සිහිනයක් අභියසදි ඇයි මේ තරම් වේදනා?????

අවුරුදු ගානක් ඒ ලෙවෙල් පන්තියේ දුක් වින්ද මිලියනගානක් අතරින් සිහිනයය සැබෑකරගත්ත කිහිප දහසටත් මොකට සිහින සැබෑ වුනාද කියල හිතෙන කාලයක් මේ........

අනුන්ගේ අත්දැකීම් මොකටද අප්පා... මම මගේ අත්දැකීම් එක්ක මේක ලියන්න හදන්නේ... ටිකක් ඇඩ් එකක් වේවි....ගනන් ගන්න එපා හොදෙයි....


පලවෙනි පාර ගනිත අංශයෙන් විබාගය ලියලා ගියා මම SLIIT එකට... ගිහින් සතියයි... රිසල්ට්ස් ආවා.....
"SSF"
හුටා.....මැත්ස් ෆේල්....
අම්මගෙන් ඇහුවා අම්මේ මොකද කරන්නේ??
අම්ම කියපි ....
"වරෙන් පුතේ ගෙදර"
මම ආවා....ආයෙත් ඒ ලෙවල්ස් කරන්න........
(ඒ ඇත්තෝ මම ගෙවපු ගානෙන් 90% ක් ආපහු ගෙව්ව එකට පින්....)

 ඊට පස්සෙනෙ ආතල් වෙන්නේ....
"මොකද ලමයෝ වුනේ??"
"පොඩි කාලෙ කොහොම හිටිය ලමයින්ද???"
"වැටුනු යාලුවො හරි නෑ "
"පන්ති ගියේ කා ගාවටද?"
"කොහොම හරි මේ පාරවත් විබාගෙන් පාස් වෙන්න බලන්න"
"මොන දේ කරන්නත් ඒ ලෙවෙල් තියෙන්න ඕන"

ගෙදරට එන .. දකින හම්බවෙන..හැමෝම අහුවෙයි කිව්වෙයි විබාගෙ ගැනමනේ...

සිංහයෙක් වුනත් ලෝම නැතුව දිවියෙක් වගේනේ
කියන ඕන දෙයක් අහාගෙන මමත් හිටියා....

ඊ ලගට නියම ෆන් එක...
යන්න එපායැ පංති...
"හූ"
"අඩෝ අන්න ඩිග්‍රී කරන්න ගියපු එකෙක් ආයෙත් පංති එනෝ"

නස්තාර් කතා කෝටියයි.....

හැමදාම පුරුදු කොට කලිසමයි ටී ශර්ට් එකයි ඇදගෙන මහ පාරේ මාව දැක්කාම...දන්න කියන මිනිස්සු...

"අතට පයට සේරම දේවල් දීලත් අන්තිමට ඉගෙන ගත්තේ නෑ"
"රස්තියාදු කාර ලමයි"
"පවට ඉපදෙන දරුවොනේ දෙමවු පියන්ගේ  අවාසනාව"
"දුවේ... උබ එහෙම යන්නෙ නෑ ආයෙත් ඕකත් එක්ක කතාවට"


අපෝ මට ඇහෙන්න කිව්ව කතා....


හැබැයි දෙවෙනි පාර රිසල්ට්ස් ආවම බලන්න ඕන අම්මගේ කතාව....
"BBBක් ගත්ත එක හොදයි... ඒත් මදිනේ.. අපි ඒකාලේ කිව්ව දේවල් ඇහුවේ නැහැනේ...තව මහන්සි වෙන්න තිබුනා"
අම්මට පලවෙනි පාර මගෙ රිසල්ට්ස් අමතක වෙලාද කොහෙද???
පව් අප්පා ... වයසක මිනිස්සුනේ....

යාලුවොන්ට රිසුල්ට්ස් කිව්වාම...
"අනේ පලයන් බොරු කියන්නේ නැතුව"

අර ඉස්සර ගූ ටෝක්ස් දාපු මිනිස්සු...
"පුතාගෙන් ගියපාරම අපි ඔය ප්‍රතිපලේ බලාපොරොත්තු වුනා"

වෙනදා මූනවත් නොබලපු ගෑනු ලමයි..
"ආ... යසියා... කොහොමද???..."

