පුංචි කෙටිකතාවක්--05--අවසානය


"මොකද තනියම හිනාවෙන්නේ?"
"නෑ..ඔයා මට නංගි නංගි කියනවනේ ඒකයි"
"ඒකේ ඇති වැරැද්ද මොකක්ද?"
"නෑ..කිසිම වැරැදක් නෑ"
"එහෙනම්..."
"ඔයා දෙදාස් හතේ ඒලෙවල් කලාට මම කලේ දෙදාස් හයේ"
"ඉතින් අවුරුද්දක් වැඩිමල් වුනා කියල මක්කා වෙනවාද?"
"ඔව් ඉතින්.. ගෙදර බෝඩිම් කාරයෙක් නවත්ත ගනිද්දී වයස බලන්නෙ හිරයක් දෙන්නයැ?"


"කාලා ඉවරද?"
"හ්ම්.පොඩ්ඩක් ඉන්න..සචිනි නංගි තාම කනවානේ"
"එහෙනම් මම ගිහින් අත හෝදගෙන එන්නම්."
"ඉතින් හෝදගන්න..මගෙ අත නෙමෙයිනේ"



*******************************************************************************

"අක්කේ  අක්කේ"
"මොකද සචියෝ කෑ ගහන්නේ"
"ආන් මාමලා එනවා"
"අපෝ හතාමාරවත් වෙද්දි ආව එකත් ලොකු දෙයක්."
"ඔව් ඒත් ඔය පාරා ගාව ඉදන් එන්න තව පැයක් වත් යාවි"
"මොකද අප්පච්චිලා එනවා කිව්වම මෙච්චර සන්තෝස?"
"පස්සේ දැනගන්න ලැබෙයි.."
"ඒකත් එහෙමද..."\
"හ්ම්"

"සචිනි නංගියෝ"
"ඇයි අක්කේ..පොඩ්ඩක් මේ අයියත් එක්ක කතා කර කර ඉන්න මම පස්සෙ ටොයිලට් එකට ගිහිල්ලා එනකන්"


**********************************************************************************
"අයියාගෙ හිතේ අක්කා ගැන මොනවහරි තියෙනවද අයියේ?"
"ඇයි නංගියො එහෙම අහන්නේ?"
"නෑ. අයියා එයත් එක්ක කතා කරන විදියටයි ඔය එයා දිහා බලන විදියටයි මට නිකමට එහෙම හිතුනා"
"අක්කා හරි හොදයි නේද නංගී"
"ඔව් හුගාක් හොදයි"
"එයාට සහෝදර සහෝදරියො නැති නිසා අක්කා මට මාර විදියට ආදරෙයි"
"අයියා පොලීසියෙ ලොක්කෙක්ලු නේද ?"
"ටිකක් ලොක්කෙක් නංගි මට වඩා ලොක්කො ඕන තරම් ඉන්නවා"
"ඒකද ඔයාව එක්කගෙන යන්න ජීප් එකකින් එන්නේ"
"හ්ම්.. මේ අන්න අන්කල් එනවා"
"අපෝ මාමා හරි හොදයි"







**********************************************************************************
"දුවේ...දුවේ..
ආහ් මේ පුතයි සචිනි දූයි නුත් ඉදලනේ.. ඒකත් හොදයි.."
"අප්පච්චි..අද බස් අඩුයිද?"

"ඔව්.
ආහ් මේ බෑග් එක මයි කාමරෙන් ගිහින් තියන්න"

"තේකක් හදන්නද?"

"දුවගෙ කටයුත්තට මේ මාසෙ නෙමෙයි ඊලග මාසෙ හොද වෙලාවක් තියෙනවලු..ඉක්මනට ඕන ඒවා ලෑස්ති කරගන්න වේවි"


*********************************************************************

"ඉතින් පුතා...ගොඩක් වෙලාද ඇවිත්?"
"නෑ අන්කල් පැය බාගයක් විතර වෙනවා"
"දානෙ ගේකට කිව්වා නේ ගියේ...කොහේද තිබුනේ"
"ආහ් මේ කෙල්ල එහෙමද කිව්වේ...
මේකනේ පුතා ගමේ කාටවත් කියන්න එපා කියලා මම කෙලීට කිවා නිසා පුතාට කියන්න නෑ එහෙනම්"
"මොකක්ද අන්කල්?"
"මේ කෙල්ලගෙ කටයුත්ත ගැන ඒ ගෙදර උදවියත් එක්ක කතාකරලා දිනයක් දාගන්න කියලා ගියේ...
දන්නවනේ අපේ ගම් වල ඇස්වහ කටවහ..."


