Posts

පුංචි කෙටිකතාවක්--03

Image
"ශික්... අයියෝ" "මොකද ඒපාර" "ගෙදර යතුර අමතක වුනානේ" "ඇයි අම්මලා නැත්ද අද ගෙදර.?" "ඉන්නවානම් මනුස්සයෝ මෙච්චර නාහෙන් අඩනවාද?. අද හිච්චි මාමලාගෙ ගෙදර දානේ.. එහෙ යන නිසා මට කිව්වා ගෙදර යතුර අරගෙන යන්න කියලා" "හරි ශෝක්.. එහෙනම් එද්දී හවස් වේවි නේ" "හ්ම්." "බයයිනේ... මහ ලොකු චන්ඩියා.." "මොකට බය වෙනවදා ගෙදර පොලිස් කාරයෙක් ඉදිද්දී." "එහෙමද?" "මොකද එහෙමද අහන්නේ?" "ඇයි මම වෙන මොකක්ද කියන්න ඕන" "වෙලාවකට හිතෙනවා ඔයා මොකට පොලීසියට ගියාද කියලා" "ඒ මොකද එහෙම කියන්නේ?" "ඇයි...කොහෙමත්ම ගැලපෙන ගතිගුනද තියෙන්නේ ඔයා ගාව???.. මූනෙ හැටි විතරක්.... හාමුදුරුවෙක් වගේ" "මුලින්ම ස්ටේශන් එකකට දාපු දවසෙ ඕ අයි සී සර් නුත් ඇහුවා ඔය කතාව" "ඉන්න මම තේකක් හදාගෙන එන්න.." "අල්ලපු ගෙදරින්ද? හදන් එන්නේ?" "අනේ සොරි අය්යෝ.. අමතක වුනා.." "එහෙනම් එලම තමා...අම්මලා එනකන් ඉස්තෝප්පුවේ ඉන්න වෙන්නේ.." "අප...

පුංචි කෙටිකතාවක්--02

Image
"සර්..මම සර් ගෙන දෙයක් අහන්නද?..තරහ ගන්නනම් එපා සර්" "කියන්න සාජන්" "සර් අර උදේ එක්කගෙන ආව ගෑනු දරුවා කවුද?" "ආහ්,, අයිසෙ ඕක අහන්නද තමුසේ මෙච්චර දැගලුවේ...ඒ මම නැවතිච්ච ගෙදර කෙල්ල" "කෙල්ලනම් හැඩයි නේද සර්" "සරත්,,, තමුසෙට මොකද හිතෙන්නේ.." "සල්ලි තියෙන නිසා සර්ටත් බෑ කියන එකක් නෑ මම හිතන්නේ." "බලමු බලමු අයිසේ" "සර් අර ගෑනු ලමයා....." "මොන මගුලක්ද අයිසේ තමුසෙ ඕක එලවනවද ..මම එලවන්නද?" "සොරි සර් මම කියන්න හැදුවේ.. අර මිස් නේද ඉස්සරහා බස් හෝල්ට් එකේ ඉන්නේ.." "සරත්ටත් මාර ඇස් දෙකක්නේ ඕයි තියෙන්නේ..ඉස්සරහින් මාව ඩ්‍රොප් කරලා තමුසෙ යනවා ස්ටේශන් එකට ..මම කෝල් එකක් දෙන්නම් තමුසෙට එන්න ඕන නම්.." "අවුරුදු දහයක් කාකි ශූට් ඇදලම පොඩි දේත් ඈතදිම පේනවා සර්.." "හරි හරි බයිල වැඩක් නෑ .. තමුසෙ මාව දාල යනවකෝ" "ඕකේ සර්" ******************************** "එක්ස්කියුස් මී මිස්" "යෙස්" "හලෝ නංගී මේ කොහේ යන ගමන්ද?...

මට එපා උබලගෙ නෑකම්... තියාගනින් ඒවා පරිස්සම් කරලා.............