ඔහොම ඔහොම ඉදලා ආවා යන්න දවස් දෙකක් තියලා ගෙදරට නායකත්ව පුහුනුවක්ද මොකක්ද එකක්....
"හිකේයියා... හැදුනානේ කොන්දේ අමාරුවක්...ඒකටත් පොල්ල"
එස් බී මාමා පත්තරේට කියල තිබුනා....මෙන්න මෙහෙම

"මේ අපේ රටේ දරුවෝ...නායකත්ව පුහුනුවට නොගියා කියලා විශ්ව විද්යාලයට යන්න අපි බැරිකරන්නේ නෑ"

අනේ එස් බී මාමා බුදු වේවා...

මට කැම්පස් යතෑකි...

ඊයෙ ආපි ලියුමක්....

"university of colombo"
"physical science"

එල එල...

අඩේ මමත් දැන් කැම්පස්....

ජුලි 20 වාර්තාකරන්නලු...ලියුම් කියුම් පොට්ටනියකුත් අරගෙන.....
වැඩිදුරක් නෑ 120KM නේ.....පැය තුනේ ගමන....

අඩේ ඊලගට තව මොකක්ද විබාගයක්ලු...

"කඩ්ඩයි...කොම්පූටරෙයි"
"බුකිය ගැනත් අහනවද ??"

 අනේ අප්පා.... ඔන්න ඔය වෙලාවට තමයි හිතෙන්නේ.....

"මොන කරුමෙකට කැම්පස් සිලෙක්ට් වුනාද කියලා"

මොනවා කරන්නද?... දැනට කැම්පස් යන්න වෙනවා....

පොලීසියට ආයෙත් උප පොලිස් පරීක්සකලා ගන්නේ ලබන පෙබරවාරිනේ..???

එතකන් කැම්පස් යනවා...කොහොමත් මොනව හරි කරන්නත් එපායැ.....






කැම්පස් යන්න බලන් ඉන්න මම
       යසියා


Comments

  1. Hadawathinma sathutui malaya...

    Policiyata yanawata wada hodai malli degree eka hariyata karanna....

    ReplyDelete
  2. ​තෙල් මල් අරගෙන අපි යමු කැම්පස්... හි හි සුභ පැතුම් යසියෝ...

    ReplyDelete
  3. සාර්ථකත්වයත් අසාර්ථකත්වයත් ලග අවට ඉන්න මිනිස්සු අපෙන් දුරස් වෙනවා ලං වෙනවා.. ඕවා ඔහොම තමයි..
    කැම්පස් යන්න ලැබුන් එකට අපෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
  4. මචෝ ඩිග්‍රිය අරන් පලයන් පොලිසියට. එතකොට පාරවල් අයිනේ චොර වෙන්න ඕනේ නෑ. කෙලින්ම හොද පොස්ට් එකකට යන්න පුළුවන්. මට නම් අවංකවම පොලිසිය අරහන්. ඒත් පුළුවන් නම් පොලිසියට ගිහින් අපි වගේ මිනිස්සුන්ට පොලිසිය එපා නොවෙන තැනක බවට පත්වෙන්න දෙයක් කරපන්. සුබ....

    ReplyDelete
  5. මුලින්ම කියන්නම් හදවතින්ම සුබ පතනවා විශ්ව විද්‍යාල ජීවිතයට.

    මල්ලි මොන දිස්ත්‍රික්කයෙන්ද උසස් පෙළ ලිව්වේ මම නම් B තුනකට ඉංජිනියරිනුත් සිලෙක්ට් වෙලා කැම්පස් ගිහින් අවුටුත් උනා. මම නම් ලිව්වේ ගම්පහින්. කටෝෆ් මාරම අඩුයි.

