උපාදි අපේක්ශක පොඩි හාමුදුරුවෝ

සරසවියට    පාන්දරින්    වඩින්නටම    ඕනෑ
කලින් දවසෙ නිබන්දනය තව අහවර නම් නෑ
ටිකක්   කලින්   ගිලම්පසය වලදන්නට  ඕනෑ
සම්දුට පූජා කරන්න නැවුම්  දානේ  නම්  නෑ


මාස  දෙකක්  වැඩහිටියයි    නේවාසික    එකට
ගමේ  පන්සලට  වඩින්න මහපොල නැත  තවම
පියෙක් ලෙසම කෝටු පාර ලැබු හින්දා හොදට
සියුරු පතේ අගය දැනුනි ලොකු හිමි පින් මහිම


හතර   කේන්දරය   පාලු    වුනි   පෙර  කල පිනට
සරසවි  යන්නට    ලැබුනයි   පූරුවෙ  කල    පවට
"පොඩි ඇත්තෝ වඩින්නෝනැ" නාහිමි  අදහසට
බද්දේගම     ඤාණතිස්ස     B. A.        එයි අගට


එක බන්කුවෙ ශිල්ප දැරූ අශෝක පොඩි හිමියෝ
රූපපෙට්ටියේ  දුටීමි  බන     කියන්ට      රුසියෝ
පොත පත හිත යන බව ලොකු හාමුදුරුවො දුටුවෝ
පන්සල තුල වැඩහිටියා නම්   කියලත්    හිතෙනෝ



බැචාලාට මම හිමියෙක් බව සිහිවෙන කලනම්
පහන් කූඩුවට   ජාතක  කවි ඕනෑ    වේ     නම්
ගිහිකල මා වැදුව මවුන්  ලිපියක් එවු  දින  නම්
නෙතගට  කදුලක්  වැඩියයි  ඈ සිහිවී පොඩ්ඩක්



නා හිමියන් වයසයි හරියට අමතක වෙනවා
ගම වඩින්න ඕන බැචාලගෙන් මුදල් ඉල්ලා
රූම් මේට් පොඩි හිමි හට සියුරු බහුල හින්දා
වැඩිපුර ඇති සියුරු පතක් ඇද වඩිනෙමි ඉල්ලා


Comments

  1. සිවුරු ඇඳන් එන හිමිවරු දුටුවිට පෝලිමට
    වටේ ඉන්න උන් වැටිලා උන්ට වදින කලට
    හිතේ මගේ යකා නටයි හිත ඇති කැතකමට
    එහෙයින් කෙලවාලන්නෙමි සිවුරු දරන උන්ට

    හම්බයෙක්ව ඉපදීලා තැනක් නොමැති කලට
    හිත යට මගේ ඔඩු දුවනා පැසවන වෛරයට
    අනේ ඉතිං මොනවානං කරමුද මම එයට
    කොනකපාල නම වැටුනයි පූරුවෙ කරුමයට

    ReplyDelete
  2. කියන්න වදන් නැත .........

    ReplyDelete
  3. පට්ටයි.. උබ එන්න එන්න සිරා ඒවා ලියනවා..

    ReplyDelete
  4. යාලුවනේ බොහොම ස්තූතිය් ඔයාලට........

    ReplyDelete
  5. සමාවෙයන් එන්නට මම කල්ගත්තා වැඩිය
    අපුරුයි නුඹේ කවිනම් සිත් ගත්තා සුළුය
    ලියන්නේත් මේ විදිහට අප නොදුටුව පැතිය
    මේ විදිහට ඔබහට දුර ගමනක් යා හැකිය

    ReplyDelete
  6. @ ඇනෝ: අනේ මන්දා...
    @ අපරාජිතයා: මන් සිරා නෙමෙයි යසියා
    @ කල්හාර අයියා: කියන්න එපා ටයිප් කරන්න.අහිතක් නෑ
    @ සරත් අයියා:
    මගේ අක්ශි යුගලය නම් දැන් පොඩ්ඩක් වපරයි
    අනිත් උන්ට නොපෙනෙන දේ කරුමෙට මට දිස්වෙයි
    මොකක් කරන්නද නොදනිමි පිස්සුව දැන් උග්‍රයි
    ලියා තැබුව කිවිපෙල නුබ අම්බානෙක අගයයි...

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02