Image
..ඇත්තටම කිව්වොත් ඇත්තම විතරක් ලියවෙන්න යන පෝස්ට් එකක් මේක. මේකෙන් මාතෘකා කරගන්නට හදන්නේ එකම නෑ කම වෙනස් විදියට වටිනාකම් ගෙනත් දෙන විදිය ගැන කියන්න.. මම බ්ලොග් අවකාශයේ අති පෞද්ගලික දේවල් දාන කොට ටික වෙලාවක් හිතන්නේ ඒකෙන් මගේ රත්තරන් අම්මටයි තාත්තටයි කැලලක් වෙන්න පුලුවන් නිසා.. අන්තර්ජාලය කියන මාතෘකාවෙන් පිට ඉන්න තාත්තත්..බැංකුවක මූල්ය සර්වර් එකකින් ඔබ්බට නොයන අම්මත් මේක දැක්කට කමක් නෑ.. නමුත් හැමදාම මගේ ප්‍රොෆයිල් එක බලලා මට මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කෝල් කරලා... "මොකෝ බන් උබට වෙලා තියෙන්නේ " කියලා අහන මගේ බාප්පානම් සමහර විට කියවාවි.. කමක් නෑ..තමන්ගේ මිනිස්සුන්ගෙන් හංගන්න දේවල් මොකටද?.. මේ යසියා    ගෙදරට එක විදියකුත් පිටට එක විදියකුත් පෙන්නනන එකෙක් නෙමෙයි.. මට ඕන කසිනයෙක් නෑ මම චැට් කරන්න ගියාම.. "සොරි අයියා.. අයියා ඔන්ලයින් ඉන්නවා මම දැක්කේ නෑ" පලයන් යන්න .. මට තොපිලගෙ බොරු අහලා එපා වෙලා හිටපන් ඔහාටම වෙලා.. උබල පිට රට තියා තූත්තුකුඩියේ හිටියත් මට මොකෝ.. සීයට නැන්දලාට මාමාලාට බාප්පලාට උබලව ලොකු වුනාට මට තොපිලව තබ සතේකට වටින්නේ නෑ බොලව්. මට අක්...

පුංචි කෙටි කතාවක්--01

Image
"ගුඩ් මෝර්නින්ග්" "මෝර්නින්ග්" "කාලෙකින් නේද ?" "හ්ම්" "මොකද නිකන් ඕනවට එපාවට කතාකරන්නේ" "නෑ ඒ මගෙ හැටි" "හා..සමාවෙන්න.." "මොකටද සමාව? "උදේ පාන්දරම කරදරයක් වුනාට" "පිස්සුද මෝඩයා.දැන් කවුද එහෙම කිව්වෙ?"                                                                                                       "දැන් ඔයා මට බැන්නේ  එහෙනම්"                                          ...

ඔයාට යාලුවෙක් වගේ ඉන්න බැරි ඇයි දෙයියනේ

Image
"එදා මුලින්ම අපි හම්බ වුන තැන මතකද?" "හ්ම්" "ඇයි ආයෙමත් හම්බ වෙන්න බෑ කිව්වේ එහෙනම්?" "මට බැරි නිසා" "අහන්න අයිතියක් නැත්ද මට?" "අයිතියක් තියෙනවානම් මම බෑ කියනවද?" "අපි ගැල පෙන්නේ නැත්තේ ඇයි කෙල්ලේ" "ප්ලීස්,, කතාකරන්න ඉගෙන ගන්න" "සොරි,,,උත්තරයක් දෙන්න ඉතින්..." "ඔයා මට වඩා බාලයිනේද මනුස්සයෝ?" "එහෙනම් මොකටද මට ආදරේ කලේ?" "මට ඒක අමතක වුනා" "එහනම් දැන් මොකටද හදිස්සියෙම ආයෙමත් මතක් වුනේ?" "මම අද ඔයා ගැන හිතුවා" "අනේ ප්ලීස් තරිදු අපි යාලුවො වගේ ඉමු" "මට ඕන හු** යාලු කමක් නෑ ගෑනියේ" "මේ තරිදු කතා කරන්න ඉගෙන ගන්නවා" "මට ඕන තමුසෙව. තමුසෙගෙ ආදරය" "මම යන්නද?. තමුසෙ වගේ මිනිහෙක්ව මට කවදාකවත් ඕන නෑ...නෑමයි" "ඉන්නව එහෙනම් මේකත් බලල යනවා" "ඔය මොකක්ද?" "පිහියක් යෝදියේ පේන්නේ නැත්ද?" "මාව මරන්න ආවනම් ඉතින් මරනවා.. මට කොහොමත් තමුසෙ නිසා මේ ජීවිතේ අපායක් වෙ...