    ReplyDelete
  6. මචං මමත් ඔහොම සුන්දර සිහිනයක් දැක්කා...හැබැයි දැන් නම් ඇස් දෙකෙන්ම ඇහැරලා තමා ඒ හීනේ විඳ ගන්නේ....කැම්පස් යන එකට සුභපැතුම්....ගිහින් පුළුවන් තරම් ඉක්මනට එළියට එන්න ට්‍රයි කරපන්(අවුරුදු 4න්ම).....

    ReplyDelete
  7. අඩෝ සිරාවට සතු‍ටුයි ඈ...... ඔහොම තමයි බං කෙල උනු වෙලාවට හිනා උනු උන් අපි ගොඩ ගිය වෙලේකට අපි ලඟට එන්නෙ බඩගාගෙන....

    ReplyDelete
  8. අපි අද යම් සැපක් විඳිනවා නම් ඒ සියල්ල ලැබුනේ අධ්‍යාපනයෙන් . බොහොම සාමාන්‍ය මිනිස්සුන්ගේ දරුවෝ අපි. ඉගෙන ගන්න ලැබෙන අවස්ථාව මග හරින්න එපා. කි දෙනාටද ඕක ලැබෙන්නේ. සුබ පැතුම් .

    ReplyDelete
  9. බොහොම සතුටුයි ! ඔය එක එක විකාර කියවන්නේ නැතුව කැම්පස් යන්න . ගියාම තේරේවි මොන තරම් ජොලිද කියාල.. අපි තාමත් හිතින් ආපහු ගිහින් එනවා..

    ReplyDelete
  10. හදවතින්ම සතුටුයි මලයා ...

    පොලිසියට යනවට වඩා හොඳයි මල්ලි ඩිග්‍රි එක හරියට කරන එක මම හිතන්නෙ ....

    ReplyDelete
  11. A/L ගැන අර කියලා තියෙන ටිකනම් ඇත්ත තමයි. අපේ මිනිස්සුන්ගෙ සැලකිලි වෙනස් වෙන්නෙ අමුතුම රටාවකට.
    බොහොම සන්තෝසයි සරසවි ගමනට. දිගු ගමනක් යන්නට හැකි ෆීල්ඩ් එකක් ඔය. සුභ අනාගතයක් පතනවා.

    ReplyDelete
  12. සුබපැතුම් මලයා. පලයන් ගිහින් හැමදේම ඉගෙන ගනින්. පිස්සු කෙලපන්. ඒත් කරන දේ හරියට කරපන්. ඕක තමයි ජීවිතේ සුන්දරම කාලෙ.

    ReplyDelete
  13. සුබපැතුම් මලයා. පලයන් ගිහින් හැමදේම ඉගෙන ගනින්. පිස්සු කෙලපන්. ඒත් කරන දේ හරියට කරපන්. ඕක තමයි ජීවිතේ සුන්දරම කාලෙ.

    ReplyDelete
  14. සතුටුයි...මලේ..උඹ ගැන.
    කැම්පස් ගිහින් හොදට ඉගෙන ගන්න..

    හැබැයි..එහේ යාලුවෝ සෙට් උනාම..අපට මොනා වෙයිද..දන්නේ නෑ..නේද.

    ReplyDelete
  15. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...................

    ReplyDelete
  16. සතුටුයි මල්ලි. සුභපැතුම් අනාගතේට.

    ReplyDelete
  17. නියමයි මලයා නියමයි.
    දැන්ම පොලිසියට ගියොත් සොක්කෙක් තමයි වෙන්න වෙන්නෙ. ඒ නිසා කිව්වත් වගේ ඩිග්රිය ගහලා පස්සෙ බැරිය ඕව. දැන් ඉතින් හොඳට වැඩ කරන්න ඕන මල්ලි. ඉඳල හිටල හරි අපිට ලියන්න.
    Wish u all the best.

    ReplyDelete
  18. ado suranganalokaya... Kalekata passe campus enagaman onna nikamata wage 4n eken feeds tika update karala surangana loketath goda una. Haththilawway... Mu me apith ekka galle hitapu ekekne! Balapan eketh heti? Loke kiyo kiyo hitiyata liyapu eka lagama hitapu ekek kiyala danne ada! Hari hari apith colombo physical thama. Ewith hoyagannamko suranganaLOKAYA....

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02