහඩිය හලන් වැඩකරලා සෙනසුරාදා වරු භාගෙන් නාවාට ගෙදර මම ඒත් අම්මෙ ඒත් තාත්තෙ සමාවෙන්න පුලුවන්නම් ගෙදර ඇවිත් මුහුනදෙන්න බැහැ තවත් නුබලාට සමාවෙන්න පුලුවන්නම් අතරමං වුනාට මම පාට පාට අතරෙ සිදාදියේ... හැන්දෑවට කාලක් ගහලා ලෝකෙන් දුරස් වෙන්න ඉඩක් නැහැ කොහින්ද ගෙට වෙලා ඉන්නකොට තනිකමක් අහක්වෙන්න විසක් ඉදුවාට ඉදහිට අමතක කරන්නෙ නෑ මම හැමදාම අදින සුරුට්ටුව සමාවෙන්න පුලුවන්නම් ඔබේ පැතුම් බොදකෙරුවට සමාවෙන්න පුලුවන්නම් ඔබේ සිතුම් බොද කෙරුවට අවංකවම කියනවනම් බැහැ නුබලට මුහුණ දෙන්න ඒත් අවක්කයි තාම හිතත් බොලදයි තාම ඒත් තාම තේරුනේ නෑ සිදාදියේ මනුස්සකම මට..

ඩෝන් ගාලා ටොකු තුනක් ඇනගෙන

Image
නුබෙයි මගෙයි ප්‍රේමය පිටිපස්සෙ තිබ්බ ලොජික් එක හොයාගෙන ඉබාගාතෙ ඇවිදිද්දී මට හෙමින් හෙමින් තේරුන්න පටන්ගත්ත හුදෙක් බලාපොරොත්තු  ආදරයක් නොවෙන බව උදේ හවස අම්මට කෝල් කර කර වද දිදී මොකක්ද වුනේ මොකක්ද වුනේ අහනකොට උත්තරයක් නැතුවට දුක හිතුනේ ඉතින් මම මේ ෆීල්ඩ් එකට අලුත් හින්ද වෙන්න ඇති මගේ කල වයස ආවට මම තාම පොඩි ඇති පොඩි කාලෙ ඉදලා හින්දි ෆිල්ම් බලලම ජීවිතයත් ඒ වගේ වෙන්න ඕන කියලා හිතලා ලස්සනට පැක් කරපු අහින්සක හදවතක්දැයි නොදැන රූපෙකට වහ වැටුනේ පවකටද පිනකටද කියලා පැහැදිලි කරගන්න කවුරුවත් හිටියනම් පලාපොරොත්තු කඩදාසියක ලියලා ගුලිකරල විසිකරනවා ඩෝන් ඩෝන් ඩෝන් ගාලා ටොකු තුනක් ඇනගෙන ආයෙමත් මී හරකෙක් වගේ නොහැසිරෙන්නම...

රන් මුදුවක්

Image
රන් මුදුවක් පලදන්න සුරතේ මාන බලා ඉදිනා සොදුරු සිහිනයක ප්‍රියාදරයවී ඔබ මා ලග සිටියා හද සේ දිලිසෙන ඔබෙ ඔය හිනාව පින්තූරෙක දුටුවා දිවියේ මා දුටු සිහින සියල්ලම ඔබ අද ඇත විදලා පුන්චි කාලෙ කවදාභෝ විදින්න පෙම  නුබ වැනි ලදකින් පැතූ පැතු එක්කැටි වී ඇත අද විදවමි මග බලමින් සිනා සිසී ඔන කතා කරන හැටි දකින්න පියැවි ඇසින් එන්නම් මා ලද විගස සුපෙම් ඇරයුම් ඔබගේ නිවැසින් බොලද සිතින් නොවෙතැයි දේ සිත සිත තැවුනත් මලක මතින් සුර ලියකගෙ පෙම් වදන් අසන්නට මා කර ඇතිදෝ පින් උදේ සවස හිතසංවර නැත මගෙ කිමක් වෙයිද සිතමින් හිත පිලිගන්නෙම නුබව කලින් සසරෙදි මුන ගැහුනු ලෙසින්             

පණ්හිද තාම තරුනයි 001

බරාම් බරාම් හඩ නගන බයිසිකල් හඩ පොඩ්ඩක් ඇහැ පියාගන්නට දෙන පාටක් නැත. හයිවේ සීතලත් පැයෙන් කොලබ යාමේ නැති කික් එක නිසා ගාලු පාරේ දුර ගමන් බස් එකක ආ මට වෙනදා නැති තෙහෙට්ටුවක් දැනෙනුයෙන් පොඩ්ඩක් ඇලවෙන්නට සිතා  ගත්තෙමි. එය මා හා මාගේ මිතුරන් කිහිපදෙනෙක් එකතු වී කුලියට ගත් ඇනෙක්සියකි. සොච්චම් වේතනයක් ලබන මා හට නිදාගන්නට ඇදක් ගෙන ඒමට තරම් උන්න්දුවක් නොවීයෙන් පුරුද්දක් ලෙස මෙට්ටයක් බිම දමා ඒ මත සුව නින්දක් සකසා ගන්නෙමි. නෙතු පියාගත් කලෙක තෙවනැසට ඇදෙන්නා වූ ඉමක් නැති නවකතා බීජයන් එකිනෙක වෙන් කරගත යුතු ය. ඉතා හොද නවකතාවක් ලියවීමට නම් අග්‍රගණයේ බීජයත් ඒ හා බැදුනු කිසියම් මතකයනුත් තිබීම අනිවාර්‍යය.. එම නිසා මට හුරු පුරුදු බීජ කිහිපයක් තෝරා කතාවක් ලියන්නට සිතා ගතිමි..