!!යසියා නම් දාර්ශනිකයා මෙසේ පැවැසූ වගයි!!

"ඔබ කවුරුන්දැයි දෙවියන් වහන්සේ තීරනය කර ඇතත් ලෝකයා නුබ කවුරුන්දැයි දැන ගන්නට නම් නුබ සතු දෙවියන් වහන්සේගේ දායාදය ලෝකයාට ප්‍රදර්ශනය කල යුතුය"

පොඩි කාලෙ ඉදන් මට පුංචි පිස්සුවක් තිබුනා..
"මම හිතාගෙන හිටියෙ මම මනුශ්ය ස්වරූපයෙන් ඉන්න දෙවියෙක් කියලා"

එහෙම හිතන්න හේතුවක් තිබුනා..මට පුන්චි කාලෙ ඉදන්ම පුරුද්දක් තිබුනා. මොකක් හරි පුංචි දෙයක් දැක්කම ඒදේ මගේ කරගෙන ඉන් ඉස්සරහට ඒදේ එක්ක සම්බන්ද කරලා හිතේ කතන්දර මවන එක..

"මනෝ ගහන එක කියන්නේ"
ඒක සාමන්ය දෙයක් වුනාට මට ඒක ඕනවටත් වැඩිය තිබුනා..
නිදාගන්න ඉස්සෙල්ලා ඇස්දෙක පියාගෙන පොඩ්ඩක් මොකක්හරි පුංචි සිද්දියක් මතක් කලාම..ටිකවෙලාවකින් හීනෙන් වගේ මමත් දන්නේ නැතුව මහා දිග කතන්දරයක් මැවීගෙන යනවා...සමහර වෙලාවට පහුවෙනිදා උදේට නැගිටිනකන් එකම දිගට එකම කතාවක්...

පොඩ්ඩක් හිතන්නකෝ ෆිල්ම් එකක බලන්න වගේ..
"මේ පුරුද්ද නිසා මම දුක් වෙච්ච වතාවල් අනන්තයි.."
(වල් කමට හිතන්නෙපා හලෝ)

ලස්සන කෙල්ලෙක්ව..එහෙමත්ම නැත්නම් ගුනගරුක කෙල්ලෙක්ව මතක් වුනොත් නිදාගන්න කලින් ඉතින් පහුවෙනිදා නැගිටිනකොට හීනෙන් කසාදත් බැදලා...ලමයිනුත් හදලා...

"මූලික වෙන සිදිදිය කෙල්ලෙක්ව දැකීම විතරයි"

"ඉතින් හැමදාම මැසේජ් කරන කෙල්ල ගැන කවර කතාද?"

අනාගතය ගැන ලස්සනට හීන මවන හින්දද කොහෙද..මම හුගාක් නින්දටම බරවෙලා.....

කාට කියන්නද ඉතින් මේවා මම.....

මට මේ බ්ලොග් කියවන ඔයාලගෙන් දෙයක් දැනගන්න ඕන,

"මේ ප්‍රශ්නෙ මට විතරක් පොදුවෙච්ච දෙයක්ද??"

ඔයාලට හිතෙන දේ කියලා යන්න...

පඩත්තල ටෝකක් දීලම ලිපිය නවත්වන්නම් එහෙනම්.....

"ආදරය යනු හුදෙක් පරිත්යාගයකි..මා නුබට ආදරේ වූ පලියට නුබ මට ආදරය කල යුතුම නැත. එනිසා මාහට ආදරය නොකරන්නැයි කියන්නට නුබට අයිතියක් නැත. මන්ද... ආදරය වනාහි නුබ විස්ඩම් එකේ සිමා වලට ඉගෙන ගන්නා බිස්නස් එකක් නොවෙන බැවිනි"

දිවැතිතුරා නුබට මොකක්දෝ කරනා මම...

 (මෙතනින් මාව බුකියේ ඇඩ් කරගන්න පුලුවන්) 


Comments

  1. මාරයිනේ.. මට නම් එහෙම වෙන් නෑ මචං.. ඇදට වැ‍ටුනම දිගටම නිදි

    ReplyDelete
  2. අපිටත් ඔය දේ තියනවා මචං.. අපිටත් කෙල්ලෙක් දැක්කොත් හීනෙන් ඔය වගේ දේවල් පේනවා. හැබැයි වැඩේ කියන්නේ ඔය හැම එකේම ළමයි හදන වැඩේ උනාට කසාද බදින කෑල්ල තමා අඩු.

    උබේ ආදරේ ගැන කතාවනම් ඇත්ත. හැබැයි ඕව තියෙන්නේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොත්වල විතරයිදෝ කියලත් හිතෙනවා.

    ReplyDelete
  3. හික්ස්.. පඩත්තල කියන වචනේ කොහෙන්ද හොයා ගත්තේ?? ඒක අම්බලන්ගොඩ වචනයක් නේ??? එල එල මචං.. මනෝ ගහන එක හැමෝටම පොදුයි.. ඒත් උඹ මනෝ ගහන විදිය තව එකෙක් මනෝ ගහන විදියත් එක්ක සසඳන්න පුලුවන්ද???

    ReplyDelete
  4. තවත් එකක් මේක උබේ 50වෙනි පොස්ට් එක නේද??? මගේ උණුසුම් සුබ පැතුම් මචං...

