මට එපා උබලගෙ නෑකම්... තියාගනින් ඒවා පරිස්සම් කරලා.............

..ඇත්තටම කිව්වොත් ඇත්තම විතරක් ලියවෙන්න යන පෝස්ට් එකක් මේක. මේකෙන් මාතෘකා කරගන්නට හදන්නේ එකම නෑ කම වෙනස් විදියට වටිනාකම් ගෙනත් දෙන විදිය ගැන කියන්න..

මම බ්ලොග් අවකාශයේ අති පෞද්ගලික දේවල් දාන කොට ටික වෙලාවක් හිතන්නේ ඒකෙන් මගේ රත්තරන් අම්මටයි තාත්තටයි කැලලක් වෙන්න පුලුවන් නිසා..

අන්තර්ජාලය කියන මාතෘකාවෙන් පිට ඉන්න තාත්තත්..බැංකුවක මූල්ය සර්වර් එකකින් ඔබ්බට නොයන අම්මත් මේක දැක්කට කමක් නෑ..

නමුත් හැමදාම මගේ ප්‍රොෆයිල් එක බලලා මට මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කෝල් කරලා...
"මොකෝ බන් උබට වෙලා තියෙන්නේ "
කියලා අහන මගේ බාප්පානම් සමහර විට කියවාවි..
කමක් නෑ..තමන්ගේ මිනිස්සුන්ගෙන් හංගන්න දේවල් මොකටද?.. මේ යසියා   ගෙදරට එක විදියකුත් පිටට එක විදියකුත් පෙන්නනන එකෙක් නෙමෙයි..


මට ඕන කසිනයෙක් නෑ
මම චැට් කරන්න ගියාම..
"සොරි අයියා.. අයියා ඔන්ලයින් ඉන්නවා මම දැක්කේ නෑ"
පලයන් යන්න .. මට තොපිලගෙ බොරු අහලා එපා වෙලා

හිටපන් ඔහාටම වෙලා..
උබල පිට රට තියා තූත්තුකුඩියේ හිටියත් මට මොකෝ..
සීයට නැන්දලාට මාමාලාට බාප්පලාට උබලව ලොකු වුනාට මට තොපිලව තබ සතේකට වටින්නේ නෑ බොලව්.

මට අක්කා කෙනෙකුයි නංගිලා දෙනෙකුයි හිටියා ඉස්සර...සොරි මම වැරදියට හිතාගෙන ඉන්නේ...
උබලා මට කවුරුවත් නෙමෙයි..
හිටපන් ඔහාටම වෙලා..ඕන කුදයක් ගහගනින්...
උබලට වඩා රට වල් වල ඉන්න නෑයෝ මට ඉන්නවා...
නෑ කම උබලට වඩා දුර උනත් උන්ගේ හදවත් උබලට වඩා මට ලගයි...

මට කට ඇරලා අයියා මල්ලී කියන මගේ නෑයෝ ඕන තරම් ඉන්නවා.. නිකන් උබලටත් හොරා උබලගෙන් නෑකම් අහගන්න මට ඕන නැහැ...

මම මේ පෝස්ට් එක හත් පාරක් ලියලා තරහ අඩුම වෙච්ච වෙලාවේ මේක දාන්නේ...නැත්නම් ලෝකෙම තියෙන කුනුහර්ප මේකෙ ලියවුනා...

මගේ සුරන්ගනා ලෝකය තොපි වගේ දෙලොවටම නැති නෑයෝ නිසා ගද ගස්ස ගන්න මට ඕන් නෑ...
යන්න කලින් තව හොද උදාහරනයක් දෙන්නම්කෝ..
මගේ කිසි දිනක නොදැකපු එෆ් බී මිතුරිය මම අප්සෙට් මොකද අහලා මෙහෙම එවනවා...
ඇගේ නම "මනාලි යාදව්"

"outer world is calling u yasitha...
shut ur lappyyy n go...
everything is waiting n happy 4 u...my dear.
  • no...life is very btiful...u just change ur view...
    • hahaha...:-)
    • dear...1 reason is more dan sufficient 2 bcome happy...4get all dat bloody reasons which make u sad...
    • yasitha...smile plz...
      :-)
    ..
    • tum haste huye bahut achhe lagte ho
    • thank u...so much...
      c outside...this tree also happy naw...
      • coz u shut all d doors of ur mond...
      • sorry mind
      • u closed ur mind...open ...open it...n take full chance 2 njoy d life...
      • my mom calling me...extrmly sorry dear...""""
        මට අක්කා කෙනෙක් මගේ ම කියල හිටියානම් මේ නාදුනන ඉන්දියානු තරුනිය වාගේම වෙන්න තිබුනා..