හිටියානම් අද ඔයා මගේ ලගින්.. සමහර විට සුරන්ගනා ලෝකය මෙච්චර ලස්සන නොවෙන්න තිබුනා

Image
දවස් ගානකින් පෝස්ට් එකක් දාන්න බැරි වෙච්ච නිසා මොකක් හරි කෙහෙල් මලක් සුරන්ගනා ලෝකෙට වඩම්මන්න තරම් යසියා දෙකේ කොලේට වැටිලා නෑ. අන්තිමට ලියපු පෝස්ට් තුනම එකම කතාවක් හැටියට ගියා වුනාට ඒක තනිකරම කුපාඩි කම පෙන්නන්න ලියවුන ඒවා.. මගේ බ්ලොග් එක වෙනසක් කලා කියලා ඔයාලට පේනවනේ... ඉතින් එහෙනම් මගේ හිත කාටහරි කියන්න ඕනය කියල කියන දේවල් හුගාක් දැන් මම සුරන්ගනා ලෝකයට ගොඩ බස්සන්න හදන්නේ...... ගොඩ කාලෙක ඉදන් මගෙ යාලුවො කියනවා යසියට  "නවකතාවක් ලියපන්...නව කතාවක් ලියපන්" දවස් ගානක් මම ටයිප් කරලා නෝට්ස් වල සේව් කලාට සේව් වෙන්නේ කුනුහර්ප නිසා මට සිද්ද වුනා ඒ අදහස අයින් කරන්න... හේතුව වුනේ සේව් කිරීමට තැනක් නැති කම.. මගෙ ටිකිරි මොලේ යොදාගෙන මම තීරනය කලා මගේ මේල් එකේ ඩ්‍රාෆ්ට්ස් වල නව කතාව තැන්පත් කරලා තියන්න... ඒක නිස මේ දවස් ටිකේම ටිකක් ඒව ගැන හිතන්න වෙලාව යොදවන්න වුනා.... "සන්දීපනී" ඔයා මේක කියවනවා නම් කරුනා කරලා සමාවෙන්න. මොකද මට අයිතියක් නැති ඔයාට අයිති මම ඔයා ගැන ඔයාගෙ ආදරේ ගැන කතාවක් ලියනවා කියල මම ඔයට පොරොන්දු වෙනවා.... සමහරු කියනවා "නැතිවෙච්ච ආදරය සිතින් අමතක කරන්න ඕන...

xxxxxxxකතාව 3---අවසානයක් xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Image
ඕන් මේන් යසියා ගියා . ලැබ් එකට.. ඒකෙනම් හිටියෙ ටිකක් කලු අක්ක කෙනෙක්... හැබැයි ඉතින් කලු උනත් දැකුම් කලුයි කියල දෙයක් තියෙනවනේ... (කබරගොයා බඩගින්නට තලගොයා වෙන්න වගේ) "ආ මල්ලි මෙතනින් වාඩි වෙන්න" අක්ක අතින් අල්ලලා කුශන් පුටුවක වාඩි කලේ නැතැයි මාව.. පෙට්ටියක් ඇතුලෙන් මොනවදෝ කහපාට දෙයක් ඇදල ගත්ත එයා ඒවා අත් දෙකේම දාගත්තා..(ග්ලවුස් කියන්නේ) අනේ යකෝ මාර කෙලියක්නේ.. මුන් හිතාගෙන ඇති අපි කොරියාවෙය... නාන්නේ නැතියැ කියලා...බැරිද දන්නේ නෑ නේ අපිව නාවන්න..... නෑ මෙයා දන්නවා මම පිරිසිදුයි කියලා.. ඒකයි මේ එයාගේ කුනු මගේ ඇගේ ගෑ වෙනවට ඔය.. මම තරහව අමාරුවෙන්....(එච්චරම අමාරුවක් වුනෙත් නෑ) නිවා ගත්තා..... බුදුන්ට මල් පූජා කරන්න වාගේ හෙමීට හෙමීට මගෙම අතින් අල්ලලා අත මිට මොලවපු එයා.... \ ගත්තේ නැතෑ සිලින්ජරයක් අතට..... අම්මෝ මේකේ දිග විතරක්... එහා පැත්තෙන් එයිද මන්දා..... "මොකෝ දගලන්නේ .....බයයි නේ චන්ඩියා වගේ හිටියට?" "පිස්සුද මම දෙපාරක්ම ලේ දීලා තියෙනවා" "එහෙනම් හොද දරුවා වගේ දගලන්නේ නැතිව ඉන්නකෝ පොඩ්ඩක්" "හා" "තව පො...