"සිහින"-- මොනවද මේ "DREAMS"

මම ලගකදි දැක්ක පුදුමාකාර හීනයක් ගැන විස්තරයක බාගයක් අහගෙන හිටපු මගේ බාල සහෝදරය කියනව..
"ඕක උබෙ හිතේ තිබ්බ එකක්. ටිකක් වෙනස් විදියට උබට ඔය පෙන්නන්නෙ..."

ඒ කියන්නෙ ඔහු කියන විදියට හීනයක් කියන්නෙ "යටි හිත තුල තැම්පත් වන්නාවූ සිතුවිල්ලක ප්‍රතිනිර්මානයක්" 


ඒත් අපි සමහර හීනවලට කොච්චර ආදරය කලත්, ඒ හිනයම නොවුනත් අඩුමගානේ ඒ ආකාරයේ හීනයක්වත් ආයෙමත් දැකගන්නේ කොහොමද කියන්න ගොඩක් දෙනෙක් දන්නෙ නෑ.චිත්‍රපටියක් බලන්න වගේ අපිට ඕන හීන පුන පුනා බලන්න පුලුවන්නම් ඒක කොච්චර එකක්ද නේද?

සමහර හීන කොයි තරමටම ප්‍රායෝගිකයිද කියනවා නම්. ඒ හීනය දකින අවස්තාවෙදී අපි නින්දේ පසුවන බවක් වත් අපට දැනෙන්නේ නෑ..ඒ හීනය තුල තියෙන්නාවූ හැගීම්. වේදනාවන්, ඒ වගේම චේතනාවන් අපේ යටිහිතේ තැන්පත් වෙන්නේ සාමාන්ය ආකාරයටමයි. තැන්පත් වුනාට අනතුරුව මතකයන් කියන ඒවා එකිනෙක වෙන්කරගන්න අපේ මනසට හුගක් අපහසුයි..සමහර හීනයන්හිදී අපිට, ඉන්පෙර දැකපු හීනයක හීවත්වුන අතාත්වික චරිතයන් ආයෙමත් දැකගන්න පුලුවන් වෙන්නේ ඒ හේතුව නිසා.

සිහිනය කිසිදු භෞතික ස්වභාවක් නොමැති වුනත්, ඒ හීනයකදි උපදින්නවූ හැගීම් නම් තාත්විකයි.ඒ හින්දම හීනයකින් මනුස්සයෙක්ට හිතන ආකාරය පවා වෙනසකට පත් කරන්න පුලුවන්.. එයට හේතුව අපි නින්දේ පසුවෙන්නවූ මොහොතෙදි අපේ උඩු සිත එහෙමත්ම නැත්නම් අපේ ශරීරය පාලනය කරන කොටසත් විවේකයට පත්වෙනවා. එතකොට අපේ යටිහිත ශරීරයේ සියලු කොටස් වල පාලනය සියතට ගන්නවා.සිහින වලදි අපේ හැගීම් කෙලින්ම අපේ යටි හිතත් එක්ක ගනුදෙනු කරන නිසා ඒවායේ ප්‍රබලත්වය අපේ සාමාන්‍ය මතකයකට වඩා දහස් ගුනයක් වැඩී.

සාමන්‍ය වේලාව ගමන් කරන ආකාරයට වඩා ඉතාමත් ඉක්මනින් සිහින වලදි කාලය ගතවෙනවා.ඒක නිසා කෙටි නින්දකදි වුනත් ඉතා දීර්ඟ සිහිනයක් දකින්නට පුලුවන්. හැමදාම හෝ හැමෝටම හෝ සිහින දකින්නත් බැහැ. එයට යම්දුරකට යම් සිතුවිල්ලකින් චංචල මනසක් අවශ්‍යයි.මත්ද්‍රව්‍යක් එහෙමත් නැත්නම් නම් සදහන් කල නොහැකි දුම් වැටි භාවිතාකිරීමෙනුත් අපේ යටි හිතේ තියෙන සිතුවිල්ලක් ඉතා හොදට දැක ගැනීමේ ඉහල සම්භාවිතාවයක් පවතිනවා..

නින්දෙදී සමහරපුද්ගලයන් තමන් ජීවිතේදි කාටවත් නොකියපු දේ තනියම කියවනවා නේද???

ඒක යටි හිත අපේ ශරීරයේ සම්පූර්න පාලනය ගන්නවා කියන තර්කය සනාත කරන්න හොද උදාහරනයක්... 

Comments

  1. සමහර හීන වලදී සිද්ධ වෙන දේවල් අපිට හිතට විතරක් නෙමෙයි ශරීරයටම දැනෙනවා. විහිළුවට ගන්න එපා හොඳේ. ඒත් සමහර වෙලාවට කාගෙ හරි අතින් අල්ලන් යනවා වගේ ඒවා.. ඒ හැඟීම ඇහැරුනාමත් හිතට හොඳට මතකයි. ඒ වගේ සමහර සිද්ධි ජීවිතේ හැබැහින් සිද්ධ වුනොත් එහෙම ඒ හුරු පුරුදු බව අපිට මතක් වෙනවා. එහෙම නේද?

    ReplyDelete
  2. ඊයේ රෑ නුඹ සිහිනෙන් දෙඩවූ
    ඒ උපුලී කවුදෝ
    නිදි නැති රෑ යාමේ මා හැඬවූ
    ඒ උපුලි කවුදෝ

    කියල ගීතයක් තියෙනවා.... මට ඒ සින්දුව මතක් වුනා මේ පෝස්ටුව නිසා...

    ReplyDelete
  3. @ කැමීලියා: ඒ කියන්නේ මම ලියල තියෙන දේවල් හරි...

    @ සොදුරු සිත: අනේ අක්කේ මට සමාවෙන්න.. මම එහෙම සින්දුවක් අහල නැහැනේ... :(

    ReplyDelete
  4. ඔයා ලියපුවා හරියට හරි.
    යටි සිතේ ප්‍රභලව තැන්පත් වන දේවල් තමයි සිහින විදිහට අපට පේන්නේ.

    මම නම් ඇදට නගිනකොටම නිදි.
    ඒ වෙලේ ඉදන් නැගිටින කම්ම ඉතිං...හීන තමයි.

    ReplyDelete
  5. නිල අහස: මටත් තිබ්බ අප්පා එහෙව් කාලයක්.. අනේ මන්දා අවුරුදු ගානකට කලින් ඉදන් ඒ ලෝකෙ නෑ...

    ReplyDelete
  6. යටිහිතේ හෝ උඩු හිතේ හෝ මොනවා හැරී අපි දන්නා දෙයක් තමා හීනෙන පෙන්නේ. අපි දන්නේ නැති දෙයක් කවදාවත් පෙන්න විදියක් න. මොකද දන්නේ නැති දෙයක් පෙනුනට ඒ මොකද්ද කියල දන්නේ නැති නිසා ඊවා අමතක වෙනවා..

    ReplyDelete
  7. adk කොලුවෝ: මම එහෙම චරිත සමහර හීනවල දැකලා තියෙනවා.. එයාල එන්නේ හීනෙදි අපිට කිසිම උදව්වක් දෙන්න කෙනෙක් නැතිව තට්ටම තනිවෙච්ච වෙලාවට....

    ReplyDelete
  8. හීන හැබෑ වෙන වෙලාවලුත් තියනවා ......

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02