අවාසනාවට ඇත්ත කතාවක්


අද දවසට දාන්න පෝස්ට් එකක් ලියන්න මාර විදියට අමාරුවුනා. වෙනදානම් පෑන අතට ගත්තාම මොනොවාම හරි ලියවෙනවා මම දන්නේත් නැතුව."1st true love is unforgettable" කියල කවුරු හරි බූට් කාපු එකෙක් ඇත්ත කතාවක් කියල තියෙනවානේ..ආහ් අමතක වුනා ඕයි... මචන් රත්ගමයානුබ මගේ මොන්ටිසෝරි කාලේ ඉදන් මිත්‍රයෙක්.. මාව බ්ලොග් එකට එක්කරන් ආවට උබට හුගක් පින් මචන්. දැන් බ්ලොග් එක මගේ ජීවිතය වෙලා...
එයාව එක්කරගෙන ආව නගා ත් මට ඊයෙ බුකියෙදි හම්බ වුනා.

ඕන් එහෙනම් කතා පොජ්ජ පටාන් ගන්නවා පින්වතුනී එහෙම නැත්නම් පව්කාරයිනි..:P

මගේ බ්ලොග් එක මුලින්ම ඉදන් කියවපු අය දන්නවා ඇති මන් කොච්චර නාහෙන් අඩ අඩ කතා ලිව්වද කියලා. කෙල්ල වෙන කෙනෙක් බදින ඒවා නැත්නම් ඒ වගේ දුක හිතෙන ඒවා... ,මතකයි නේ ( ;) නෑ කියල මම දන්නවා).

අන්න ඒ කෙල්ල වෙනුවෙන් මම ජීවත් වෙන්න හිතුවා. එයා මගේමයි කියල හිතුවා....මගුල තමයි.. එහෙම නෙමෙයි අන්තිමට දෙවෙනි වතාවටත් එයා මගෙන් ඈත් වුනා..මොනා කරන්නද හලො?.... ලෝකේ ඉන්නේ එක කෙල්ලද?????

ඒත් ඒකිගෙන් බැනුම් අහන්නේ නැතුව මට ඉන්න බෑනේ... එයා ආයෙත් මගේ යාලුවෙක් වෙන්න නම් එයා කොන්දේසි දෙකක් දැම්මා.......ඒවත් ඕනද..... හා හා හා....
1: මටත් ගෑනු ලමයෙක් ඉන්න ඕන . හැබැයි ඒ බදින කෙනා වෙන්නත් ඕන.
2: මම එයා ගැන HOPES (නෑ බන් DELHI DAREDEVILS ඉන්න එකා නෙමෙයි) තියාගන්නත් බැරිලු..

ඉතින් ඒව කරන්න අමාරු නිසා මම simple plan  එකක් හොයාගත්තා.. මන් බුකියේ දැම්මා මට කෙල්ලෙක් ඉන්නවා කියලා.මගේ පින්තූරෙත් වෙනස් කලා ජෝඩුවක් ඉන්න එකකට. හරියෑ යසියා දැන් කෙල්ලෙක් ඉන්නව වගේ ෆුල් ඇක්ටින්..

මේ කලින් දවස් වල ඇයට exams නිසා මම ඊයෙ දැම්මා මේල් එකක්.... මන් දැන් qualified කියලා.. අර තඩි කෙල්ලගේ පින්තූරෙකුත් අමුනල කරලා යැව්වා. දැන් මට හෙනම හැපී.. මන් ඒක කලා ඔව් මට පුලුවන්...

ඒත් මම තාම තඩි කෙල්ලගෙන් ඇහුවෙත් නෑ නේ......
හිටියෙ නැතෑ තඩි කෙල්ලගාඑන ඇත්තටම ආසාවෙන්.. මගෙත් උස මහතට එයාවනම් ගැලපෙනවා.. බදින්න නම් නියමයි..ගැලපෙනව දෙන්නම... දෙන්නටම පිස්සු...ඒන් මේන් මම එයාටත් චැටක් දාගෙන හිටියා...

මලා ලෙඩ එන්නේ එක පිටලුනේ.....තඩි කෙල්ල (එහෙම කියන්නේ ආදරේට හොදේ)
මම එයා ගැඅ ලිව්ව පෝස්ට් එක කියවලා. මට මෙහෙම කියපි...

"මම තරහයි යසියා. ආයෙත් මම ගැන පෝස්ට් ලියන්න එපා..කියවන අය හිතාවි මන් ඔයාගෙ ගෑනු ලමයා කියලා"

ඉතින් මට මලේ මල...
(ඒක කියන්න ඕන නැහැනේ දන්නවනේ බලාපොරොත්තු තියාගත්තු කෙල්ලෙක් එහෙම කිව්වම..)

මම ගියා මේල් එකට එල එල එල
මාව මිනිසෙක් කරපු රත්තරන් කෙල්ල මට  මේල් එකක් එවලා....

