Posts

පුංචි කෙටිකතාවක්--05--අවසානය

Image
"මොකද තනියම හිනාවෙන්නේ?" "නෑ..ඔයා මට නංගි නංගි කියනවනේ ඒකයි" "ඒකේ ඇති වැරැද්ද මොකක්ද?" "නෑ..කිසිම වැරැදක් නෑ" "එහෙනම්..." "ඔයා දෙදාස් හතේ ඒලෙවල් කලාට මම කලේ දෙදාස් හයේ" "ඉතින් අවුරුද්දක් වැඩිමල් වුනා කියල මක්කා වෙනවාද?" "ඔව් ඉතින්.. ගෙදර බෝඩිම් කාරයෙක් නවත්ත ගනිද්දී වයස බලන්නෙ හිරයක් දෙන්නයැ?" "කාලා ඉවරද?" "හ්ම්.පොඩ්ඩක් ඉන්න..සචිනි නංගි තාම කනවානේ" "එහෙනම් මම ගිහින් අත හෝදගෙන එන්නම්." "ඉතින් හෝදගන්න..මගෙ අත නෙමෙයිනේ" ******************************************************************************* "අක්කේ  අක්කේ" "මොකද සචියෝ කෑ ගහන්නේ" "ආන් මාමලා එනවා" "අපෝ හතාමාරවත් වෙද්දි ආව එකත් ලොකු දෙයක්." "ඔව් ඒත් ඔය පාරා ගාව ඉදන් එන්න තව පැයක් වත් යාවි" "මොකද අප්පච්චිලා එනවා කිව්වම මෙච්චර සන්තෝස?" "පස්සේ දැනගන්න ලැබෙයි.." "ඒකත් එහෙමද..."\ "හ්ම්" "සචිනි නංගිය...

පුංචි කෙටිකතාවක්--04

Image
"මොකද මේ බය වෙලා. මූනත් එල්ලගෙන.." "නෑ.. මේ....මායි ඔයයි ඉන්න එක..ගමේ කවුරුහරි දැක්කොතින් එහෙම.." "මම ඉන්නවනම් මොකටද ඔයා බය වෙන්නේ?" "එහෙම නෙමෙයි.. මම කියන්නෙ..." "එහෙනම් කොහොමද?" "දන්නවනේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි තනියම ගෙදරක ඉස්තෝප්පුවෙ හිනාවෙවී ඉන්නකොට.." "ඔව් ඉන්නකොට." "අනේ විහිලු නෙමෙයි හලෝ" "එහෙනම්..." "නංගී මම වැඩක් කියන්නද?" "ඒපාර මොකක්ද? ඇයි බඩගිනිද?" "නෑ මේකයි. දැන් ඔයා අප්පච්චිට කෝල් කරලා අහන්න කොහෙද ඉන්නේ කියලා..ඊට පස්සේ රෑ වෙනවනම් කියන්න කෑම ගේන්න එපා..ඔයා කඩෙන් කන්නම්...මමත් තාම ආවෙ නෑ..." "එතකොට මම තනියම ඉන්නව කියල හිතාවිනේ" "ඒකත් එහෙමද?..වැඩේ සීන් නේ. එහෙනම්" "අපෝ බෑ.. බෑ අප්පච්චිට පපුවේ අමාරුව හැදේවි" "ඒකනේ...වෙනදා මෙහෙම රෑ වෙනවනම් මොකද කරන්නේ.." "එහා ගෙදර සචිනි නංගියව ගෙන්න ගන්නවා තනියට" "එහෙනම් එයාට එන්න කියන්න" "බෑනේ හලෝ.. එතකොට එයා මායි ඔයයි දැන් පැයක් විතර කතා කර කර හ...