    ReplyDelete
  5. "ආදරය යනු හුදෙක් පරිත්යාගයකි..මා නුබට ආදරේ වූ පලියට නුබ මට ආදරය කල යුතුම නැත. එනිසා මාහට ආදරය නොකරන්නැයි කියන්නට නුබට අයිතියක් නැත."

    මේ කතාවට නම් මම අත් දෙකම උස්සලා එකඟයි ......

    ඔයාගේ අත්දැකීම ඔයාට විතරක් නෙමේ හැමෝටම පොදු දෙයක් .......

    ඒ ගැන වැඩිය හිතන්න දෙයක් නැහැ ....

    ReplyDelete
  6. මටත් ඔය හීන පේන එක නම් තදේටම තියෙනවා.
    හුග වෙලාවට කලර්ඩ් ඒවා තමයි දකින්නේ.
    මට තියෙන්නේ හීන ගැන ඔයිට වඩා වෙනස් කතාවක්. සිරාම සිරා හීනයක් දකිද්දි මොන හේතුවක් නිසා හරි ඇහැ ඇරුනා කියමුකෝ.ඒ වෙලාවට ඉතිං..මල කොහෙන් පනිනවද කියලා හිතා ගන්නත් බෑ නොවැ. මම කරන්නේ - අනේ අර හීනේ ඉතුරු ටික මට ආයෙම පෙනේවා කියලා හිතාගෙන තදින් ඇස් පියා ගෙන ඉන්නවා. ඇත්තමයි මචං...විනාඩියක් යන්න කලින් මම ආපහු තද නින්දට වැටිලා අර සිරා හීනේ ඉතුරු ටික ආයෙම දකින්න පුලුවන් වෙනවා..
    කැමති කෙනෙක්ට ට්‍රයි කරලා බලන්නත් පුලුවන්.
    ඒක තමයි මගේ කතාව.

    ReplyDelete
  7. "ලස්සන කෙල්ලෙක්ව..එහෙමත්ම නැත්නම් ගුනගරුක කෙල්ලෙක්ව මතක් වුනොත් නිදාගන්න කලින් ඉතින් පහුවෙනිදා නැගිටිනකොට හීනෙන් කසාදත් බැදලා...ලමයිනුත් හදලා..."
    ආන් ඔය ලෙඩේ මටත් තියෙනවා

    ReplyDelete
  8. තමන් ආස කරන දෙයක් ගෑන මතක් කරාම හිනෙන් ඒක පේන එක මම හිතන්නෙ ස්වභාවිකයි මොකද අය්යෙ මමත් එහෙම හින දෑකල තියෙනවා අනන්තවත්.ආදරය බිස්නස් එකක් කරගත්ත අයත් මේ ලෝකෙ ඉන්නවා කියල මතක තියාගන්න අය්යෙ.ඔයා කාටහරි ආදරෙයි නම් එයාට ඒක කියන්න.ඔයාට එයාව ලෑබෙයි.

    ReplyDelete
  9. ඔය ෆොටෝ එක දාලා තියෙන ෆිල්ම් එක මම බලමින් ඉන්නෙ.

    ReplyDelete
  10. ගණන් ගන්න එපා මල්ලි..ඔය ලෙඩේ ඔහොමම මටත් තිබුනා..
    සබ්බේ සත්තා උම්මත්තකා..!

    ReplyDelete
  11. හෙහ් ... ඕය පොඩි සිද්ධියක් ලොකු කතන්දරයක් කරන ලෙඩේ මටත් තියෙනව... නිදිමතත් එහෙමයි...

    කෙල්ලො ගැන හිතන්න කලින් වැඩියම දැක්කෙ කවුරු කවුරු හරි එක්ක ගුටි ඇනගන්න ඒව... පස්සෙ කෙල්ලො ගැන... දැන් නම් කෙල්ලෙක් හීනෙන් දැක්ක ගමන් බය වෙලා නැගිට්ටෙනව... :)

    ReplyDelete
  12. "ආදරය යනු පරිත්‍යාගයකි"

    හරියටම හරි යාළුවා.. ඔය කියන සිහින මටත් තියෙනවා.. ඉස්සරනම් ඒතරම් තිබුනේ නෑ..

    ReplyDelete
  13. අනේ අපොයි මටනම් ඔය කරදරේ නැහැ මචෝ... වැ‍ටුනද මලා වගේ නින්ද ගියා.... හැබැයි ඔය දවල් වරුවටනම් ෆැන්ටසි ගහනවා සෑහෙන්න

    ReplyDelete
  14. මටත් ඔය විදිහට හීන පෙනුනට ඔහොම හීන නම් කවදාවත්ම පෙනිලා නෑ.

    මම දන්නෙත් නෑ ඕක මොකද්ද කියලා කියන්න.

    ReplyDelete
  15. ඕක බොහොම සාමාන්‍ය ලෙඩක් මල්ලෝ. කෙල්ලො කොල්ලො හැමෝටම පොදුයි. හැබැයි ඕකම තමයි අපේ හෙනේ. මක් කරන්නද ඉතින් හීන පේනවනෙ. මොකෝ නිදා ගන් නැතුව ඉන්නයැ ඕවා පේනවා කියලා..

    ReplyDelete
  16. මටත් කියන්න තියෙන්නේ කල්හාර සහෝ කිව් ටිකම තමා.

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02