       "ආදරනීය මනාලි යාදව් අක්කේ.. උබට මේක තේරෙන්නේ නෑ..ඒත් මේ ආත්මෙ නොවුනට මට ඊලග ආත්මේදිවත් උබේ කකුල් දෙක අල්ලල දනගහලා වදින්න ඇත්නම්"

      හිතේ තියෙන සේරම ඒ විදියටම ලිව්ව මම  





Comments

  1. සිද්දිය මොකද්ද කියලා දන්නේ නැති වුනත් හිතා ගන්න පුලුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා.. ඕව ඔහොම තමයි.. නෑදෑයෝ හැමෝම හොඳ නෑ බං.. තෝරාගෙන ඕන ආශ්‍රය කරන්න..

    ReplyDelete
  2. රවීන්: මම මුන් ගැන දැන ගෙන හිටියා මෙහෙමයි කියලා.. ඒත් ඇගෙයි මුන්ගෙයි වෙනස දැක්කාම මට තරහ ගියා බන්...කියන්න කෙනෙක් නැති නිසා.... මගේ සුරන්ගනා ලෝකයේ කොනක ඒක හැන්ගුවා...
    ස්තූතියි මචන් මේ පැත්තට ආවට...
    ආයෙත් එන්න..

    ReplyDelete
  3. නෑයෝ නම් වේයෝ වැනිමය.

    ReplyDelete
  4. ඔව් පිනිබිදු..
    කාලකන්නි නෑයෝ....වාසියට විතරයි....දුකේදි බිසී එයාලා

    ReplyDelete
  5. යනන් දෙන්න අයියා ඔය වගේ නෑයොන්ට නං. මේ මං ඉන්නෙ, නෑයොන්ට යාලුවොන්ට හැම දේටම ඉන්නෙ හොදම යාලුවො දෙතුන් දෙනෙක් විතරයි. දැන් මට නං අවුල වෙල තියෙන්නෙ දුරින් තියගෙන හිටපු උන් මට වල කපන එක... හිත හදා ගන්න.. ඔයාට හොද යාලුවො ගොඩක් ඉන්නව...

    ReplyDelete
  6. මම මාව දාලායන අයව බලෙන් තියාගන්නෙත් නෑ..යන්න දෙනවා.....ගිහිල්ලා ආයෙත් ආවොත් එයාලගෙ ඉඩ තිබ්බොතින් විතරක් මම එයාලව බාරගන්නවා..

    ඒකයි මේ සුරංගනාවගේ විශේශත්වය නගා...

    ආවට තුති

    ReplyDelete
  7. good work malliyooo.. b\hama nadayekma me wage nha. nadayo adarin weyo thoragena ain karanna. ethakota oyata ithuru wena nadayo tiken oyage iyala lassana punchi lokay hadanna puluwan wei malli.. good luck

    ReplyDelete
  8. මං කියන්න ද, මෙහෙම නෙමේ, අපි කාටත් පොඩි ලෙසන් එකක් එන විදියට ලියමු.
    මං කියන්නේ අපේ අමු අත්දැකීම පොදු රසාස්වාදනයකට පෙරලන්න ඕනෑ කියන එකයි.

    ReplyDelete
  9. ඕක මටත් ඔහොමම තමයි.......

    ReplyDelete
  10. නෑයන්ගේ හැටි ඔහොම තමයි යාළුවා.. ගොඩක් නෑයෝ හරි ඉක්මනට වෙනස් වෙනවා.. අපේ පව්ලෙත් ඔහොමයි.. ඔවා එච්චර ගනන් ගන්න එපා..

    ReplyDelete
  11. අපි අපේ කියල හිතන් ඉන්න අයට වඩා පිට අය අපිට හිතවත් යසියා..ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ ඒක හැටියක්..කොයි නෑකම නමට විතරයි ගොඩක් වෙලාවට.... ඔය කියන කෙහෙල්මල් නෑයොන්ට වඩා චැට් එකෙන් අදුනගනිපු උන් ඉන්නව මට උදවුකරපු.. උඹෙ කතාවට මම සම්පූරණයෙන්ම එකගයි...