පුංචි කෙටිකතාවක්--03

Image
"ශික්... අයියෝ" "මොකද ඒපාර" "ගෙදර යතුර අමතක වුනානේ" "ඇයි අම්මලා නැත්ද අද ගෙදර.?" "ඉන්නවානම් මනුස්සයෝ මෙච්චර නාහෙන් අඩනවාද?. අද හිච්චි මාමලාගෙ ගෙදර දානේ.. එහෙ යන නිසා මට කිව්වා ගෙදර යතුර අරගෙන යන්න කියලා" "හරි ශෝක්.. එහෙනම් එද්දී හවස් වේවි නේ" "හ්ම්." "බයයිනේ... මහ ලොකු චන්ඩියා.." "මොකට බය වෙනවදා ගෙදර පොලිස් කාරයෙක් ඉදිද්දී." "එහෙමද?" "මොකද එහෙමද අහන්නේ?" "ඇයි මම වෙන මොකක්ද කියන්න ඕන" "වෙලාවකට හිතෙනවා ඔයා මොකට පොලීසියට ගියාද කියලා" "ඒ මොකද එහෙම කියන්නේ?" "ඇයි...කොහෙමත්ම ගැලපෙන ගතිගුනද තියෙන්නේ ඔයා ගාව???.. මූනෙ හැටි විතරක්.... හාමුදුරුවෙක් වගේ" "මුලින්ම ස්ටේශන් එකකට දාපු දවසෙ ඕ අයි සී සර් නුත් ඇහුවා ඔය කතාව" "ඉන්න මම තේකක් හදාගෙන එන්න.." "අල්ලපු ගෙදරින්ද? හදන් එන්නේ?" "අනේ සොරි අය්යෝ.. අමතක වුනා.." "එහෙනම් එලම තමා...අම්මලා එනකන් ඉස්තෝප්පුවේ ඉන්න වෙන්නේ.." "අප...

පුංචි කෙටිකතාවක්--02

Image
"සර්..මම සර් ගෙන දෙයක් අහන්නද?..තරහ ගන්නනම් එපා සර්" "කියන්න සාජන්" "සර් අර උදේ එක්කගෙන ආව ගෑනු දරුවා කවුද?" "ආහ්,, අයිසෙ ඕක අහන්නද තමුසේ මෙච්චර දැගලුවේ...ඒ මම නැවතිච්ච ගෙදර කෙල්ල" "කෙල්ලනම් හැඩයි නේද සර්" "සරත්,,, තමුසෙට මොකද හිතෙන්නේ.." "සල්ලි තියෙන නිසා සර්ටත් බෑ කියන එකක් නෑ මම හිතන්නේ." "බලමු බලමු අයිසේ" "සර් අර ගෑනු ලමයා....." "මොන මගුලක්ද අයිසේ තමුසෙ ඕක එලවනවද ..මම එලවන්නද?" "සොරි සර් මම කියන්න හැදුවේ.. අර මිස් නේද ඉස්සරහා බස් හෝල්ට් එකේ ඉන්නේ.." "සරත්ටත් මාර ඇස් දෙකක්නේ ඕයි තියෙන්නේ..ඉස්සරහින් මාව ඩ්‍රොප් කරලා තමුසෙ යනවා ස්ටේශන් එකට ..මම කෝල් එකක් දෙන්නම් තමුසෙට එන්න ඕන නම්.." "අවුරුදු දහයක් කාකි ශූට් ඇදලම පොඩි දේත් ඈතදිම පේනවා සර්.." "හරි හරි බයිල වැඩක් නෑ .. තමුසෙ මාව දාල යනවකෝ" "ඕකේ සර්" ******************************** "එක්ස්කියුස් මී මිස්" "යෙස්" "හලෝ නංගී මේ කොහේ යන ගමන්ද?...

මට එපා උබලගෙ නෑකම්... තියාගනින් ඒවා පරිස්සම් කරලා.............

