දවසක ආදරයේ හිරවෙනවාලු

"කොට්ටෝරුවත් කෙහෙල් කොටේට ඇන්න දවසට හොට පටලගන්නාවාලු"

ඕක අපි පුංචි කාලේ අපෙ ආච්චි සීයලාගෙන් අහපු පරණ කතාවක්.. නමුත් ඒකාලෙදි නම් ඔය කියන්නේ මම ගැන කියලා හය හතර නොතේරුන මට නම් හාන්කවිසියක අදහසක් තිබුනේ නෑ. කොටනවා කියලා කොලුකමට කියන කෙටීම නොකලත් , මම ඔය කෙටීම කියන එක මෙන්න මෙහෙම අර්තකතනය කරනවා. නව යොවුන් වියේ පසුවෙන තරුණ්යෙක්, පාරෙදි දකින ගැටිස්සියක් එක්ක පෙමින් බැදෙන එක එහෙමත්ම නැත්නම් ඇතිවෙන ආකර්ශණය කියනේ මනුශ්ය ලෝකෙට පොදු සාමන්ය දෙයක්.. ඔය වයසෙදී girl friend කෙනෙක් ඕනය කියලා හැගෙන්නේ තමන් දන්න කියන අයියා කෙනෙක්ට හරි , තමන්ගෙ යාලුවෙක්ට හරි ගෑණුලමයෙක් ඉන්න නිසා මිසක් තමන්ගේ පරපුර පවත්වා ගැනීම සදහා ශක්තිමත් සහකාරියක් හොයාගන්න ඕන කියන කාරණය නිසා නෙමෙයි.. එක කෙල්ලෙක් බෑ කිව්වම තවත් කෙල්ලෙක් ගෙන් කැමතිද අහපු කාලයක් ඉස්කෝලේ ගියපු නැති නැම ගැටයෙක්ගෙම අතීතයෙ තියෙනවා..ඔන්න ඔහොම දකින දකින කෙල්ලගෙන් කැමතිද අහන එකයි මම කොටනව කියපු එකෙන් දැක්කේ..

හැමගෑනු ලමයෙක්ගෙම ඔලුවෙ තියෙනවා හීනයක්. මොකක්ද මේ.. රන්සලු , රන් මාල ඇදලා දෝලාවකින් ගුන යහපත් කුමාරයෙක් එක්ක දීග යන එක..නමුත් ඔය හීනෙම ඕකේ අනිත් පැත්තට පිරිමි ලමයෙකුත් දකිනවා. ඒ ලස්සන කුල කුමරියක් එක්ක විවාහ වෙනවා කියන එක. ඉස්කෝලේ ඉවර වෙන කාලේ එනකොට බහුතරයක් කොල්ලන්ගේ හිත්වල අනාගතය ගැන උර හිස උඩ පැන නගින ප්‍රශ්න අතරින් විවාහය කියන දෙයත් දෙන්නේ පුදුමාකාර වදයක්. ජීව විද්යාව නොදන්නවා උනත් මම හිතෙන ආකාරයට ඕකට හෝමෝන වලත් බලපෑමක් තියෙන්න පුලුවන්..දැන් කොල්ලා කෙල්ලෙක් හොයන්නේ බදින්නම බලාගෙන...

අපේ ජීවිතවලට අහම්බෙන් හම්බවෙන, ඊට පස්සේ දුම් ගහලවත් එලවගන්න බැරි සමහර මතකයන් අයිති උදවියට , අවුරුදු දහනමයක් විස්සක් වෙන කොල්ලෙක්ගේ අනාගතයම වෙනස් කරන්න පුලුවන්..  ඒක හොද නරක කියන දෙපැත්තටම යන්න ඉඩ තියෙනවා..හැබයි එහෙම කොහේවත් ඉන්න කෙල්ලෙක් ඇවිලා මුලුජීවිතයම හොද මාවතකට තල්ලු කරලා ආයෙමත් හුලගේ අතුරුදහන් වෙලා ගියපුවාම මොකක්දෝ හිස්තැනක් හිතක ඉතුරුවෙනවා..ඒ හිස්තැන පුරවන්න වරින් වර ආදේශකයන් භාවිතාකරන්න 
අපි පුරුඩු වෙලා තියෙනවා.. ඒත් ආදේශකටක් හම්බ වෙනවද?? නෑ සිද්ද වෙන එකම දෙය තමයි අර තියෙන හිස්කම වැඩිවෙන එක.. Hollywood Bollywood ෆිල්ම්ස් වලවගේ ඔය යන උදවිය ආයෙත් එන එක නම් විශ්වාස කරන්න අමාරුයි. නමුත් ඒ අය වෙනත් ආදේශකත් එක්ක ජීවිතේ අරගෙනයනවා... සතුටක් එක්ක හෝ නැතුව..

අපේ හිත කියන්නේ පුදුමාකර දෙයක්.. ඒ හිතේ කවුරු හරි ඉන්නවද නැත්ද කියලා අපිවත් දන්නේ නෑ.ඒත් ජීවිතේ සමහර පරශ්න වලට උත්තරත් නෑ...
කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කල පලියට ඒ කෙල්ල ආපස්සට ආදරය කරන්න ඕනත් නෑ. 

ඒත්...

අනේ අපේ ජීවිත කතාවක් හින්දි ෆිල්ම් එකක තිර රචනයක් වුනානම්



ලිව්වේ යසියා 

Comments

  1. හොදම කෙනා හම්බ වෙනකම් ඉවසනවා..හම්බවෙන හැම කොල්ලාටම බලාපොරොත්තු නොදි..ජිවිතේ හොදම කෙනා ලැබුනාම එක දැනෙනවා.. එත් ඉක්මන් නම් වෙන්නෙ නැහැ..අවස්තාව දිලා බලල ජිවිතේම බාර දෙනවා..එ තමා පලමු සහ අන්තිම ආදරය මගේ නම්..........මම ඉතින් හීන මවනවානේ...ජිවිතේ ලස්සන ෆිල්ම් එකක් කරගන්න පුලුවන් අපිටම.

    ReplyDelete
  2. කවදාවත් හින්දි චිත්‍රපටි වගේ සුන්දර ලෝකයක් අපට ලැබෙන්නේ නෑ මචං !
    ඕවා නිකන් බොරු විතරයි. ඒ පස්සේ ගිහින් අපි අමාරුවේ වැටෙන්ඩ හොද නෑ.

    ReplyDelete
  3. නිම්ශා: ජීවිත් සමහර වෙලාවල් වලට කරන මෝඩ වැඩ නිසා අර හම්බවෙඅ හොදම කෙනා යන්න ගියොත්????

    මදුරංග: ඒත් හීන කියන ඒව යතාර්ථ්යට වඩ අපිව ජීවත් කරනවා යාලු

    ReplyDelete
  4. මම නම් ජිවිත කාලේම එයා එනකම් ඉන්නවා..වෙන කෙනෙක්ට ආදරෙ කරන්න ම්ට බැ.මට තියෙන්නේ එක හිතයි. දාහක්ට බෙදලා කැලි දෙන්න බැ.. එක හිත සම්පුර්ණවම දෙන්නේ මට දැනෙන කෙනෙක්ට..එ දේ එ කෙනා දලා ගියත් මට නම් බැ එ තැන වෙන කෙනෙක්ට දෙන්න ..

    ReplyDelete
  5. නිම්ශා: ඒ කියන්නේ ඔයාට කාට හරි ආදරය කරත් එයට තියෙන චංචල හිතක් නිසා ඔය එයාගෙන් ඈත් වේවිද? (එයාත් ඔයාට ආදරය කරනවානම්)

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02