ආයෙත් එන්න රත්තරන්


දැන් එයාට වෙන කෙනෙක් ඉන්නවාලු
එයා දැන් මට අයිති නැතිලු
මම ගාව තිබුනු ඔයාගෙ පින්තූර සේරම මම මකල දම්මා
ඔයා වෙනුවෙන් පොතක් පුරවල ලියා තිබුනු කවි කතන්දර නිසදැස්  මම පිච්චුවා.
ඔයා මට ආදරෙන් එව්ව  messeges සේරම මම delete කලා

ඒත් තවම මගෙ මතකයේ ඔයා ජීවත් වෙනවා
ඒ මේ phone එක නිසා වෙන්න ඇති..
මම ඒකත් විකුනලා දම්මා.
තවම ඔයා මගෙ පපුවේ ජීවත් වෙනවා.
මම හදවත ගලවලා එලියට ගන්න හැදුවා..
ඒත් ඔයා මාව ජීවත් කරන්න හදපු විදිය මතක් වුනා..
"අනේ plz මාව අමතක කරන්න​"
කියලා ඔයා පොර ටෝක් දැම්මට
අහසට වඩා පොලොවට වඩා ඔයාට ආදරය කරපු මට ඒක  simple plan නෙමෙයි රත්තරන්
ඉස්සර වාගෙම මගෙ ලග ඉන්න පුලුවන්ඳ ආයෙත් ඔයාට​

Comments

  1. oya AIRTEL walata maaru wenna. oi hama problem ekatama pilithuru labey..:P

    ReplyDelete
  2. oyata puluwan Airtel walata maaru wenna. eka hari simple plan ekakne saho..

    ReplyDelete
  3. බෑ බෑ අයි ඈම් ස්‍රී ලන්කා

    ReplyDelete
  4. ඔන්න මමත් ආවෝ.......... ඔහොමතමයි මචං ආදරය............ මන් දෙයක් කියන්නද.... උබ මේ ලියලා තියෙන්නෙ ප්‍රථම ආදරය නැති උන යෞවනයෙකුගෙ හිතට දැනෙන දේ නේද මචං..... කාටවත්ම අමතක කරන්න බැරි එකෙම එක දේ තමයි බං ප්‍රතම ආදරය.... මටත් බැහැ..........

    ReplyDelete
  5. අවන්ක ආදරයෙන් පරාද වෙලා වේදනා විදීමත් එක්තරා වින්දනයක් මට නම්

    ReplyDelete
  6. ආදරය යනු ලැබිය යුතු දෙයක් මිස බලෙන් ලබා ගත හැකි දෙයක් නොවේ........

    ReplyDelete
  7. ප්‍රථම ආදරය අමතක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඒ ප්‍රථම ආදරය මුලාවක් නං...? ඒ ආදරේ ගැන හිත හිත මුළු ජීවිතේම විනාස කරගන්න එක මෝඩකමක්. සත්‍ය ආදරය තියෙන ගැලපෙන කෙනා සියවෙනි කෙනා වුනත් වෙන්න පුළුවන්.

    ReplyDelete
  8. malli patta lassanai eath mama hithane oke heding eaka wenas wenna ona ai enna ratharan eaka hari yane nah,anika anthima peliya nathi una ng patta
    රත්තරන්
    ඉස්සර වාගෙම මගෙ ලග ඉන්න පුලුවන්ඳ ආයෙත් ඔයාට​
    uba nikan eki ona wal wadak karala waren mama oya wa bara gannawa kiyanawa wage ne,ochchara namenna one naah

    de deka nathuwa balapan ... patta

    ReplyDelete
  9. කෙල්ලො නිසා කොල්ලන්ට වෙන දේවල්. කණගාටුයි මිත්‍රයා වෙලා තියෙන දේ ගැන

    ReplyDelete
  10. ජීවිතේ ආදරෙන් හිස්තැනක් හැදුනම ඒක කවදාවත් කිසිම ඌනපූරණයකින් පුරවන්න බෑ..මේක මට කිව්වේ මං ගොඩක් ආදරේ කරපු කෙල්ලෙක්..ඇත්ත මටත් අද ඒ හිස්තැන පුරවගන්න බැරුව ඉන්නවා..ඒකෙ මතක හිතේ තියාගෙන..ගොඩක් සංවේදි නිර්මාණයක් යාළුවා..හැබැයි මේක කියවලා මම වින්ඳද විඳෙව්වද කියලා මට තේරෙන්නෑ

    ReplyDelete
  11. හැබැවටම ආදරේ කරන අයට කවදාවත් වෙන් වෙන්න බැ.

    ReplyDelete
  12. කල්හාර:
    ඉතින් ඒකයි මම නොලද්දෙන් ලැබූ දුක,, අකුරු වලින් ගැටගහලා පැත්තකට කරන්න හදන්නේ..

    කුරුල්ලා:
    උබ දන්නවා ඇති මේක මගේ පලවෙනි ප්‍රේමය නෙමෙයි.. පෙර සෙනෙහසක නැතිවීමකින් මගෙ දෙනෙතගට කදුලක් ඇදිලා නෑ බන්...මෙච්චර දුකක් හිතුනේ ඇයී....මේක වෙන්නෑති මගේ බස් එක...මට ඒක මිස් වුනාවත්ද?

    ඇනෝ:

    එය මොන තත්වෙන් ආවත් මම ආයෙත් එයාව බාර ගන්නවා.. ඒත් එයා ආයෙත් එන දවසට මම වෙන කෙනෙක්ගෙ වෙලානම්... එයට සොරි තමයි...මොකද මම අතීතය වෙනුවෙන් වර්තමානය බිලි දෙන්න සූදානම් නෑ...එයා ඉක්මනට ආවොතින් හොදයි....


    හසිත:
    කනගාටුව බෙදාගන්න ආවට ස්තූතියි මචන් ඒත් මට එයාව නැති වෙලා දැන් අවුරුදු දෙකකටත් ආසන්නයි....

    දේවසුරේන්ඩ්‍ර:
    මෙච්චර විරහවට ඉල්ලුමක් තියෙන්නේ.... ආදරය ගොඩ දෙනෙක් ව රිද්දපු නිසා වෙන්නැති මගෙ හිතේ

    රන් සමනලී:
    ඒත් හැමතිස්සෙම ඇත්තටම ආදරේ කරන්නෝ එක්වෙන්නේ නෑ...හිමි නැති පෙමකට ඉකිබිදින්නේ නෑ මම.....
    මට පුලුවන්යැ කියලා මට හිතෙන දේ ලියන එක..මම ලියන්නේ එයා වෙනුවෙන් නෙමෙයි... මම වෙනුවෙන්.....

    ReplyDelete
  13. love lyrics: ආදරේ කරද්දී වගේම විදවද්දීත් ලස්සනයි බන්... ඒකයි ආදරේ මායාවක් කියන්නේ...

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02