කවුද මේ ලෝකෙ මම දැකපු ලස්සනම කෙල්ල???


 මේ ලෝකෙන්ම ලස්සන කෙල්ල කවුද?
"ට්‍රිශා ක්‍රිශ්නන්"
ඇයි එහෙම කිව්වෙ?..
ආහ්.. එයා මගේ ආසම නිලිය නිසානේ...
එයා නෙමෙයි මගේ ඇස් දෙකට ලස්සනම කෙල්ල...
එහෙනම් කවුද?
"ආහ් එයා නෙමෙයිද?"
"නෑ"
"එයා නෙමෙයිද?"
"නෑ"
"එයා නෙමෙයිද?"
"නෑ"
" එහෙනම් කවුද?"
" :D"


" එහෙනම් මේ පින්තූරෙ ඉන්න Kristen Stewart ද?"
"අනේ නෑ.. එයා නෙමෙයි"
"එහෙනම් එයා මොනවගේ කෙනෙක්ද?"
"ලස්සන දුඹුරු පාට ඇස් දෙකක් තියෙන
කොට මහත නාහයක් තියෙන..
යන්තමට තඹ ටිකක් දිග කෙස් තියෙන..
අහින්සකම අහින්සක යුවැතියක්"

" අපෝ ඔච්චරම අහින්සකද?"
"අනේ නෑ.. වෙලාවකට නපුරුයි"

"එහෙනම් අර කිව්වේ අහින්සකායි කියලා"




"ආහ් ඒ... ලෝකෙටම හොරා අමාරුවෙන් දුක හිතුනම ඒක හංගගෙන..තනියම පැත්තකට වෙලා..මූන කදුලෙන් පුරෝගෙන අඩන හින්දා.."

"ආ ඒන් මේන් මට කියන්නත් අමතක වුනා... මම එයාට සින්දුවකුත් ලිව්වා...."
කියන්නකෝ බලන්න"
"දන්නවනේ මට සින්දු කියන්න බැහැයි කියලා"

හොදයිද බලන්න...

ලස්සන ඇස් දෙක දිහා බලාගෙන බොරුවක් කියන්න බෑ සත්තයි..
සියුමැලි කම්මුල් යුවල හිනාවෙන වෙනතක බලන්න බෑ ලෝබයි..

නුබෙ සුවදට හිත ඇදිලා...
ඔය වන් පුසුබක් සෙවූතරම්...
හසරැල්ලට මත් වීලා..
ඔබ වගේ රූපයක් සෙවූ තරම්...

සිහින දිගන්තේ... තුරුල් වෙලා...
දේදුනු සේද ගත දවටා..
මැවූ ලෝකය නුබ මා හා....
කොහේ තනන්නද...මා...

දෙනෙත්හරින්නට ඉඩදෙන්න...
හිතේ හැගුම් හන්ගාගන්න......
සියුම් පියාපත් සවිනැති දෝ...
නුබ මායාවක් එය නොදැනෙයි දෝ.....

පෙරදිගින් හිරු එනවා....
තවදුරටත් නුබ වෙලා ගන්න බෑ...
සිහින නිමා වෙනවා....
හීන බොද වෙනවා.......

ලස්සන ඇස් දෙක දිහා බලාගෙන බොරුවක් කියන්න බෑ සත්තයි..
සියුමැලි කම්මුල් යුවල හිනාවෙන වෙනතක බලන්න බෑ ලෝබයි..



Comments

  1. හ්ම්ම්ම්..ආදරය හරි පුදුමයක්....!!

    ReplyDelete
  2. ඔව්... මේ ලෝකේ දැකපු ලස්සනම ගෑණු ළමයා එයා තමයි... දුකක් හිතුනම ලෝකෙටම හොරා අඬන, පැත්තකින් ඉඳගෙන ලෝකේ නැති දේවල් ගිරවියෙක් වගේ කියවන, වෙලාවකට අම්ම කෙනෙක් වගේ උපදෙස් දෙන, මොන දේ උනත් ලඟින්ම ඉන්න එයා තමයි... මගේ ආදර පාරෝ...

    දේව්දාස්...

    ReplyDelete
  3. කොල්ල පොටකට එනවා වගෙයි..

    .

    ReplyDelete
  4. කාලයක් බ්ලොග් එකටත් නෑවිදින් ආදරයක් හොයා ගෙන ගියාද? හිත රිදිලා වගේ ලමයගේ...

    ReplyDelete
  5. ලස්සන කියන එක එක් එක්කෙනාගේ දැක්මෙ හැටියට වෙනස් වෙනවා ........

    හොඳ පෝස්ට් එකක් ......

    ReplyDelete
  6. හ්ම්ම්... මේ ලෝකේ මම දැකපු ලස්සනම කෙල්ල. ඕනෙම කෙනෙක්ට තමන් ආදරේ කරන කෙනා තමයි ලෝකෙ ලස්සනම කෙනා.. කොච්චර අඩුපාඩු තිබුනත්, කොච්චර නොගැලපීම් තිබුනත් ආදරේ ඒ ඔක්කොටම වඩා බලවත් වෙනවා

    ReplyDelete
  7. @මකුළු පැංචි : ඔව් අම්මපා...

    @දේව්දාස් : බොන්න ඕන ප්‍රශ්නයක් නේද?

    @සරත් ලංකාප්‍රිය : ඒව එන පොටවල් නෙමෙයි..කියාගන්න බැරි දේ ලියල දැම්මා.. දැන් හිතට පුදුමාකාර සනීපයක් දැනෙනවා...

    @ රහස් පරික්ෂකයා: මොනවාද???

    @ කැමීලියා : බ්ලොග් එකට එන්න බැරි වුනේ, මට බ්ලොග් එකේ ලියන්න කියල දෙයක් හොයාගන්න බැරිව ගියපු නිසා...

    @ පන්සල් හංදිය : ඔව්... ඒත් අපිට අපේ හිත රවට්ට ගන්න පුලුවන්... හිත හරි මෝඩයි...

    @ ප්‍රාර්ථනා: ආදරය කියන වචනයට තියෙන තේරුම ගනනට ගැලපෙනව වුනත්. අද මිනිස්සු ආදරය කියන වචනයට දීල තියෙන අර්ත නිරූපනයත් එක්ක.. ඒ හැගීමට ''ආදරය'' කියල පාච්චල් කරන්න මම කැමති නැහැ...

    ReplyDelete
  8. මට හිතෙන්නේ එයා හරී සුන්දරයි..;)

    ReplyDelete
  9. මචෝ මන් එදත් එක උබට කිව්වා.....
    උබ ඇහුවේ නෑ මන් කිව්ව එක.

    ReplyDelete
  10. හ්ම්ම්... අමුතුයි... ආදරේ හරි පුදුමයක්....තම් ආදරේ කරන කෙනා තමා කාට වුනත් ලස්සනම..

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02