Posts

නමක් නැති කෙටි කතා පෙල....02

Image
" දිය ඇල්ල හරිම ලස්සනයි නේද අයියේ?" " ඔව් ලස්සනට පෙනෙන්න තිබ්බට මේක කොච්චර නපුරුයිද?" "ඇයි එහෙම කිව්වේ? මගෙ ජීවිතේට මම ඔය වගේ කතාවක් ඇහුවාමයි" "නංගි දන්නවාද? මේ දිය ඇල්ලේ උඩ ඉදන් වැටිලා අහිංසක මුරන්ඩු තරුන ජීවිත කොච්චරක් නැතිවෙලා තියෙනවාද කියලා?" "මුරන්ඩු නම් කොහොමද හලෝ අහිංසක වෙන්නේ?" "මුරන්ඩු කියල කියන්නේ නංගි හදවතට එකගව වැඩ කරන මිනිස්සුන්ට...අනිත් උන්ට එයාල මෞතු වෙන්න පුලුවන් ඒත් ඒ මිනිස්සු ජීවිතෙ හුගක් සන්තෝසෙන් ගෙවනවා.." "ඔයා කොහොමද ඔච්චර මුරන්ඩු මිනිස්සු ගැන දන්නේ?" "මොකද මමත් මුරන්ඩ් කෙනෙක් හින්දා?" "අප්පේ බයේ බැහැ ලගින් ඉන්න...බැරිවෙලාවත් ඔයාගෙ හදවත මාව මරන්න කිව්වොතින්..." "අන්න එතනයි නංගි ඒ අයට වැරදුන තැන.. හැගීම් සේරම ක්‍රියාවට යොදවන්න ඕනමද?" " නෑ මම හිතන්නේ" "ඉතින් ඒකනේ?" "කවද්ද නංගිට කැම්පස් ඉවර වෙන්නේ?" "තව අවුරුද්දක් තියෙනවනේ" "අපෙ මලයව එහෙම හම්බ වෙනවද?" "සමහර දවසට හම්බවෙනවා අයියා.. එයාලා අපේ කැම්පස් එක...

නමක් නැති කෙටි කතා පෙල....

Image
විසි හතර පැය පුරා සිනහවෙන් ගතකලා වූ සමය ගැන ආවර්ජනාවක් නගන්නට සිත පිවිසියේ මා හටත් නොදන්වාය..අමාවකක් වූයෙන් වෙනදා නොපෙනෙන්න තිබූ තරු පන්ති පියවි නෙතට පැහැදිලිව පෙනෙන්නට තිබුනි... " අද අහස හරි ලස්සනයි නේද?" තේ කෝප්ප යුවලක් දෙඅතේ රදවාගෙන ඈ මා පසක සිටගෙන හිදී...හාන්සි පුටුවේ ඇන්ද මතින් තබාගෙන සිටි මාගේ දෙපය පොලොවට තබා රිසි සේ තේක පානය කරන්නට සැරසුනෙමි...ඇගේ දකුනතේ වූ කෝප්පය මාගේ පපුවට නුදුරේදී මා සන්තක විය... " හද පායලා තියෙන දවසට ,හද එලියට ඔය තරු රටා සේරම හේදිලා යනවා නේද තිවංක..????" "හ්ම්" ඈ සමග පෙම් බස් දොඩන්නට හිතක් නොවූ නිසාවෙන්... මුව වසාතබාගෙන නාසයෙන් පිලිතුරු සැපයීමි..... ඇය  තවම උලුවස්සට උරහිසින් හේත්තු වී මා දෙස නෙත් යොමාගෙන සිටිනවා විය යුතුය..ආපසු හැරී බලන්නට හිත කීවත්... මම අසීරුවෙන් මුහුන නිසල කරගතිමි... " මොකද බකමූනෙක් වගේ ඔරවගෙන ඉන්නේ??.. සති ගානකින් ගෙදර ආවාම පොඩ්ඩක් කතා කරන්න බැරිද?" "කතාකරන්න දේවල් ඉතුරු වෙලා තියෙනවද තරින්දි?..." " කොහොමද අලුත් තැන එහෙම?" "මගේ ගෙදරත් මට නුපුරුදු නම් ඉතින් අනිත් ත...

මොනවා කියා කියන්නද??? කියවන ඔබ සමාව දේවිද??

