කතාවට මගේ කිසිම සම්බන්දයක් නොමැත.. (18 + )



තොල් පෙත්තට තොල් පෙත්ත ලංවෙද්දී ඇගේ නිල් ඇස් දෙක පිය වුනා. පාට කරපු ඇහි බැමි දෙකට බයවෙලාද කොහෙද කීරි කරපු වරලසේ සුවදට මගේ නාස් පුඩු මත් වුනා.. ගෙලින් ගෙල කනින් කන දහඩියත් එක්ක එකතු වෙද්දී කොයි තරම් සුමුදුද .

" ඔහොම ටික වෙලාවක් ඉන්න අසංක"

ඇය මගේ බාහු වල තුරුලු වෙද්දී මුහුදු සුලග චන්ඩියෙක් වගේ ඇවිත් අපි දෙන්නවම තුරුලු කරගත්තා..

" ඇයි ලමයෝ මම මේ ලෝකේ දාල යන එකක් යැ... "

"අනේ එහෙම කියන්න එපා ප්ලීස්.. පොරොන්දු වෙන්න ආයෙත් කවදාකවත් එහෙම හිතන්නේ වත් නෑ කියලා"

" බලමු බලමු"
මම කට කොනකින් හිනාවුනා..

"ප්ලීස්.."
 මේ කෙල්ල කොච්චර බොලදයිද? පුන්චිම පුන්චි දේකටත් පොරොන්දු ගන්න.. මට බයයි පොරොන්දු වෙන්න.. කවදා හරි මගේ අතින් පොරොන්දුව කැඩුනොත්.....

" අපි තුන් හිතකින් වත් හිතන්නෙ නැති දේවල් මේ ලෝකෙ සිද්ද වෙනවා බබා.. ඒත් කවදා හරි ඔයා මාව දාලා ගියොත්? "

"මම මැරුනත් ඔයාව දාලා යන්නේ නෑ අසංක"

කකුලක් අනිත් කකුල උඩින් තියාගෙන ඉදිද්දී... කෙලින් කරපු කෙස් ඔලුගෙඩිය දාලා හුලගත් එක්ක දුවන්න හදනවා. නිකටට අතක් තියාගෙන කටත් පොඩි කරන් අඩි කිහිපයක් එපිටින් වෙච්ච බංකුවක් දිහා බලාගෙන ඉන්නවා...

" ඔයා කවදා ඉදලද ජනනි අනුන්ගේ දේවල් හොයන්න පුරුදුවුනේ?"

" අනුන්ගේ දේවල් නෙමෙයි අසංක.. අර බලන්න අර නංගියා හොදටම අඩනවා.."

මගේ ඇස් කනුත් ඈ පෙන්වූ දිහාවට දිව ගියා. පව් පොඩ් කෙල්ලෙක් රතුපාට හෙල්මට් එකක් තුරුලු කරගෙන අඩනවා..

" පව් නේද "
" ඔව් බබා"

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

" ඇයි චතුර ඔයා අදත් හුගක් පරක්කු වුනේ? "

"මට වැඩක් තිබුනා"

" මොකක්ද අප්පේ මට කියන්න බැරි වැඩේ... "

"පොඩි වැඩක්..."

" මට ඔයා ගැන තියෙන ආදරේ කවදාවත් අඩුවෙන්නේ නෑ චතුර.. ඒත් ඔයා මාව ඔහොම ගනන් නොගෙන ඉන්න එකෙන්.. කවදා හරි දවසක මම ඔයාව දාලා හුගාක් ඈතට යාවි.. මතක තියාගන්න අද ච්න්ඩියෙක් වගේ කටපියාගෙන හිටියට ඔයා එදාල හුගාක් අඩයි"

කොල්ලා තාම පොලවේ තනකොල ගනන් කරනවා...

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

"අර බලන්න අසංක අර පොඩි එකී අච්චර අඩද්දීත් අරූ මුකුත් නොවිච්ච ගානට ඉන්න හැටි බලන්න... දෙන්න හිතෙනවා දෙකක් කන පැලෙන්න... එනවා මෙතන පොඩි එවුන් අඩවන්න"

" හා හා ඔච්චර තරහා ගන්න එපා බබා.. මටනම් ඒ අහින්සකයා ගැන පව් කියලා හිතෙනවා..ඌ දන්නේ නෑ නේ එක පාරක පපුවට තුරුලු කරගත්තාම හිතේ තියෙන බොරු තරහා දියවෙලා කෙල්ලන්ගේ ඇස් වලින් එලියට එනවා කියලා..."

" ඔව් ඔව්.. වැඩක් නෑ හැම කොල්ලම බලන් ගියහම එකයි නේ... ආයෙත් මගේ අතින් වත් අල්ලන්න එපා.. හොදද..."

" හා..."

මම ඔලුව දෙපැත්තෙන් අත් දෙක තියලා නලල පරිස්සමට සිප ගත්තා....

(නිමි: totally a fiction )

ලිව්වේ යසියා  

Comments

  1. කොයි හරියෙද 18+ කෑල්ල තියෙන්නේ ?
    මම් ඒක බලන්ඩමයි වැඩිමනත් දුවගෙන ආවේ !

    ReplyDelete
  2. අනේද කියන්නේ.... මමත් හෙන ගේමක් දීලා කියවන්න සෙට් වුනා....ඒත් මුකුත් නෑනේ....

    ReplyDelete
  3. ඇයි සිපගන්න කෑල්ල අන්රේටඩ් නේ :D :D

    ReplyDelete
  4. දවසක් ගාළු කෝච්චියේ පොඩි එකෙක් කපල් ගණන් කරනවා මං දැක්කා.. එයා දන්නේ නෑ නේ අන්රේටඩ් සීන් කියලා??

    ReplyDelete
  5. අර වැඩිහිටියන්ට පමණයි කෑල්ල කෝ....????

    ReplyDelete
  6. හිතට වැදුණා...සුන්දරයි යසියො...

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02