පුංචි කෙටිකතාවක්--03


"ශික්... අයියෝ"
"මොකද ඒපාර"

"ගෙදර යතුර අමතක වුනානේ"
"ඇයි අම්මලා නැත්ද අද ගෙදර.?"
"ඉන්නවානම් මනුස්සයෝ මෙච්චර නාහෙන් අඩනවාද?.
අද හිච්චි මාමලාගෙ ගෙදර දානේ.. එහෙ යන නිසා මට කිව්වා ගෙදර යතුර අරගෙන යන්න කියලා"
"හරි ශෝක්.. එහෙනම් එද්දී හවස් වේවි නේ"
"හ්ම්."


"බයයිනේ... මහ ලොකු චන්ඩියා.."
"මොකට බය වෙනවදා ගෙදර පොලිස් කාරයෙක් ඉදිද්දී."
"එහෙමද?"
"මොකද එහෙමද අහන්නේ?"
"ඇයි මම වෙන මොකක්ද කියන්න ඕන"

"වෙලාවකට හිතෙනවා ඔයා මොකට පොලීසියට ගියාද කියලා"
"ඒ මොකද එහෙම කියන්නේ?"
"ඇයි...කොහෙමත්ම ගැලපෙන ගතිගුනද තියෙන්නේ ඔයා ගාව???.. මූනෙ හැටි විතරක්.... හාමුදුරුවෙක් වගේ"
"මුලින්ම ස්ටේශන් එකකට දාපු දවසෙ ඕ අයි සී සර් නුත් ඇහුවා ඔය කතාව"

"ඉන්න මම තේකක් හදාගෙන එන්න.."
"අල්ලපු ගෙදරින්ද? හදන් එන්නේ?"
"අනේ සොරි අය්යෝ.. අමතක වුනා.."
"එහෙනම් එලම තමා...අම්මලා එනකන් ඉස්තෝප්පුවේ ඉන්න වෙන්නේ.."
"අපෝ නෑ..කලුවර වැටෙනකම් නාවොත් මම යනවා කන්දෙ ගෙදරට."
"මාව තනියම දාලද?"
"නැතුව..මට වැඩේමයි පොලිස්කරයෙකුට තනි රකින්න.."


***************************************************************************

"අයියා බැදලද?"
"නෑ මේ යස අගේට ඉන්නේ.."
"එහෙම නෙමෙයි..එහෙනම් කවුරු හරි ඉන්නවද එහෙම කෙනෙක්.."
"තාම එච්චර පින් කරපු කෙල්ලව හම්බ වුනේ නෑනේ"
"පුහ්.. හම්බවෙයි හම්බ වෙයි බලාගෙන යනකොට"


"මේ...."
"ගම් පලාතට හිත ගිහින් වගෙයි නේ?"
"මොකද එහෙම ඇහුවෙ..."
"ඇයි .. ඔලුව කරකව කරකව ගම වටේ දිහා බලන්නේ ලෙඩකටද?"
"පොලිස් කාරයෙක් උනාම වට පිටේ දේවල් ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන නේ"

"ඔයා ඒ ලෙවෙල්ස් වලට කලේ මොනවද?"
"මැත්ස්"
"කොයිකාලෙද විභාගෙ ලිව්වේ?"
"පලවෙනි පාරද දෙවෙනි පාරද?"
"පලවෙනි පාර.."
"අපෝ මතක් කරන්නෙපා... වැඩක් ෆේල්"
"රිසල්ට්ස් නෙමෙයි ඇහුවේ ඉයර් එක"
"දෙදාස් හත"
"එතකොට කැම්පස් අතෑරලා ආවයි කිව්වේ?"
"දෙවෙනි පාර කරාම බී තුනක් තිබ්බා"
"ඒකනේ.. මම ඔයාව දැක්ක මුල්ම දවසෙම හිතුව එක හරි එහෙනම්"

"මොකක්ද?"
"නෑ.. එක්කෝ ඕන නෑ"

"කමක් නෑ.. කියන්න හලෝ"
"හැබැයි තරහාවෙන්න බෑ ඔන්න"

"හා හා. කියන්නකෝ"

"පිස්සෙක් කියලා"




පුංචි කෙටි කතාව ඉස්සරහට අරගෙන යන මම
 පිස්සු සුරන්ගනාවෙක්

Comments

  1. ස්තූතියි බන්..

    ReplyDelete
  2. ඉතුරු කොටසත් දාන්ඩෝ...

    ReplyDelete
  3. එල එල ඉතුරු ටිකත් දාබන්කො

    ReplyDelete
  4. @ පිනිබිදු: මට හිතෙනවා කතාව පෝස්ට් හය හතකට වත් ගෙනියන්න..හැබැයි ඔන්න කියවන්න...නැත්නම් යසියා ලියන එකෙ වැඩක් නැහැනේ..

    ReplyDelete
  5. නියම කතාව. තනිකරම දෙබස් වලින් ගේම ගෙනියන්නේ. කෙල්ල පොලිස් කාරයාට ආදරේ කරාවිද ? පොලිස්කාරයාගේ හිතේ කෙල්ල ගැන ආදරයක් තියේවිද ???

    ReplyDelete
  6. @මදුරන්ග:
    දෙබස් අස්සට මම රින්ගුවාම කියවන අයගෙ නිර්මානශීලිත්වය නැති වෙනවා කියලා හිතුනා,,ඒ ක්‍රමය හොදයි නේද?

    ReplyDelete
  7. මචෝ පෝස්ට් 2-3ක් කියවල රස වැටුණාම 2010 මුල් පෝස්ට් එකේ ඉඳලම කියෙව්වා......

    අපරාදේ කියන්න බෑ.. හරිම creative...

    පොතක් ලියපන්!!!

    ReplyDelete
  8. @ ඇනෝ: නමක් නැතුව වුනත් උබ දුන්න අදහස රත්තරන් වලටත් වඩා වටිනවා ඇත්තමයි මචන්..මුලු බ්ලොග් එකම කියෙව්වට ආයෙමත් තෑන්ක්ස්.. මේ කතාවේ අඩුපාඩු කෙලින්ම කියපන් පුලුවන්නම්.. ඒක මට ලොකු හයියක්,,,

    ReplyDelete
  9. @ kidO: ආයෙත් ඇවිත් පලයන්...

    @පොඩ් මෑන්: සප් එකට තෑන්ක්ස්සිස්සරහටත් ඔහොම්මම ඕන...

    ReplyDelete
  10. @යසියා :
    පට්ට. මේ ක්‍රමෙන්හරි කටින් කියලා හරි නවකතාව කියනවනම් එල. අපි කියවන්න ඉන්නේ කෝම කිව්වත් වැඩේ ලස්සනයි.

    ReplyDelete
  11. හි හී තෑන්ක්ස් තෑන්ක්ස්.. සමාවෙයන් කතාව නැවැත්තුවා බන්...

    ReplyDelete
  12. වැඩේ නැගලා යනවා .........
    ඔහොම යං ........ ඔහොම යාං .......

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02