අන්තර්ජාලයෙන් අහකට යන්න බැරුව හිටපු මට, බ්ලොග් එකෙන් ඈත්වෙන්න බැරුව හිටපු මට සිද්දවුනේ හතුරෙකුටවත් වෙන්න පතන දෙයක් නෙමෙයි...ලැප් එකෙ එන එන හැම ජනේලෙටම යෙස් දෙන මම මොකක්දෝ වින්නැහියක් වෙලා දැන් ජනෙල් 7න් මට අන්තර්ජාලයට එන්න දෙන්නෙ නැහැ.මේ එන්නෙත් නැන්දලගේ දිහා පරිගනකයෙන්.... මම දැන්නම් කොහොම හරි එනවා... ඔව් එනවාමයි.... මොකක්හරි ලියලාම යන්නම් එහෙනම්... "නිහඩයිද කෙතරම් සදපාන... නුබේ බැනුම් නැති රෑක... හිනාවෙන කනාමැදිරියනේ... උබත් තනිවෙච්ච දවසක....... කාත්කවුරුවත් නැති දවසක... නුබට දැනේවි ජීවිතේ කටුක බව......" ඉක්මනින්ම මම ආයෙත් එනවා...

ඔන්න මම කාලෙකින් ආයෙත් වැඩට බැස්සා.....අද ඉදන් පුලුවන් හැමදාම මොනවම හරි බ්ලොග් එකට දාන්නයි ඉන්නේ...

Image
අන්තර්ජාලගත වෙන්න තිබ්බ අපහසුතානුයි...කම්මැලිකම්යි නිසා.. ෆයර්ෆො‍ක්ස් අමතකම වෙලා හිටියෙ.. දැන් හරි හොදේ... මතක් වුනා..... මම ආයෙත් ලියනෝ.... මේක ප්‍රේමවන්තයෙක් සහ ප්‍රේමවන්තියක් අතරෙ ගිය කතාබහක්.... "ඔයා අන්තිමට හිනාවෙච්ච දවස මතකද?" "නෑ..ඇයි?" "ඔයා අන්තිමට අඩපු දවස මතකද??" "අපොයි ඔව්..  ඒදා අමතක වෙන්න මම මැරිලා ඉපදුනාද?" "කවදද ඒ??" "අනේ මේ... දන්නේ නෑ වගේ අහන්න එපා හොදද.." "ඔයා වැඩියෙන් ආස අඩන්නද හිනාවෙන්නද???" "අඩලා හිනාවෙන්න" "ආහ්.. එහෙනම් හිනාව කදුලට සාපේක්ශව අර්තකතනය කරන්නද හදන්නේ?" "ඔයාට වගේ මට පිස්සු නෑ එහෙම කරන්න" "එහෙනම් හේතුව කියන්නකෝ" "කියන්නම් හැබැයි හිනාවෙන බෑ හොදේ" "සත්තයි හිනාවෙන්නේ නෑ... කියනකෝ ඉතින්" " ඔයා මාව හිනස්සන වෙලාවට මාව ආර්මාර්තකාමී වෙනවා..ඔයාගෙ අහින්සක හදවතින් කියන දේවල් කන් දෙකෙන් පිටවෙලා යනවා... ඒත්. ඔයා මාව අඩවන වෙලාවට ඔයා මාව සංතෝසෙන් තියන්න කොච්චර දේවල් කාලද මතක් වෙලා මට ඔයා ගාවට දුවගෙන එන්න හි...

සිහිනයක් අභියසදි ඇයි මේ තරම් වේදනා?????

Image
අවුරුදු ගානක් ඒ ලෙවෙල් පන්තියේ දුක් වින්ද මිලියනගානක් අතරින් සිහිනයය සැබෑකරගත්ත කිහිප දහසටත් මොකට සිහින සැබෑ වුනාද කියල හිතෙන කාලයක් මේ........ අනුන්ගේ අත්දැකීම් මොකටද අප්පා... මම මගේ අත්දැකීම් එක්ක මේක ලියන්න හදන්නේ... ටිකක් ඇඩ් එකක් වේවි....ගනන් ගන්න එපා හොදෙයි.... පලවෙනි පාර ගනිත අංශයෙන් විබාගය ලියලා ගියා මම SLIIT එකට... ගිහින් සතියයි... රිසල්ට්ස් ආවා..... "SSF" හුටා.....මැත්ස් ෆේල්.... අම්මගෙන් ඇහුවා අම්මේ මොකද කරන්නේ?? අම්ම කියපි .... "වරෙන් පුතේ ගෙදර" මම ආවා....ආයෙත් ඒ ලෙවල්ස් කරන්න........ (ඒ ඇත්තෝ මම ගෙවපු ගානෙන් 90% ක් ආපහු ගෙව්ව එකට පින්....)  ඊට පස්සෙනෙ ආතල් වෙන්නේ.... "මොකද ලමයෝ වුනේ??" "පොඩි කාලෙ කොහොම හිටිය ලමයින්ද???" "වැටුනු යාලුවො හරි නෑ " "පන්ති ගියේ කා ගාවටද?" "කොහොම හරි මේ පාරවත් විබාගෙන් පාස් වෙන්න බලන්න" "මොන දේ කරන්නත් ඒ ලෙවෙල් තියෙන්න ඕන" ගෙදරට එන .. දකින හම්බවෙන..හැමෝම අහුවෙයි කිව්වෙයි විබාගෙ ගැනමනේ... සිංහයෙක් වුනත් ලෝම නැතුව දිවියෙක් වගේනේ කියන ඕන දෙයක් අහ...

