පුංචි කෙටිකතාවක්--02

"සර්..මම සර් ගෙන දෙයක් අහන්නද?..තරහ ගන්නනම් එපා සර්"
"කියන්න සාජන්"
"සර් අර උදේ එක්කගෙන ආව ගෑනු දරුවා කවුද?"
"ආහ්,, අයිසෙ ඕක අහන්නද තමුසේ මෙච්චර දැගලුවේ...ඒ මම නැවතිච්ච ගෙදර කෙල්ල"
"කෙල්ලනම් හැඩයි නේද සර්"
"සරත්,,, තමුසෙට මොකද හිතෙන්නේ.."
"සල්ලි තියෙන නිසා සර්ටත් බෑ කියන එකක් නෑ මම හිතන්නේ."
"බලමු බලමු අයිසේ"

"සර් අර ගෑනු ලමයා....."
"මොන මගුලක්ද අයිසේ තමුසෙ ඕක එලවනවද ..මම එලවන්නද?"

"සොරි සර් මම කියන්න හැදුවේ.. අර මිස් නේද ඉස්සරහා බස් හෝල්ට් එකේ ඉන්නේ.."
"සරත්ටත් මාර ඇස් දෙකක්නේ ඕයි තියෙන්නේ..ඉස්සරහින් මාව ඩ්‍රොප් කරලා තමුසෙ යනවා ස්ටේශන් එකට ..මම කෝල් එකක් දෙන්නම් තමුසෙට එන්න ඕන නම්.."
"අවුරුදු දහයක් කාකි ශූට් ඇදලම පොඩි දේත් ඈතදිම පේනවා සර්.."
"හරි හරි බයිල වැඩක් නෑ .. තමුසෙ මාව දාල යනවකෝ"
"ඕකේ සර්"


********************************

"එක්ස්කියුස් මී මිස්"
"යෙස්"

"හලෝ නංගී මේ කොහේ යන ගමන්ද?"
"අනේ අයියා අද දවල් වෙනකන් ලෙක්චර්ස් තිබ්බා. මේක තමයි ඉතින් ගෙදර යන වෙලාව."
"නංගී ඩිප් එක පටන් අරගෙන ගොඩක් කල් ද?"
"ඔව් අයියා..අන්තිම ප්‍රොජෙක්ට් එක විතරයි තියෙන්නේ.අද ඒකෙ වැඩ වලට නැවතුනා ටිකක්"

""අන්න බස් එක එනවා"
"අයියා කොහෙද යන්නේ?"
"මම ක්‍රිකට් මැච් එකක් ගහන්න යනවා,,එනවද ඔයා"
"විකාර"
"මමත් ගෙදර තමයි යන්නේ..අද නයිට ඕෆ්."


******************************************************************
"අතන හිස් ශීට් එකක් තියෙනවා.නංගි ගිහින් වාඩිවෙන්න"
"හා,,,ඉතින් අයියත් එන්නකෝ"
"අපෝ නංගිලාගෙ අප්පච්චි දැක්කොත් මට ආයෙත් කොවාටස් එකෙ කට්ට කන්න වෙනවනේ"
"මෙහෙ එනවා මනුස්සයෝ.."
ඇය ඔහුගේ අතින් ඇද වාඩි කරවාගනියි...

"කොහාටද"
"තනපත්විල හංදියට දෙකක් දෙන්න"
"එපා අයියා මම මට ගන්නම්"
"නෑ නෑ අද මට පඩ් මම ගන්නම්කෝ."
"හිම්.මෙහෙනම් ගන්න මට මොකෝ."
"මොකද හිනාවෙන්නේ?"
"ඔහොම පොලිස්කාරයෙක් දැක්කාමයි මම"
"කොහොම එකෙක්ද?"
"ඇයි ඔයාල බස් එකේ සල්ලි දීලා යන්නේ නෑනේ..."

"එක කාලකන්නියෙක් හැසිරෙන විදියට මුලු දෙපාර්තමේන්තුවම මනින්න බැහැනේ දරුවෝ"
"අප්පේ මාර වචන සෙට් එකක් නේ අයියට තියෙන්නේ"
"තෑන්ක්ස්.."
"අයියා ඉස්සරහින් බහිමු..එතනින් තියෙනවා ගෙදරට ශෝට් කට් එකක්"

"හා එහෙනම් ඉස්සරහට යන්"
"ඉස්සරහ හෝල්ට් බහිනෝ"




                                          ඉස්සරහ හෝල්ට් එකෙන් බැස්ස මම කපටි සුරන්ගනාවෙක්

Comments

  1. මුලින්ම මගෙන් සුභ පැතුම් අය්යේ.ලස්සනයි කතාව දිගටම ලියන්න.අපි බලන් ඉන්නව ඊලග කොටස දානකම්.

