ඔන්න මම කාලෙකින් ආයෙත් වැඩට බැස්සා.....අද ඉදන් පුලුවන් හැමදාම මොනවම හරි බ්ලොග් එකට දාන්නයි ඉන්නේ...
අන්තර්ජාලගත වෙන්න තිබ්බ අපහසුතානුයි...කම්මැලිකම්යි නිසා.. ෆයර්ෆොක්ස් අමතකම වෙලා හිටියෙ.. දැන් හරි හොදේ... මතක් වුනා..... මම ආයෙත් ලියනෝ.... මේක ප්‍රේමවන්තයෙක් සහ ප්‍රේමවන්තියක් අතරෙ ගිය කතාබහක්.... "ඔයා අන්තිමට හිනාවෙච්ච දවස මතකද?" "නෑ..ඇයි?" "ඔයා අන්තිමට අඩපු දවස මතකද??" "අපොයි ඔව්.. ඒදා අමතක වෙන්න මම මැරිලා ඉපදුනාද?" "කවදද ඒ??" "අනේ මේ... දන්නේ නෑ වගේ අහන්න එපා හොදද.." "ඔයා වැඩියෙන් ආස අඩන්නද හිනාවෙන්නද???" "අඩලා හිනාවෙන්න" "ආහ්.. එහෙනම් හිනාව කදුලට සාපේක්ශව අර්තකතනය කරන්නද හදන්නේ?" "ඔයාට වගේ මට පිස්සු නෑ එහෙම කරන්න" "එහෙනම් හේතුව කියන්නකෝ" "කියන්නම් හැබැයි හිනාවෙන බෑ හොදේ" "සත්තයි හිනාවෙන්නේ නෑ... කියනකෝ ඉතින්" " ඔයා මාව හිනස්සන වෙලාවට මාව ආර්මාර්තකාමී වෙනවා..ඔයාගෙ අහින්සක හදවතින් කියන දේවල් කන් දෙකෙන් පිටවෙලා යනවා... ඒත්. ඔයා මාව අඩවන වෙලාවට ඔයා මාව සංතෝසෙන් තියන්න කොච්චර දේවල් කාලද මතක් වෙලා මට ඔයා ගාවට දුවගෙන එන්න හි...