!!කොන්ඩයට වුනු වින්නැහියක්!!!

Image
පොශ් කොල්ලෙක් වෙන්නට හිතාගෙන යසියා ඊයෙ උදයෙන් ගියාලු සැලෝන් එකකට.... ගිහින් ඇහුවම මොනරු තොගයක් ඉල්ලපි ... "හෙට එන්නාන් අයියා" කියාගෙන මම ආවා එන්න.. මගදි දන්න කියන බුවෙක් සෙට් වුනාලු නේ? "මචන් කොන්ඩේ ස්ට්‍රේට් කරන ක්‍රීම් එකක් දන්නවද" ඌ කියපි නමක්...මොනරබාගෙකින් ශේප් ගනනම්.. "අතන කඩේ තියෙනවා මගේ නම කියපන් අඩු කරලා දේවි" ගුටි කන්නත් හරි ගිහින් අල්ලුවා... ඌ මොකක්ද පෙට්ටියක් ගෙනත් දුන්නා.. ආහ් කියල මමත් ඕක අරගෙන ගෙදර ආවා... ඕන් කොල්ල ගෙදර දොරත් වහගෙන තුවායට බැස්සා.. (කැතවිදියට හිතන්නෙපා ඕයි) අර පෙට්ටියෙ තිබ්බ ටියුබ් එකකුයි තව මොකක්දෝ ක්‍රීම් පැකට් දෙකකුයි.. මුලින් කරන්න ඕන ටියුබ් එක ඔලුවේ උලලා ... මට ඕන විදියට කොන්ඩේ හදාගෙන හිටියා මිනිත්තු හතලිස් පහක්ම... ආන් කියන්න අමතක වුනා... ඒ විනාඩි පහේදි මම උනුවතුර බාල්දියක් හදාගත්තනේ... ඔන්න ඒකෙන් අර ටියුබ් එකෙන් ගාපු එව්වා හෝදලා, පිහිදාගත්තා,, ඊ ලගට අර ක්‍රීම් එකටත් ඔය වින්නැහියම කොලා.... "අඩේ එල එල" මම ඉතින් ඔය වීරක්‍රියාව සේරම කලේ කොන්ඩේ වගේද පන්සීය කියල බලාගෙන..  වැඩේ ගොඩ ...

!!යසියා නම් දාර්ශනිකයා මෙසේ පැවැසූ වගයි!!

Image
"ඔබ කවුරුන්දැයි දෙවියන් වහන්සේ තීරනය කර ඇතත් ලෝකයා නුබ කවුරුන්දැයි දැන ගන්නට නම් නුබ සතු දෙවියන් වහන්සේගේ දායාදය ලෝකයාට ප්‍රදර්ශනය කල යුතුය" පොඩි කාලෙ ඉදන් මට පුංචි පිස්සුවක් තිබුනා.. "මම හිතාගෙන හිටියෙ මම මනුශ්ය ස්වරූපයෙන් ඉන්න දෙවියෙක් කියලා" එහෙම හිතන්න හේතුවක් තිබුනා..මට පුන්චි කාලෙ ඉදන්ම පුරුද්දක් තිබුනා. මොකක් හරි පුංචි දෙයක් දැක්කම ඒදේ මගේ කරගෙන ඉන් ඉස්සරහට ඒදේ එක්ක සම්බන්ද කරලා හිතේ කතන්දර මවන එක.. "මනෝ ගහන එක කියන්නේ" ඒක සාමන්ය දෙයක් වුනාට මට ඒක ඕනවටත් වැඩිය තිබුනා.. නිදාගන්න ඉස්සෙල්ලා ඇස්දෙක පියාගෙන පොඩ්ඩක් මොකක්හරි පුංචි සිද්දියක් මතක් කලාම..ටිකවෙලාවකින් හීනෙන් වගේ මමත් දන්නේ නැතුව මහා දිග කතන්දරයක් මැවීගෙන යනවා...සමහර වෙලාවට පහුවෙනිදා උදේට නැගිටිනකන් එකම දිගට එකම කතාවක්... පොඩ්ඩක් හිතන්නකෝ ෆිල්ම් එකක බලන්න වගේ.. "මේ පුරුද්ද නිසා මම දුක් වෙච්ච වතාවල් අනන්තයි.." (වල් කමට හිතන්නෙපා හලෝ) ලස්සන කෙල්ලෙක්ව..එහෙමත්ම නැත්නම් ගුනගරුක කෙල්ලෙක්ව මතක් වුනොත් නිදාගන්න කලින් ඉතින් පහුවෙනිදා නැගිටිනකොට හීනෙන් කසාදත් බැදලා...ලමයිනුත් හද...