    ReplyDelete
  2. කපට් ‍වගේම දෙමළ ෆිල්ම් පිස්සෙක් ‍වගේ..;)

    උඹ මෙගා ටෙලියක් හදන්න නෙමෙයිනෙ යන්නෙ?...

    ReplyDelete
  3. ලස්සනයි මස්සිනා..සුන්දර ආදර කතාවක පෙරනිමිති..ලියමු ලියමු මගේ දිරිසවි තෙදබල

    ReplyDelete
  4. මට තේරුනේ නෑ නෙ

    ReplyDelete
  5. මේ ෆෝටෝ දාලා තියෙන ෆිල්ම් එක මම බලල තියෙනවා. Vinethandi Varuwaya නේද? කතාවත් කස්සනයි. අනිත් කොටසත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  6. මේකේ තව කොටස් තියෙනවදෝ??

    ReplyDelete
  7. මට මේක දැක්කම මතක් වෙන්නේ XXX movie එකක starting ඒක. අනේ මන්ද මගේ කුපාඩි කමද කියල.. හිකි හිකි.

    ReplyDelete
  8. @ ADK උබේ කුපාඩි කමම තමයි... මම බැලුවා මට මතක් උන එක තව එකෙක්ට මතක්වෙලා තියෙන කොට...

    @ හසියා:- තව දිගට තියෙනවද මේක ?

    ReplyDelete
  9. @ හිම හංසි: මම ලියාගෙන යන්නම්.. හැබැයි මට ඔයාලගෙ අදහස් ඕන.. ඔයාලාගෙ කොමෙන්ට්ස් නැවැතිච්ච දවසට පුංචි කෙටිකතාවක් කියන කියන එකත් නැවතීවි...

    @සාතන්: දෙමල පික්චර් වල තියෙන අපූරු ආදර කතාවලට මම හුගාක් ආසයි බන්..
    සමහර විට දක්ශ තිර රචකයෙක්ගෙ පලවෙනි පියවර වෙන්නත් පුලුවන් මේ පුංචි කෙටිකතාව....
    (නොදකින් මූම කියාඅගන්නවා නේ?)
    :P

    දේවසුරේන්ද්‍ර: මස්සිනා... නංගි ලස්සනයිද/? ;) මම තාම සින්ගල්...තෑන්ක්ස් මචන්.. අනිවා යසියට උබලගෙ සප් එක ඕන වෙනව මේක ඉස්සරහට ගෙනියන්න,,,,,

    චාටර් කොල්ලෝ: ඔව් බන් කතාවෙන් කතාවට මිනිස්සුන්ගෙ හැංගිච්ච චරිත ලක්ශන එලියට එන විදියටයි මම මේක ලියන්න හිතාගෙන ඉන්නේ... බලමු ....


    @ පිනිබිදු: මමත් දහපාරකට වඩා ඔය ෆිල්ම් එක බලලා තියෙනවා... ට්‍රිශා ක්‍රිශ්නන් වගේ කෙල්ලෙක් මගේ හීන කුමාරිය... එහෙම කෙල්ලෙක් දන්නවාද?


    @ දිලීප: තව ඕන නම් දෙන්නම්... ඔව් තව එකක් ලියලා තියෙනවා... ප්‍රතිචාර එන විදියට දිගටම ඇදගෙන යන්නයි හිතාගෙන ඉන්නේ...


    @ adk කොලූ: එහෙමද??? මම දන්නේ නෑ.. මන් ඕවා බලලා නෑනේ....

    ReplyDelete
  10. ලස්සන කතාවක්.. අද තමයි කොටස් තුනම කියෙව්වේ.. ඉතිරි ටිකත් ඉක්මනට දාන්න..

    ReplyDelete
  11. කතාව ලස්සනයි. පොලිස් කාරයෙක් ඉන්න නව කතාවක් කියෙව්වමයි. බලමු තව ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  12. @ dinesh": හැමදාම පුලුවන් විදියට කතාව ඉස්සරහට ගෙනියනවා බන්.. ඇවිල්ල බලලා අඩුපාඩු පෙන්නලා දීපන්.. ඒක ලොකු ගැම්මක්....

    ReplyDelete
  13. @ මදුරංග:
    මචන් මට බොරු කියන්න ඕන නෑ, මේ කතාවෙ තියෙන්නෙ මගෙ අත් දැකීම්, හීන බලාපොරොත්තු සහ ෆැන්ටසීන් සමුදායක්....

    ReplyDelete
  14. @ අපරාජිතයා: තෑන්ක්ස් .. කියෙව්වනේ උබ.. ඒක ලොකු දෙයක් බන්.....

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02