sri lankan cricket සාර්තකත්වයට හේතු


ලසිත් මාලිංග බලෙන් ශ්‍රී ලංකා කන්ඩායමට ඇතුල් වූවේ නැත. ඔහුගේ හැකියාව දැක පව් යයි සිතී ස්වාධීනය ඔහු ගෙනාවේය.ලසිත්ත කනට පැත්තෙන් පන්දු යවන්නට කියා දුන්නේ දේශප්‍රේමී මහින්ද අබේසුන්දරය. ඊයේ ස්වාධීනය මාලිංගගේ ඇත්ත පෙන්වූයෙන් මම ඔවුන්ට ස්තුතිය පුදකරමි. ඒ නිසා මාලිංග ස්වාධීනය කියනා තරම් කලක් ක්‍රිකට් ගැසිය යුතුය. බ්ලාස්ට්‍ර් ප්ලාස්ටර් කරන්නේද සංගා ඩොංගා කරන්නේද එහි සත්කාරයක් වශයෙනි. තේරීම් කමිටුවෙන් මාලිංග ප්‍රතික්ශේප කල දවසට ඔහු දේශපාලනයට ආ යුතුය.


ගරු මහින්ද අබේසුන්දරයන්ගේ මාධ්‍ය හැකියාවත් සමග සසදන කල මාලිංග තවම ඇච්චෙකි.ඔහු තරම් ලසිත් ලෝකයේ ප්‍රුසිද්ද වීත් නොමැත. ලොවපුරා ජනයා අබේගේ තට්ටය අනුකරනය කරමින් සිටීම ශ්‍රී ලාංකික අපට මහගු භාග්‍යකි.
අබේ සහ ඒලි ශ්‍රී ලාංකිකයන්ට  කල දේ ලාංකිකයන්ට අමතකව නැත. 
1996 දී ආන්දෝලනාත්මකව කාසියේ වාසීන්ගේ තීරන වගකීමෙන් ගන්නට රනතුංගට ද ඉගන්නුවේ ඔවුන් දෙදෙනාය.එදා අපට කුසලානය හිමිවූයේ දක්ශ්‍යතවයට නොව දුටුගැමුනුවන් ඉපදුනූ රත වීම නිමිත්තෙන්‍ ය.


ලෝක කුසලානය පුරාවටම ලෝකයට ක්‍රිකට් උගන්නන්නට යන්නට තරම් ලාංකික රනතුංග දේශද්‍රෝහීවීම ගැන අප සැම ලැජ්ජා විය යුතුය.. ඔහුද අධිරජ්‍ය වාදී කුමන්ත්‍රන වල ඉත්තෙකි.


සංගාටත් වඩා මහේලටත් වඩා හොද ක්‍රිකට් නායකත්වයක් රජමැදුරේ ඉන්නා බව අයිෆා දී මුලු රටම දැනගත්තේ ය. එතුමා කන්ඩායමේ නැත්තේ රටේ අභාග්‍යකටය...


රට කට එහි අතීතයෙන් පලක් නැත. විනිවිද නායකත්වයක් නිසා යුද හමුදා පති වරයාත් සිරකලේ රටේ නීතිය හොදහැටි ක්‍රියාත්මක වන නිසාවෙනි. මුරලිදරන් වැනි කොටියෙක්ට ක්‍රිකට් ගැසීමට දීම තුලින්ම මහින්ද චින්තනයේ මානුශීයත්වය විදහා පෙන්වයි.


වත්මන් ක්‍රීඩා ඇමති වරයා සහ වෛද්‍ය ඒලි නොවන්නට මෙවර ලෝක කුසලාන අවසාන තරගයට එනවා බොරුය.. මෙවර අයි පී එල් තරගාවලියට ද තමා මුලින් පෙන්වූ තීරනය වෙනස් කිරීමෙන් එතුමාගේ හදවතේ වන මෘදු බව මනාව පෙන්වයි..


ජනතාව සත්‍ය දැනගත යුතු ය.. මානුශීයත්වයේ නාමයෙන් අතිගරු ජනාධිපති තුමාත් ක්‍රීඩා ඇමති තුමාත්, ඒලි වෛද්‍ය තුමාත් දේශ්‍යප්‍රේමී අබයාත් සිටිනාතුරු චිරහත් කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් යහබින් වැජබෙනු ඇත...


"අද පිටපත මහින්ද අබේසුන්දරගෙන් නොවේ"

Comments

  1. බලගෙන පුතේ සුදු වෑන් පේන්න ඉඩ තියනවා......... හික් හික්............

    ReplyDelete
  2. ඒ වුනාට මහින්ද අබේසුන්දරට බලන්න වටින පෝස්ට් එකක්............

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02