Image
..ඇත්තටම කිව්වොත් ඇත්තම විතරක් ලියවෙන්න යන පෝස්ට් එකක් මේක. මේකෙන් මාතෘකා කරගන්නට හදන්නේ එකම නෑ කම වෙනස් විදියට වටිනාකම් ගෙනත් දෙන විදිය ගැන කියන්න.. මම බ්ලොග් අවකාශයේ අති පෞද්ගලික දේවල් දාන කොට ටික වෙලාවක් හිතන්නේ ඒකෙන් මගේ රත්තරන් අම්මටයි තාත්තටයි කැලලක් වෙන්න පුලුවන් නිසා.. අන්තර්ජාලය කියන මාතෘකාවෙන් පිට ඉන්න තාත්තත්..බැංකුවක මූල්ය සර්වර් එකකින් ඔබ්බට නොයන අම්මත් මේක දැක්කට කමක් නෑ.. නමුත් හැමදාම මගේ ප්‍රොෆයිල් එක බලලා මට මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කෝල් කරලා... "මොකෝ බන් උබට වෙලා තියෙන්නේ " කියලා අහන මගේ බාප්පානම් සමහර විට කියවාවි.. කමක් නෑ..තමන්ගේ මිනිස්සුන්ගෙන් හංගන්න දේවල් මොකටද?.. මේ යසියා    ගෙදරට එක විදියකුත් පිටට එක විදියකුත් පෙන්නනන එකෙක් නෙමෙයි.. මට ඕන කසිනයෙක් නෑ මම චැට් කරන්න ගියාම.. "සොරි අයියා.. අයියා ඔන්ලයින් ඉන්නවා මම දැක්කේ නෑ" පලයන් යන්න .. මට තොපිලගෙ බොරු අහලා එපා වෙලා හිටපන් ඔහාටම වෙලා.. උබල පිට රට තියා තූත්තුකුඩියේ හිටියත් මට මොකෝ.. සීයට නැන්දලාට මාමාලාට බාප්පලාට උබලව ලොකු වුනාට මට තොපිලව තබ සතේකට වටින්නේ නෑ බොලව්. මට අක්...

පුංචි කෙටි කතාවක්--01

Image
"ගුඩ් මෝර්නින්ග්" "මෝර්නින්ග්" "කාලෙකින් නේද ?" "හ්ම්" "මොකද නිකන් ඕනවට එපාවට කතාකරන්නේ" "නෑ ඒ මගෙ හැටි" "හා..සමාවෙන්න.." "මොකටද සමාව? "උදේ පාන්දරම කරදරයක් වුනාට" "පිස්සුද මෝඩයා.දැන් කවුද එහෙම කිව්වෙ?"                                                                                                       "දැන් ඔයා මට බැන්නේ  එහෙනම්"                                          ...

ඔයාට යාලුවෙක් වගේ ඉන්න බැරි ඇයි දෙයියනේ

Image
"එදා මුලින්ම අපි හම්බ වුන තැන මතකද?" "හ්ම්" "ඇයි ආයෙමත් හම්බ වෙන්න බෑ කිව්වේ එහෙනම්?" "මට බැරි නිසා" "අහන්න අයිතියක් නැත්ද මට?" "අයිතියක් තියෙනවානම් මම බෑ කියනවද?" "අපි ගැල පෙන්නේ නැත්තේ ඇයි කෙල්ලේ" "ප්ලීස්,, කතාකරන්න ඉගෙන ගන්න" "සොරි,,,උත්තරයක් දෙන්න ඉතින්..." "ඔයා මට වඩා බාලයිනේද මනුස්සයෝ?" "එහෙනම් මොකටද මට ආදරේ කලේ?" "මට ඒක අමතක වුනා" "එහනම් දැන් මොකටද හදිස්සියෙම ආයෙමත් මතක් වුනේ?" "මම අද ඔයා ගැන හිතුවා" "අනේ ප්ලීස් තරිදු අපි යාලුවො වගේ ඉමු" "මට ඕන හු** යාලු කමක් නෑ ගෑනියේ" "මේ තරිදු කතා කරන්න ඉගෙන ගන්නවා" "මට ඕන තමුසෙව. තමුසෙගෙ ආදරය" "මම යන්නද?. තමුසෙ වගේ මිනිහෙක්ව මට කවදාකවත් ඕන නෑ...නෑමයි" "ඉන්නව එහෙනම් මේකත් බලල යනවා" "ඔය මොකක්ද?" "පිහියක් යෝදියේ පේන්නේ නැත්ද?" "මාව මරන්න ආවනම් ඉතින් මරනවා.. මට කොහොමත් තමුසෙ නිසා මේ ජීවිතේ අපායක් වෙ...