GooD FriendS GooD TimeS-----> යාලුවෝ

අලිය ගෙදර (Elephant house ) ඇඩ් එකක් දාන්න නෙමෙයි ඕන් යසියගෙ වෑයම.දවස් ගානක් බිසී වෙච්ච යසියාට අද මොකක් හරි එකක් බ්ලොග් එකට ඔබන්න හිතිච්චි නිසා ඕන් ලියාගෙන ලියාගෙන යනවා...පජාත වෙවිද මන්දා... :P

කෙල්ල වෙන එකෙක් එක්ක යාලුවෙච්ච ප්‍රීතිය නිමිත්තෙන් (ඇත්තටම කීවොත් කෙල්ල එක්ක ආදරයක් තිබ්බ කියල දැනගත්තෙත් එයා ගියාම තමා...) සති ගනනක් මුහුනු පොතේ සහ මේ බ්ලොගේ නාහෙන් අඩපු යසියා අද වෙනකොට යතා තත්වයට පත්වෙල ඉන්නවා.(ඒ කියන්නෙ ආයෙත් පිස්සු) මාව ඒ තත්වෙට ගෙනිච්ච ඒ මගේ ෆ්‍රෙන්තෝ ටිකට තැන්ක්ස් කරන්න තමා මේක කොටන්නේ  හොදේ..

හැබැයි දුකින්දෝ සොමියෙන්දෝ මන්දා .... කියන්නේ ඒ එකෙක් වත් ඉස්කෝලේ යනකාලේ (ඔව් අවුරුදු දා හතරක්ම ගියානේ මමත් ඉස්කෝලෙකට) එක බත් එක කාගෙන හිටි උන් නෙමෙයි.. සේරම පාසලෙන් පස්සේ සෙට් වෙච්චි උන්.. අම්මපා මුන් එතකන් කොහේ හිටියද මන්දා... :P

හොදට කොයිල් වෙච්ච සති දෙක තුනක කාලයක් පුරාවට මට උදව් කල එවුන්ට ස්තුති කොරන්නයි ඕන් මේ තනන්නේ ......

මුලින්ම මගේ තම්බි බොක්කට ඌ හෙනම ගේමක් දුන්න මාව ආයෙමත් අමාරුවෙ දාන්න.. හූ හූ හිකේ උබලා කොහෙද එහෙම මාව අමාරුවෙ දාන්නේ?? දැන්ම ආයෙත් ඩබල් වෙන්න හිතක් නැතුවා ඕන් යසියට....(මම අමුතු නෑ හරියැ. ටික කලකට විතරයි...;) කෙල්ලෙක් දකිනකම්..:P
තම්බියා උබට තෑන්ක්ස් මචන් මම ගැන හිතුවට..උබව මාශාහ් අල්ලාහ්...

ඊලගට මගෙ බොක්කීයෙක් දොස්තර නෝනා. අම්මප මේකි නම් මගෙ ගිය ආත්මෙ සහෝදරියක්..දන්නවයැ නසරානි පොඩි එකෙක් මෙයැයිගෙන් මම ගැන අහැව්වක්.(අපි දන්නේ කොහොමද නෙ????)
"අක්කි අක්කි ඔයා යසියගෙ කෑල්ලද?" අහලා.පව් හප්පා අහින්සකී. පුදුමයි එය පස් නොකෑවා.. පව් හප්පා...
මේ හලෝ,, ඔහේට පින් හොදද???..මගේ ගොන් කතා කෝටියක් අහගෙන හිටියට...(මොකෑ බන් කුනු කතා හිතන්නෙ??)

ඊලගට මගෙ යාලුවෙක්ගේ කොටසක් (කෑල්ලක්). මට නිතරම කෝල් කොර කොර මන් ගැන පට්ට විදියට හෙව්වා.. ඔයාට මොකක්ද ලියන්නෙ? ...............අනෙ මන්දා.. තෑන්ක්ස් ඈ...

මම මොකක් හරි වැඩකට (sosog ) නුවර ගියාම පිස්සු කෙලලා හෙන ෆුන් එකක් ගන්න සෙටාර් එකකුත් ඉන්නවා. එකෙක් අරහෙ එකෙක් මෙහෙ ... කොහෙන් කොහෙන් ල0කාව වටේම එවුන් එක පවුලක් වගේ..එල ෆිට් ටික ඈ..(මා බූට් කාපු බව මුන් සමහරක් දන්නේ නෑ. අපෝ දැනගත්තොත් ලැජ්ජාවේ බෑ..)