"ඕනම උදව්වක් කියන්න අන්කල් මගෙන් කෙරෙන්න ඕන.."\
"බොහොම ස්තූතියි පුතා..ඕන වුනොත් මම කියන්නම්කෝ"



සොදුරුතම ගැහැනියකට ලෙන්ගතු වෙන්නට පැතූ සිහිනය බොද කරගත් මම..


අවාසනාවන්ත සුරන්ගනාවෙක්

Comments

  1. පැතූ සිහින උඩු හු‍ලගේ ගියාදෝ..ලස්සනයි..ඒත් අනිතිමට දුකක් උනත් කතාවේ සුන්දරත්වයක් ගැබ්වෙලා තියනවා..තව දිගට ලියන්න..කතා වස්තු බීජනම් අනන්තවත් හොයාගන්න පුළුවන්

    ReplyDelete
  2. කාල වරෙන්කො... ඔය කොරගෙන තියෙන්නෙ...

    ReplyDelete
  3. නියමයි. ඉතුරු කොටසත් අද දවස ඇතුලතම කියවන්න ලැබුන එකනම් නියමයි.

    ReplyDelete
  4. අපෝ විනාසයි. මේ කතාවේ අවසානයි හෙනම දුකක් නේ. කමක් නෑ හැම කතාවකම අවසානය සතුටින් ඉවර වෙන්නම කියලා නියමයක් නෑනේ. නියම කතාව සහෝ.

    මේක තමන්ගේ පුද්ගලික අත්දැකීමක් වෙන්න ඇති නේ.

    ReplyDelete
  5. මෙච්චර ඉක්මනට මේක ඉවරවෙන්න බෑ කියල හිතාගෙන කියෙව්වෙ ඒත්.... කතාව ඉවරයි....

    ReplyDelete
  6. හොඳ කතාව.. ගානට මිම්මට අවසානයට ගෙනත් තියෙනවා කුතුහලය එහෙමම තියෙද්දී .. මොනවා කරන්නද පෙරලුන පිට හොඳයි කියනවා මිස !!

    ReplyDelete
  7. @ දේවසුරේන්ඩ්‍ර: ලියන එකනම් මගෙන් ඈත් වෙන එකක් නෑ මම හිතන්නේ..ඒත්...කතාවල සමහර තැන් ප්‍රායෝගික නැතිවගක් මට සමහර වෙලාවලට තේරිලා තියෙනවා..ඒකට හේතුවක් මට තවම හොයාගන්න බැරිවුනා.. ස්තූතියි යාලුවා කියෙවලා... කියන්න ඕන දේවල් කිව්වට

    ReplyDelete
  8. @ සාතන්: මේ දේ මටනම් ඕන තරම වෙලාතියෙනවා බන්... ආදරේ හොයාගෙන යනහැමවිටකම.... ඒ හීන සුලගේ නොපෙනිලා යනවා....ආවට තුති....

    ReplyDelete
  9. @ මදුරන්ග: තව දිගට ගෙනියන්න හිතාගෙන හිටියට..ඊයෙ වෙච්ච පුංචි සිද්දියක් නිසා කෙල්ලන්ගෙ ආදරයයි යාලුකමයි අතරෙ වෙනස හොයන්න ගිහිල්ලා මම අතරමන් වීමෙන් කතාවත් ඉවර කරන්න හිතුනා.. 65%ක් විතර අගේ අත් දැකීම්..හැබැයි මේ විදියටම වෙච්ච ඒව නෙමෙයි....

    ReplyDelete
  10. @ කිඩෝ: කතාවක් වුනත් සදාකාලීනව ගෙනියන්න ගියාම ඒකෙ වටිනාකම නැති වෙනවානේ...මමත් අදම මේක ඉවරයක් කරන්න හිතුවෙ කතාවෙ භාගයක් මගෙ අතින් ලියවුනාටත් පස්සෙ.. ආවට තුති.....

    ReplyDelete
  11. @ StArry aNgeL: මටනම් පැතූ ආදරේ අහිමු වූ අවාස්තා වැඩී ලැබනාට වඩා... ඒකයි කතාවටත් එහෙම තිතක් තිබ්බෙ.... ඒත් මම දිහා බලපු කෙනෙක් අයියෝ කිව්වේ නෑ...දුක් වුනෙත් නෑ...

    ReplyDelete
  12. @ සරත් අයියා: ඔව්.. ඔයාලට එපා වෙන්න ඉස්සෙල්ලා මම කතාව නවත්තලා දැම්මා..මෙහෙම්මම ඉවර කරන්න මට තුන් හිතකින් වත් හිතලා තිබුනේ නෑ....කතාව ගැන විවරනයක් දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  13. බලාපොරොත්තු නොඋන අවසානයක් මේ කතාවට දීලා.. ගොඩක් ආසාවෙන් මේ කතාව කියෙව්වේ.. දිගටම ලියන්න..