    ReplyDelete
  12. @ sathyaa: අක්කි මම උන්ව හොදට අදුනගෙන ඉන්නේ.... තරහව නැති කරගන්න මම මේක ලිව්වෙ... ආව එක ගැන සංතෝසයි..

    @ කතන්දර: මට ඕන වුනේ දුක කියන්න.. ඉස්සරහට බලමු මෙහෙම දෙයක් ගැන කාතවක් ලියන්න... ඉස්සර ලියපු එකක් නම් තිබුනා... මලන්න ඔන පරන පොත් පෙරලලා....

    @ පිසාචයා:
    මහ ජරා නෑයෝ නේද බන්...

    @ ඩිනේශ්:
    ඔව්.. උන්ගෙ වාසියට විතරයි... චික්..කතා මොකටද?

    ReplyDelete
  13. @ පොඩි මෑන්:
    උබ කියන දේට මමත් එකගයි බන්.. මගේ ජීවිතෙ වෙනස් කලේත් ඔය කියන්න වගේ චැට් එකෙන් අදුන ගත්ත කෙල්ලෙක්.. එයා ගැන මම හුගාක් කතාන්දර ලියලා ඇති... ඒත් එයා අද මගෙ නෙමෙයි.....
    ඒත් තාම මම මගෙ අම්මට තාත්තට වගේම එයාටත් ගරු කරනවා...

    ReplyDelete
  14. මචං උබේ කතාව නම් මට එච්චර තේරෙන්නේ නෑ.. හැබයි උබ සෑහෙන්න හිතින් දුක විදින කොල්ලෙක් කියල නම් තේරෙනවා. උබේ දුක නිවන්නනම් අපිට බැරිවෙයි. හැබැයි උබ දවසක් තිස්සි දුක කිව්වත් හ්ම.. හ්ම.. ගගා කිසි අව්ලක් නැතුව අහගෙන ඉන්න පුළුවන් කොල්ලෙක් මේ පැත්තේ ඉන්නවා. මුනු පොතේ මට FR එකක් දාපන්. මම Anjana Dilanka Kulasinghe මාව මුනු පොතේ හොයාගන්න වැඩිය අමාරු නෑ.

    ReplyDelete
  15. මචන්...මම අඩන්නේ නෑ...

    ReplyDelete
  16. මට මේකට මොකුත් කියන්න ශක්තියක් නැහැ බං දැන්....... මමත් ඉන්නේ හොම්බ බිම ඇනගෙන.......

    ReplyDelete
  17. @ අපරාජිතයා: මම ඒක දැක්කා බන් උබෙ බ්ලොග් එකේ..මචන්... ඉක්මනට ආයෙත් එයාව තමන්ගෙ කරගනින් වෙන එකෙක් හොරකම් කරන්න ඉස්සෙල්ලා...

    ReplyDelete
  18. අපිට තේරෙනවා උඹේ දුක.පොඩි මෑන් කියන දේට මමත් එකගයි බන්.උඹට විතරක් නෙමයි මටත් ඔය දේ වෙලා තියෙනව.පිටරට අය වගේ ම ලංකාවෙ නෑදෑයන් ගෙන්.සමහර වෙලාව්ට හිතේනව අපේ සංසාරික සතුරෝද කියලා.සල්ලි ලැබුන ගමන් පරණ කලගුණ අමතක වෙනවා.මම නම් හිත හදාගන්නේ අපේ පරන පවක් ගෙවිලා ගියා කියලා.මච්න් අපි මේ ප්‍රශ්නේ දි බුද්ධිමත්ව හිතන්න ඹ්න.හොඳ අයව ලංකරං නරක අයව ඇත් කරන්න ඔන.එවගේම අනපේක්ෂිත සිදුවෙන දේවල් බාර ගන්න ලෑස්තිපිට ඉන්න ඹ්න.කවුරු අපිට නරක දේවල් කිවුවත් කරත්.අපි කවදාවත් ඒ අයට නරක කරන්න නරකයි.අන්තිමට අපිට ඉතුරුවෙන්නෙ අපි කල හොද නරක ටික විතරයි.

    ReplyDelete
  19. නෑයෝ ..... වේයෝ .......... මීයෝ ........ එක වාගේ ...... මේ ඈයෝ ....

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02