මට මේ ගිහාන් පල්ලා පොරොන්දුවක් වෙන්න

******************************************************************************** "කොච්චර වෙලා බලාගෙන හිටියද??" "වැඩිය නෑ.. විනාඩි දහයක් විතර..මොකද පරක්කු වුනේ?" "පොඩි වැඩක් තිබුනා.." "ඔෆිස් එකේ වැඩක්ද?.." "නෑ වෙන වැඩක්..ප්ලීස් අහන්න එපා" "එපා කියනවනම් මට ඕනත් නැහැ. තියගන්න එකයි ඇත්තේ...මහලොකු රහස් ඔයා ලගම.." ඒ විනාඩි පහක නිහැඩියාව මගේ ජීවිතේ දිගම විනාඩි පහද කොහෙද.. "තරහ ගියාද?" මම නොබිදුනු නිහැඩියාව බින්දා.. "නෑ.. දුක හිතුනා.." ඇස් පුරවලා කදුලු.. මම දිග හුස්මක් ගත්තා.. "පොඩ්ඩක් ලගට එන්න රහසක් කියන්න.." "තියාගන්න එකයි ඇත්තේ ඔය බොරු ආදරේ.. මම ආයේ එන්නෙම නෑ හම්බ වෙන්නවත්. බොරුකාරයා.." දෙතුන් පාරක්ම අත්වලින් පපුවට ගහලා..පරිස්සමට තුරුලු වුනා.. මගෙ පපුව නැවතුනා.. මේ පාර විතරක් නෙමෙයි.. ඒ කෙස් වල සුවද නාහෙන් ඇතුල් වෙන හැම පාරම ඔයදේ වෙනවා.. මම ඇස් දෙක පියාගත්තා.. ********************************************************************************* "ඔයා මේක ලස්සනට ලියලා තිය...