ඊලගට ක්ශනික වෙනසකට හේතුවක් වෙච්ච දෙයක් තිබ්බා.. ඒක තමයි අපෙ (sosog) එකේ සහෝදරියෙක්ගෙ ජන්ම දින පාර්ටියක්  තිබ්බා. හප්පට සිරි ඒකෙ හිටපු නාරි රූ.. :P  අපේ හිත් මල් වගේ හින්දා හොදයි ඕන්. නැත්නම් දන්නවනේ සමහරුන්ගේ කෙල බේරෙනවා කට දෙපැත්තෙන්ම....එය ඇවිල්ල මගේ යාලුවෙක්ගෙ පාර්ට්(කෑල්ල) කෙනා..එදා නම් ඇතිවෙන්න ඩාන්ස් කොලා.. ගොන් පාට් කෝටියයි.. එහෙනම් එදා ටකරමුත් කෑවා..අනේ රත්තරන් කෙල්ලො ටික ඕන්. හැමෝම හිනාවෙලා කතාකරා.. මගේ අඩන හිත දැන් හිනාවෙනවා... බලෙන් වත් අඩන්නේ නෑ...ටිමී පාටියට මේ ගොඩයට එන්ඩ කිව්වට තෑන්ක්ස් ඈ..

මට මේ දවස් වල හුගාක් පාලුයි නේ. කරන්න දෙයක් නෑ.. කතා කරන්න කෙනෙක් නෑ.පනිවිඩයක් කොටන්න කෙනෙක් නෑ.. පව් හප්පා (නේද?) එහෙව් මට ඒ සෙරම කරන.(මම වෙනුවෙන් නොවුනත් එයාටත් කම්මැලි නිසාවත් කරන එක ලොකු දෙයක්නෙව??)එයාත් රෑ එලිවෙනකන් සමහර දාට චට් කොරනවා...එයා ඉගෙන ගන්නේ අල්ලපු රටේ.. නිවාඩුවට මෙහෙට ඇවිල්ල (විනාසයි)... තෑන්ක්ස් කෙල්ලේ ඔයා හුගාක් හොදයි..ආ කියන්න අමතක වුනා නෙව එදා ටිමීගෙ පාර්ට් එක දවසෙ මෙයා මාත් එක්ක ගොඩ වෙලාවක් කතා කලා නෙව..

මේකෙ ඉන්න යාලුවනේ උබලව පබ්ලික් කලාට සමාවෙන්න. මට උබලට ස්තුති කරන්න වෙන විදියක් නෑ..

Comments

  1. හික්ස්.. එල මචෝ එල.. කොහොමහරි උබ යථාතත්වයට ආවනේ.. ඒ ඇති බොක්ක. බෙස්ට් ෆ්රෙන්ඩ් ෆෝ එවර් . .:)

    ReplyDelete
  2. ඒක නෙමේ...මගේ නමත් දාපන්..
    උඹ මේ කියන්නේ මොන කෑල්ල ගැනද?

    ReplyDelete
  3. @ තම්බියා: එල එල
    @ රත්ගමයා: යූ ඩෝන්ට් නෝ...;)

    ReplyDelete
  4. හ්ම්ම්..හුගක් හොද යාලුවෝ හොයන්න හරි අමාරුයි..

    ReplyDelete
  5. @ නිම්ශා:
    එහෙම හම්බ වෙන උනුත් ඇත්තටම යාලුවෝද කියල හොයගන්න ඊටත් වඩා අමාරුයි....

    ReplyDelete
  6. ගිය හකුරට නාඩන්නේ ........

    ReplyDelete
  7. @ කල්හාර අයියා:
    ඔව් අය්යා.. මන් මම ගව දැන් තියෙන දේවල් ගැන හිතලා හිනාවෙනවා..

    ReplyDelete
  8. @ කල්හාර අයියා:
    ඔව් අය්යා.. මන් මම ගව දැන් තියෙන දේවල් ගැන හිතලා හිනාවෙනවා..

    ReplyDelete
  9. @ කල්හාර අයියා:
    ඔව් අය්යා.. මන් මම ගව දැන් තියෙන දේවල් ගැන හිතලා හිනාවෙනවා..

    ReplyDelete
  10. මොනවයි කියන්න ඕන................කුප්ප කතාවක් කියන්නෙයි..............

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02