පුංචි කෙටි කතාවක්--01

"ගුඩ් මෝර්නින්ග්"

"මෝර්නින්ග්"

"කාලෙකින් නේද ?"

"හ්ම්"
"මොකද නිකන් ඕනවට එපාවට කතාකරන්නේ"
"නෑ ඒ මගෙ හැටි"
"හා..සමාවෙන්න.."
"මොකටද සමාව?
"උදේ පාන්දරම කරදරයක් වුනාට"
"පිස්සුද මෝඩයා.දැන් කවුද එහෙම කිව්වෙ?"
                                                                                                      "දැන් ඔයා මට බැන්නේ  එහෙනම්"
                                                                           "අපෝ ඒවටද ගාල්ල පැත්තේ බනිනවා කියන්නේ"
                                                              
"මම ගමේදි බැනුම් අහන විදියට වැඩ කරන්නේ නෑ"
"ඒ කියන්නේ මනුස්සයා වැරදි වැඩ කරනවා"
"ඒවා වැරදි වැඩ වෙන්න පුලුවන්.. ඒත් ඒවායින් කාටවත් කරදරයක් නෑ"
"කොලින් අන්කල් නොකිව්වානම් අපේ අම්මල කීයටවත් ඔයාවමෙහේ නවත්තගන්නේ නෑ"

"ඒ මොකද?"
"අපේ අප්පච්චිට ඔය පොලිස් කාරයන්ව පෙන්නන්න බෑ"
"පගාව ගහනවා.. ජරා වැඩ කරනවා....ඒවා මේවා කිය කිය බනිනවා"
"අපෝ මම ඒවට නෑ."
"අච්චර නිකන් ඉන්න පුලුවන් කොවාටස් එකක් තියාගෙන ඇයි නවතින්න බෝඩිමක් හෙව්වේ"
"මම කැම්පස් යන එක දාලා පොලීසියට ආවේ මගේ හීනයක් වෙච්ච නිල ඇදුමයි තරුවයි කරට ගන්න මිසක්...ජීවිතය විදවන්න නෙමෙයි"
"ඒක නෙමෙයි. ඔයා මේ උදේම කොහෙද යන්නේ"
"කොම්පියුටර් ක්ලාස්.. ඩිප්ලෝමා එකක් කරනවා"
"පුදුමයි අප්පච්චි තනියම යවනවා ඔයාව"

"ආහ් අයියේ.. මගේ බස් එක එනවා . මම යන්නම්... "
"ඉන්න පොඩ්ඩක්..ඊට පස්සෙ අර ජීප් එක එන්නේ"
"අයියලට කරදරයිනේ ඉතින්"
"ඕවට තෙල් ගහන්නේ ඔයාලගේ අපේ අහින්සක සල්ලී වලින්...ගියාම මක් වෙනවද?"
"මම එන්නම් හැබැයි වැරදියට හිතන්න එපා..."



"චට්ස්"
"ගුඩ් මෝර්නින්ග් ස්‍ර්"
"සාජන් මේ නෝනා මගේ නෑ කෙනෙක්.. යනගමන් ටවුමට ගිහින්.. අයි ඩී එම් එක ගාවින් බස්සගෙන යමු"
"හරි සර්"
********************************************************************


Comments

  1. අහ් අයියා මේක ලියලා තියෙන්නෙ සුරංගනාවෙක්ද?මන් දන්න තරමින් නම් මනුස්ස ළමයෙක්,අනේ මන්ද :) මොනා උනත් කතාව නම් ලස්සනයි..ඔයාගෙ හීනෙ ගැනමනෙ ලියල තියෙන්නෙ

    ReplyDelete
  2. කඩේ හාමිනේ:
    මනුස්සයෙක්ද සුරන්ගනාවෙක්ද කියලා තීරනය වෙන්නේ කරන වැඩ වලින් මිස උප්පත්තියෙන් නෙමෙයිනේද නංගී.කතාවයි හීනෙයි මම ඔය එකට ගැට ගැහුවා..සමහර තැන් අවුල් ඇති ගනන් ගන්න එපා... ඒත් මේ පැත්තේ ආවාට ස්තූතියි හුගාක්....

    ReplyDelete
  3. අයියගේ ජිවිතේ සිද්දි කොහෙන් නමුත් කතාවකට එක්වෙනවා...ඒ තරම් ඒවාට අදරේ නිසානේ ඒ....කතාව නම් ලස්සනයි...ඉතිරිය ඉක්මනට දාන්

    ReplyDelete
  4. නිහඩ සිතුවිලි: කතාව නම් තව ඉස්සරහට ගෙනියන්න හිතාගෙන හිටියේ නෑ නංගි..ඒත් බලමු කට්ටිය කැමතිනම් මේක ඉස්සරහට ගෙනියන්න,, ඒකටත් යසියා සූදානම්...
    මොකද මම අනිත් අයට ඕන දේ ගෙනත් දෙන සුරන්ගනාවෙක් නිසා..

    ස්තූතියි නංගියා...

    මම කෝකටත් පොඩ්ඩක් හිතනවා මොකක්ද ඒ දෙන්නට කරන්න ඕන කියල...

    ReplyDelete
  5. කතාව හොදයි ඒත් කෝ ඉතුරු ටික?

    ReplyDelete
  6. @ නිශාන්: ඉදපං බන්... දාන්නම්..තාම මූඩ් එකක් ආවේ නෑ...

    ReplyDelete
  7. දෙවනි කොටස කියවල පලවෙනි එක කියෙව්වා... මට පලවෙනි පෝස්ට් එක කොහොම මිස්වුනාද මන්දා...
    මේ යසියෝ අර අන්තිමට "චට්ස්" ගාල වදින්නෙ කම්මුල්පාරක්ද???හොදයි හොදයි ඉතුරුටිකත් ඔහොම්මම ලියාගෙන යං...

    ReplyDelete
  8. කෙටි කතාවක් විදියට පටන් ගත්ත මේක ... නව කතාවක් කරන්න මම ඉන්නේ.. හරි වැරදි කියපන්... ඒක යසියට හයියක්...

    ReplyDelete
  9. ලස්සන කතාවක ආරම්හයක් වගේ... නියමයි දිගටම ලියන්න සහෝ !!!!

    ReplyDelete
  10. @ මදුරංග: මචන් කතාව ලියන ලියන ටික මේකට දානවා ඉස්සරහට මෙයාලට මොකක් වේවිද කියලා මමවත් දන්නේ නෑ....
    ආවට තෑන්ක්ස්

    ReplyDelete
  11. ලිව්වේ රිසල්ට්ස් වැඩි නිසා පොලීසියට යාමේ සිහිනය බොදවූ සුරන්ගනාවෙක්

    දවසේ කියමනක් මචං................

    ReplyDelete
  12. @ අපරාජිතයා: ඒක ඇත්තටම මට වෙච්ච දේ බන්.. මම පොලීසියට යන්න හදනකොට ගෙදරින් මගෙ සහතික මිටිය හැංගුවා බන්....

    ReplyDelete
  13. ඔන්න මම දැනුයි කතාව කියවන්න පටන් ගත්තෙ ...... හොඳට ගලාගෙන යනවා ........
    බලමු ඊගාව කොටසත් ......

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02