    ReplyDelete
  14. dinesh: මට සමාවෙයන් බන්..ඒ දෙන්නව එකතු කලානම් මම ඒත් අසරනවෙනවා..මම ආදරේ විදලා නෑ...දන්නේ නැති දෙයක්..ලියන්නත් බෑ,,

    ReplyDelete
  15. කෙලිය තියල... මේක අවසානයැ කියල දැක්ක හැටියේ මම මේ විදියට ඉවර වෙයි කියල හිතුව..

    සුපිරි මචං.. දිග ගමනක් යන්න පුළුවන්.. කවද හරි උබෙම කෙටි කතා සංග්‍රහයක් එලි දක්වන්න ලැබේවා කියල පතනවා.

    ReplyDelete
  16. අපොයි මෙහෙම අවසානයක් බලා පොරොත්තු උනේ නැහැ බං.............. :(

    ReplyDelete
  17. නොහිතපු විදියේ අවසානයක්.කොල්ල නම් පව්.මොනා කරන්නද ඉතින්.ආදරෙ විදින්නම ඕන නෑ ආදරේ ගෑන ලියන්න.දිගටම ලියන්න.

    ReplyDelete
  18. @ adk කොලුවා: තෑන්ක්ස් මචන්.. වැඩිදුර ඇදගෙන යනවට වඩා එකපාරට නවත්තන්න හිතුනා බන්... ස්තූතියි බන්.. මගෙත් එහෙම හීනයක් තියෙනවා....

    ReplyDelete
  19. @ අපරාජිතයා: කවද්ද බන් මේ ජීවිතේ අපි බලාපොරොත්තු වුන දේවල් වුනේ... මටනම් හීන බිදීම් නෝමල් වෙලා බන්....

    ReplyDelete
  20. @ හිම හංසි: ඔයාට කතාවල කොල්ලෙක් ගැන පව් කියලා හිතුනට.. ඇත්ත ජීවිතේ මෙහෙම කොල්ලෙක් හිටියොත් ඔයා කියාවි පස්සෙන් එනවා කියලා...ඒත් ඒ කතාවලයි ජීවිතෙයි වෙනසක් නෑ කියල මට කෙල්ලි පනහකට තේරුම් නකරන්න පුලුවන්නම්.අහිංසක මේ වගේ උන් පනහකට ආදරේ හොයල දෙන්න පුලුවන්නම්... මට ඒක ඇති මේ ජීවිතේ පුරාවටම..කතාව පුරාවට මාත් එක්ක හිටියාට ස්තූතියි නුබට...

    ReplyDelete
  21. kathawa nam duka wedee weththw.... kella kollata hopes dunna nee.... ehema nodunna nam awlak nee.... bt kellath kollata kemathi wagee nee..... ithin ohoma iwara karapu ela harida weththe??????/

    ReplyDelete
  22. ane duka wedee weththe......
    kellath muladi kollata kemathi wegene inne.... ekanisa kathawa meheme iwara karanna epa....

    ReplyDelete
  23. @ kalhari: කෙල්ලේ... ජීව්තේ කියන්නේ හිනාවෙන් පිරුනු තැනක් නෙමෙයි කදුලින් පිරුනු තැනක්.කේක නිසා ඕනම දෙයක් කිරීම සාදාරනයි..හෝප්ස් කියන දේවල් ඉබේට ඇතිවෙනවාලු.. ඕන කමින් දෙන්නෙ නැතිලු....එහෙම දවසක් මට කෙනෙක් කිව්වා...

    ReplyDelete
  24. කෙල්ලො හෑම කොල්ලටම එහෙම කියන්නෙ නෑ අය්යෙ.වාතයක් වෙන අයත් ඉන්නවනෙ.මේ කොල්ල නම් අහින්සකයි වගේ පොලිසියෙ උනාට.

    ReplyDelete
  25. නෑ ඒ කෙල්ල එහෙම කිව්වෙ එයාට වැඩිපුරම ආදරේ කල.. එයත් වැඩිපුරම ආදරේ කල කොල්ලට...

    ඒත් මේ කතාවෙ පොලිස් කාරයා ගැන නංගි කියපු කතාවෙන් මටනම් තේරුනේ ඔයා කොච්චර අහිංසකද කියලා..

    ලස්සනට කතා කරන හැමෝන්ගෙම හදවත් ලස්සන නෑ "හිම හංසි"

    ReplyDelete
  26. කිසිම කම්මැලි කමක් නැතුව කියෙව්වා .....
    ෂෝට් ඇන්ඩ් ස්වීට් ..........
    එල ........
    තව ලියන්න මලයා ......

    ReplyDelete
  27. මාරයි. :D

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02