පුංචි කෙටිකතාවක්--04

"මොකද මේ බය වෙලා. මූනත් එල්ලගෙන.."
"නෑ.. මේ....මායි ඔයයි ඉන්න එක..ගමේ කවුරුහරි දැක්කොතින් එහෙම.."
"මම ඉන්නවනම් මොකටද ඔයා බය වෙන්නේ?"
"එහෙම නෙමෙයි.. මම කියන්නෙ..."
"එහෙනම් කොහොමද?"
"දන්නවනේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි තනියම ගෙදරක ඉස්තෝප්පුවෙ හිනාවෙවී ඉන්නකොට.."
"ඔව් ඉන්නකොට."
"අනේ විහිලු නෙමෙයි හලෝ"
"එහෙනම්..."
"නංගී මම වැඩක් කියන්නද?"
"ඒපාර මොකක්ද? ඇයි බඩගිනිද?"
"නෑ මේකයි. දැන් ඔයා අප්පච්චිට කෝල් කරලා අහන්න කොහෙද ඉන්නේ කියලා..ඊට පස්සේ රෑ වෙනවනම් කියන්න කෑම ගේන්න එපා..ඔයා කඩෙන් කන්නම්...මමත් තාම ආවෙ නෑ..."
"එතකොට මම තනියම ඉන්නව කියල හිතාවිනේ"
"ඒකත් එහෙමද?..වැඩේ සීන් නේ. එහෙනම්"
"අපෝ බෑ.. බෑ අප්පච්චිට පපුවේ අමාරුව හැදේවි"
"ඒකනේ...වෙනදා මෙහෙම රෑ වෙනවනම් මොකද කරන්නේ.."

"එහා ගෙදර සචිනි නංගියව ගෙන්න ගන්නවා තනියට"
"එහෙනම් එයාට එන්න කියන්න"
"බෑනේ හලෝ.. එතකොට එයා මායි ඔයයි දැන් පැයක් විතර කතා කර කර හිටියා කියලා දැන ගන්නවානේ"
"හරි..මම යන්නම් නංගි"
"මේ වෙලාවේ කොහේ යන්නද ඔයා...තරහ ගන්න එපා අයියා"
"නෑ..මෝඩියෙ මම යන්නේ කෑම තුනක් අරගෙන එන්න"
"තුනක් මොකටද?"
"මටයි ඔයාටයි..අර එනව කිව්ව නංගිටයි"
"අයියා නම් ඉන්න තිබ්බේ රහස් පොලීසියෙ"
"හික්"
"ඇයි මාර මොලේනේ"
"ඒ නංගි ආවම මට කෝල් එකක් දෙන්න මම අහම්බෙන් වගේ ඒ වෙලාවට එන්නම්"
"මේ වෙලාවට කෑම තියෙයිද"
"දැන් හයයිනේ..එස් අයි මහත්තයට මේ වෙලාවට කොත්තුවක් නොදැම්මොත් ඒ ඉතින්.."
"හා..එහෙනම් එහෙම කරමු"
"ඔයා කොත්තු කනවනේ"
"හ්ම්..
ආහ් මේ අයියා...
කතාකරන්නෙ 119 එකටද?"

"අනේ සොරි නංගි..0714******.. අර නංගි ආවම කෝල් එකක් දෙන්න"

ඇයටත් නොදැනිම ඇගේ කටින්ම අංකය ඉල්ලවාගත් මම....

සල්ලාල සුරන්ගනාවෙක්

Comments

  1. යාළුවා මේ නිළියට ගොඩක් කැමතියි වගේ නේද??
    කතාව යන විදිහ ලස්සනයි.. ආසාවෙන් කියවන්නේ..

    ReplyDelete
  2. උඹ මේ කථා‍ව පිටින් දාගෙන පොලිස් හීනෙ රඟපානව නේද?... එල එල...

    ReplyDelete
  3. අනේ අනේ සල්ලාල සුරංගනාවට කොත්තු ගේන්න උනත් කඩේ යන්න උනානෙ.

    ReplyDelete
  4. කතාවේ කොටස් තුනක්ම කියෙව්වා අද තමයි හතරවෙනි එක කියෙව්වේ. දිගටම ලියමු. ඉක්මනට ඉතුරු කොටසත් දාන්න.

    ReplyDelete
  5. ඕක මෙගා ටෙලියක් කරන්නැතුව ඉක්මනට ඉවර කරපන් බන්...

    ReplyDelete
  6. ලස්සන කතාව.නරක වෑඩේ අර නම්බර් එක අරගන්න විදිය තමා.

    ReplyDelete
  7. @ දිනේශ්: ස්තුතියි මචන්නොව් බන්....මෙයා පට්ට ලයින් හදවතින් කිව්වොත්..

    @ සාතන්: උබ වැරදි නෑ බන්... ඒත් එහෙම හරි හීනෙක ජීවත් වෙන්න පුලුවන්නම්... සංතෝසයි නේද බන්...

    @ පිනිබිදු: ඒ වගේ කෙල්ලෙක්ට කඩේ ගියාම මක්කා වෙනවාද? ඇත්තටම ලස්සනයි එයා...

    @ මදුරංග: මචන්.. මම මේ කතාව ලියලා තියාගනිපු එකක් නැහැ.. ලියන වෙලාවේ ඉන්න මූඩ් එකේ විදියට ඉස්සරහට ගෙනියනවා....
    ඊලගට මොකක්වේවිද ... උබලා වගේම මමවත් දන්නේ නෑ..

    @ චාටර් කොල්ලා: හා මචන්.. වැඩිය අදින්න ගිහින් අනාගන්නවට වඩා තව කොටස් කීපයකින් නවත්තන එක හොදයි...

    ReplyDelete
  8. @ හිම හංසි: එහෙම නැතුම මනුස්සකමින් ඉල්ලන්න ගියානම් ඔයාලගෙ ගෑස් බලන්න පොලිස් කාරයෙක් කැමති වෙන එකක් නෑ....

    ReplyDelete
  9. ලස්සනයි යාළුවා දිගටම ලියමු..ට්‍රීෂා නංගිගේ පොටෝස් ටිකත් මාරෙට මැච් වෙනවා..ඔය පොටෝස් තියන ෆිල්ම් එක බැලුවා..මැක්සා

    ReplyDelete
  10. ආයෙමත් කියන්න තියෙන්නේ ඉතින් නරක සමනලයා කියලා තමයි...............

    අඩෝ හැබැයි කෙල්ලෙකුට පෝන් නම්බර් එක දෙන්න කියාපු ක්‍රමය.... හික් හික්......

    ReplyDelete
  11. @ දේවසුරේන්ද්‍ර: උබාලාට කියවන්න තමයි යසියා ලියන්නේ.. උබල කියවනවා බලද්දී හිතට පුදුම සතුටක් බන් දැනෙන්නේ... ස්තූතියි හැමදාම දක්වන සහයෝගයට...

    ReplyDelete
  12. @ අපරාජිතයා: මම එකපාරක් කෙල්ලෙක්ගෙන් ෆෝන් නම්බර් එක දෙන්න මෙහෙම කලා.. ඒ සිද්දිය මතක් වුනා,, ඒ නිසා කතාවට එකතු කරගත්තා...

    ReplyDelete
  13. හොඳයි මලෝ ........
    එලට යනවා .......

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02