උදව්වක් අවශ්‍ය වී ඇත..."දැන් ඉතින් මා කුමක් කරන්නද??"

"මායාවත් යතාර්තයත් අතර තියන වෙනස වටරාගනු නොහැකිව, තනාගත් මිත්‍යා මිටියාවතක සිරවී සිටි මා හට..නුබේ සොදුරු රූපය දුටු ප්‍රතම දිනයේ සිටම ලයෙහි කොනක සැගවුනාවූ කුමක්දෝ වටහාගත නොහැකි හැගීමක්....."


"මේ මොකක්ද ?? මේක නිකන් කුනුහර්ප වගේ..ලිව්ව මටත් තේරෙන්නෙ නැතිනම්......"
මෙච්චර වෙලා ලිය ලිය හිටපු ලා නිල් පාට A 4 කොලය ගුලි කරල මේසෙට යටින් තිබ්බ කුනු කූඩෙට විසික් කලා...

" මොකද බන් හෙලයේ බිහිවූ සිරාම රචක ඩයල් එක හිරවෙලා තියෙන්නෙ..මොලේ නහර හිර වෙලාද???.. ඔය කොල උබට වැඩිනම්  දීපන් මට ගනන් හදන්න...."

"නෑ...මම මේ බ්ලොග් එකට දාන්න කියල පෝස්ට් එකක් ලියනව බන්... තාම පට්ට එකක් ලියවුනේ නෑ..."

"ඒයි කවදා ඉදලද උබ ඔය කොලවල ලිය ලිය බ්ලොග් එකට දාන්නේ???..
මම නම් දන්න විදියට උබට හෙනම චේතනාවක් ආවම කරන්නේ දවස් දෙක තුනක් පැත්තකට වෙලා කල්පනා කර කර ඉදලා... ගෙදර කාටවත් ඇහුවම කියන්නෙත් නැතුව...තනියම සින්දු අහන එකනේ....
ඊට පස්සෙ හිතේතියෙන කුනු සේරම බ්ලොග් එකට දාලා අන්තර්ජාලයේ රෙදිගලව ගන්නවා..."

"අනේ පලයන් උබේ වැඩක් බලාගෙන.."

"උබ කොහෙද යන්නේ ඔය.."

"හා.. උබත් උබේ වැඩක් බලාගනින්.."

ආහ්... ෆට්ට ෆට්ට... මම විතරයි දැන්හ් ගෙදර.. තනියම...

"රජා මමයි අපේ රාජ්ජේ...
නෑ නෑ නෑ..
රජා මමයි මගේ රාජ්ජේ"


කරන්නනම් හුගාක් දේවල් තියෙනවා.. මොනා කරන්නද කියල හිතාගන්නත් බෑ අප්පා..

+හැංගිමුත්තම් මුත්තම් කරනවද? (single player mood)
+කාඩ් ගහනවද? (ඒකත් single player mood)
+movie එකක් බලනවද?
+නිදා ගන්නවද?
+කනවද?

බලන්න යලුවා මගේ life එක කොච්චර complicated ද කියල...... මම මොනවා කරන්නද හිතාගන්න බෑ....

Comments

  1. මොකද මචං මේ වෙලා තියන්නේ..
    ආදරයක හිත පැටලිලාද?

    ReplyDelete
  2. මට පේන විදිහට -හොද හැංගිමුත්තමකට- සෙට් වෙන්න හදනවා වගේ.

    ReplyDelete
  3. ඔහොම තමයි ඉතින්,
    සෙට් වෙලා මැච් එකක් ගහමු.......

    ReplyDelete
  4. මොනා හරි ජීවිතේට වැදගත් යමක් කරපං මලයා, එක්කෝ අධ්‍යාපනේට සම්බන්ද නැත්නම් ජීවිතේට ගන්න පුලුවන් දෙයක් .......

    ReplyDelete
  5. මං නං කියන්නෙ කාඩ් ගහන්න...;)
    අනික් පැත්තෙ කෙනා හොරකරද්දි තමන් එක්කම රණ්ඩු කරන්න...:D

    ReplyDelete
  6. ආහ්...මගෙත් නම් වැඩේ මොනාම හරි හිතුනොත් ලියනවා..දැන් නම් එහෙම වෙලාවක් ඇත්තේම නැති තරම්...ඉස්සරම ඉස්සරම මම ආස කරපු කලබලකාරි බව මගේ ජිවිතේට ගොඩ වැදිලා...මම සතුටින්..එත් දුකයි බ්ලොග් එක ගැන ..එක දෙයක් ලැබේද්දි තව දෙයක් අහිමි වෙන එක හරි ලගින් යන දෙයක් වගේ..හැමදේම වෙන්නේ හොදට කියලා මම ඉතින් බලන් ඉන්නවා...

    තේරුනාද යසියෝ....කන්න බොන්න...සෙල්ලම් කරන්න ..කැමති දෙයක් කරන්න..සතුටින් ඉන්න ..ජිවිතේ විදින්න හරි පරිස්සමට...

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02