"ඔයා කාට බොරු කලත් මට බොරු කරන්න බෑ යසියෝ ...මෝඩයා... ඇත්තටම කෙල්ලෙක්ගෙම වෙච්ච දවසට මට කියන්න..එතකන් මම යාලුවෙක් වෙන්නෙ නෑ...බුදුසරනයි.....මැට්ටා......:( "

                                                   





  ලිව්වේ යසියා          

Comments

  1. අද තමා සුරංගනා ලෝකයට ගොඩ බැස්සේ.....මේක නම් අවාසනාවකටම ලිය විච්චි යථාර්තය බං.....

    ReplyDelete
  2. මොනව කියන්නද කියලා හිතා ගන්න බෑ... හ්ම්ම්ම්ම්ම්.....

    ReplyDelete
  3. @ ශාන්: ස්තූතියි මචන් ආවට.... මේ පැත්තෙන් ඇවිත් යන්න ආයෙත් එන්න

    ReplyDelete
  4. @ නගා: හිතල කියන්නකෝ..මම අද 100%කම ඇත්ත ලිව්වේ...:(

    ReplyDelete
  5. @ නගා: හිතල කියන්නකෝ..මම අද 100%කම ඇත්ත ලිව්වේ...:(

    ReplyDelete
  6. යසියා කෙල්ලට සවුත්තු වෙලාද මන්ද .....

    ReplyDelete
  7. මොනවද බන්...

    කොන්දක් තියන එකෙක් වගේ හිටු..

    උබ ඒකිට සෙකන්ඩ් වෙන්න යන්න එපා...

    ReplyDelete
  8. @ කල්හාර අයියා: සෙකොන්ඩ් වුනත් මොකද අයියා ඒකිනේ මාව මිනිහෙක් කලේ.. තාම අපි අපේ හිත් වල ජීවත් වෙනවා..

    @ සුපෙර් මාරියෝ: උබ දන්නවනේ බන් මගේ කොන්දේ අමාරුවක් තියෙනවානේ?>??

    ස්තූතියි බන් හැමෝටම

    ReplyDelete
  9. කෙල්ල උඹව දාලා ගියා නම් එයාගේ යාළුවෙක් විදිහට හරි ඉන්න උඹ දඟලන්නේ මොකද ??? ඒ වැඩේ තේරුම මොකක්ද ? උබට එහෙම ඉන්න පුලුවන්ද ???

    ReplyDelete
  10. @ hasitha: මචන් මම උබට කතාවක් කියන්නම්.. එක කොල්ලෙක් මැත්ස් කරලා ෆේල් වෙලා ඉදිද්ද ඌට කෙල්ලෙක් හම්බවෙනවා.. එකි නිසා ඌ දෙවෙනි පාර මැත්ස් වලින්ම බී තුනක් ගන්නවා... ඊට පස්සේ කෙල්ල ඌව දාලා යනවා... මගේ කතාවත් එහෙම්ම නම් මම මේ කරන දේ වැරැද්දක් මට නම් තේරෙන්නේ නෑ...

    සෑම මනුස්සයෙක් වෙනුවෙන්ම දෙවියන් වහන්සේ කවුරුහරි කෙනෙක් එවනවා....මම පන්සල් යන කෙනෙක්...

    ReplyDelete
  11. උඹෙත් මගෙත් කතාව එකම වෙන්න පුලුවන්. උඹේ කතාව ඇත්ත මචං. ඒත් අපි ඇත්තට මූණ දෙන්න ඕනේ නේද ? එයාට අපිව මොන විදිහකටවත් ඕනේ නැත්නම් ???

    ඒ වගේම් අපි ආදරේ කරපු එක්කෙනෙක් එක්ක යාළුවෙක් විදිහට අපිට ඉන්න පුලුවන්ද ??? අපි එයාගෙන් ආදරේ නේ බලාපොරොත්තු වුනේ. අනේ මන්දා මට නම් එහෙම එක්ක බැහැ :(

    ReplyDelete
  12. මචන් හසිත, මගෙ මිත්‍රයා. මටත් බෑ මචන් ආදරේ දිහා බලපු ඇස් දෙකකින් සහෝදරියක් වගේ එයා දිහා බලන්න.. එයා මම ගැන කොච්චර හෙව්වත් මගේ බ්ලොග් එක කියවන්නේ නෑ.මටත් තාම ඉස්සර මන් මවපු හීන පේනව බන්..එයා ගෙනත් දුන්න ජීවිතේ... එය ගෙනත් දුන්න ආදරේ.... බ්ලොග් අවකාශයේ මාකට් කරන්න ඒකයි මන් තීරනය කලේ.....

    ජීවිතය නම් විලකී
    එහි මිහිරි දැනුනේ ඔබෙනී
    ඇසින් පිල්ලක තිබෙන දිගු කම
    ඉගෙන ගත්තේ ඔබේනී......

    ආදරේ සුන්දරම මොහොතක් ඒකේ විරහව වින්දනය.....

    ස්තූතියි සහෝදරයා කතිකාවතට....

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02