නමක් දෙන්නට නොහැකි බැදීමක් ගැන..



හිත කියන්නෙ පුදුමාකාර දෙයක් නේද.. එක එක කාලෙට් එක එක මායාවලින් අපිව නොමග යවල ටික දවසකට පස්සෙ ආයෙමත් අපිව හරි මගට ගන්නවා...ඒ හිත කියන දේ අස්සෙම මොකක්දෝ තැනක මතකයන් ගබඩා කරලා තියාගෙන වෙලාවකට සංතෝසයකුත් වෙලාවකට වේදනාවකුත් ගෙනත් දෙනවා...

ගැහැනියක් සහ පිරිමියෙක් අතර තියෙන්න පුලුවන් මොනවාගේ බැදීමක්ද?
* යාලුකමක්?
*සහෝදරකමක්?
*ප්‍රේමයක්..???

ඒක ඒ ඒ පුද්ගලයන්ගෙ හැටි අනුව වෙනස් වෙනවා...

කවමදාකවත් අපිට මෙච්චර ලන්වේවි කියල නොහිතපු අය පොඩි දිනගානකදි හිතේ ස්තිර පදින්චිය අරගෙන ඈත්වෙලා ගියාම පුදුමාකාර දුකක් ඇතිවෙනවා...ඒත් ඒ අන්තර් සම්බන්දතාවය මොකක්ද කියල නමක් දෙන්න නොහැකි වුනාම...අපි කොච්චරක් නම් අතරමන් වෙනවද???

පිරිමියෙක් එක ගැහැනියකගෙ තුරුලෙ තියෙන උනුහුමට ආසා කලාම.. රූපයක් දකින්න ලෝබ වුනාම... මත්ද්‍රවයක් වගේ අපේ ස්නායු පද්දතිය ඒව හොයාගෙන යන්න අපිව අසරන කරනව..සමහර වෙලාවට නොයෙකුත් හේතුන් හින්දා ඒ හැගීම හිත ඇතුලෙම හංගාගත්තට ඒ උත්තේජනයන් සිහිනවලින් අපිම ලබාගන්නවා.

.
නුපුරුදු මිනිස්සු මිතුරන් කරන්නත්...දන්න හදුනන උදවියව ආගන්තුකයන් කරන්නත් හිතක ඇතිවෙන හැගීමක් ප්‍රමානවත්. ඇස්දෙක දිහා බලාගෙන දහසකුත් දේවල් හිත අස්සෙ කියාගන්න බැරිව හිරකරගෙන ඉන්න කෙනෙක් කොච්චර වේදනාවක් විදිනව ඇත්ද?
ඒ වේදනාව මිහිරක් කරගන්න හේතුවක් තියෙනවා...

ඒ සිතුවිල්ල ඔහුට පමනක් සිතුන එකක් නම්.. ඒ කියන්නෙ ඇය ඔහු ගැන ඒ ආකාරයෙන් නොහිතනවානම්...

ඇගෙන් ඈත් වෙන්න සිද්ද්වේවි කියලා හිතෙන බයට...
ඒත්...
ඇය ඈතට යනව කියල දැන දැනම දුක් විදින්නෙ ඇයි??
ඇගේ හිතේ ඔහුට හිමි තැනින් ඇය අයින්වෙන්න කියාවි කියල හිතෙන නිසාද???

Comments

  1. කියන්න ඕනේ මොනවද කියල හිතාගන්න බෑ දේවදාස් ට... නමුත් එක දෙයක් කියන්නම්... ගැහැණු ළමයෙකුටත් පිරිමි ළමයෙකුටත් යාළුවො කියන බැඳීමෙන් නවතින්න බෑ... ඒ බැඳීම ආදරයක් වෙනවාමයි... එක දේව්දාස් ගේ අදහස... පිළිගන්න එකක් නෑ... ඒත් ඒක ඇත්ත...

    දේව්දාස්...

    ReplyDelete
  2. @ දේව්දාස්: ඇත්ත ඒක මමත් පිලිගන්නව.. මට කියන්න ඕන වුනේ.. එහෙම යාලුකමක් පටලවිල්ලකට පෙරලනවද නැත්ත කියල හිත හිත දුක් විදින කොල්ලෙක්ගෙ හිත මොන වගේ ඇත්ද????

    ReplyDelete
  3. මේ වටින් ගොඩින් කියලා තියෙන්නෙ ආදරේ ගැනද මලයා ......

    ReplyDelete
  4. හ්ම්ම්.. යාලුකමකට වඩා වැඩි බැඳීමක් හිතේ තියාගෙන බොරුවට යාලුකමක් විතරක් තියෙන විදියට රඟපානවද..පටලවිල්ලක් ගැන කියන්න ගිහිං තියෙන යාලුකමත් කෙල වෙයිද...

    ඒකත් කියාගන්න බැරි දුකක් තමයි..

    ReplyDelete
  5. මෙහෙමයි...එක්කෙනෙක්ට, තව කෙනෙක් ගැන ආදරයක් ඇති වෙනවා කියලා හිතන්න. අනිත් කෙනාගේ හිතේ ඒ පුද්ගලයා ගැන ආදරයක් ඇති උනත්..නැති උනත්, එයාට අනිත් කෙනාගේ ආදරය අනිවාර්යෙන්ම දැනෙනවා. ඕන නම් නොතේරෙන විදිහට ඉන්නත් පුලුවන්.

    එහෙම ඉන්නේ ඔයාට, එයාට ආදරය කරන්න බැරි හනදා වෙන්නත් පුලුවන්.ඒවගේම ඔයාගේ ආදරය, එයාට වචන වලින් ප්‍රකාශ කරනකන්, එයාගේ ආදරය සගවනවා, වෙන්නත් පුලුවන්.

    කොහොම උනත් කවදාවත්ම හිමි නොවන බව දන්නවානම්, එහෙම හිතකට ආදරය කරන එක දිගටම කරන්න එපා..කියන්න මට බෑ.මොකද මමත් තවමත්, එහෙම හිතකට ආදරය කරන එක නවත්ත ගන්න බැරුව, හුගක් දුක් විදන කෙනෙක් හන්දා.

    ReplyDelete
  6. @ පන්සල් හන්දිය: ඒ වගේ එකක් ගැන මම හිතන්නෙ... :)

    @ තිලාන් අයියා: ඔව බන් පට්ට දුකක් තමයි...

    @ නිල් අහස: අනිත් කෙනා අපිට ආදරේද නැත්ද කියල හොයාගන්න ක්‍රමයක් තියෙනවද??? නැහැ නේද??>..

    ReplyDelete
  7. ඕක ඔය විදිහටම "ඔහුටත්" අදාලයි මම හිතන්නේ...ඇය කියන තැනට මම කියන්නේ...!

    ReplyDelete
  8. umz: හික්ස්... අනේ මන්දා

    ReplyDelete
  9. දැනගන්න එපැයි ඩෝ...

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02