මවාගත් ලෝකයක ජීවත්වන ඇයට ලියන්නමි

යුවතියක් තමන් මේ ලෝකේ අන්තිමටම විශ්වාස කරන්න සූදානම් පිරිමියා ගැන මේ තරම් කුතුහලයක් ඇයි??

අපේ ජීවිත හරියට මම මුහුද වගෙයි. ඈතින් දැක්කාම මහ මුහුදෙ උනුහුමට ගිලෙන්න හිතෙනවා..ඒත් ගිලුනාම ආයෙත් ඈතට එන්න පුලුවන්ද?
වාසනාවයි දයිවයයි මත වෙනස් වෙනවා...

"මම කලාකාරයෙක් මිසක් ජනමාඳ්යවේදියෙක් නෙමෙයි..."

මේ දෙන්නාගේ තියෙන්න ඕන වෙනස මොකක්ද?
ජනමාද්යවේදියා තමන් දකින් දේ ඒ විදියටම තවත් තැනක නිරූපනය කරනවා..
ඒත් කලාකාරයා: තමන්ට අතට අසුවන අමුද්‍රව්ය  ඇසට දකින්න ප්‍රියයි කියලා තමන්ට හැගෙන ආකාරයට වෙනස් කරනවා... ඒ නිර්මානයත් හරියට තේකක් වගෙයි.. කොච්චර කිරි ඕනෑද.. කොච්චර සීනි ඕනෑද කියන එක... බොන පුද්ගලයා මත වෙනස් වෙනවා...

සමාජයයේ ගොඩක් කලාකාරයන්ට පිස්සු ඇයි??

ඒ එයාලා අනිත් අය සම්මත කරගත්ත ඇස් වලින් නැතුව තමන්ගේ ඇස්වලින් ලෝකය බලන හින්දා...
අද මහා ලොකුවට අපි ඉගෙන ගන්න බර වචන කිව්ව ගොඩාක් විද්යාකාරයොත් ඒකාලේ පිස්සෝ කියලා හංවඩුගැහුනාලු...

ඒත් කලාකාරයා සර්වසම්පූර්නයි කියන්න මම උත්සාහකරන්නේ නෑ.. කලාකාරයත් මනුස්සයෙක්.. මිනිස්සු වැරදි කරනවා.. වැරදි කරන්නේ මිනිස්සු විතරයි...ඒ උන්ට තර්කාන්විත මොලයක් තියෙන හින්දා... අනිත් සත්තු බොහොමයක් උපතින්ම දැනුම අරගෙන එනවා... මනුස්සයා දැනුම කාගෙන්හරි උකහාගන්නවා..ඒකනේ සත්තු ස්කෝලේ යන්නේ නැත්තේ....

අපි ලියන හැමදෙයක්ම 100%ට 100ක් මනඃකලිපිත නෑ.. එහෙම වුනාම ඒකේ කිසිරහකුත් නෑ.. ඒත් ජීවිතේ යම්කිසි අත්දැකීමක් එක්ක ලියන දෙයක් ඒ විදියට අපි ලියන්නෙත් නෑ,, සමහර වෙලාවට අනුන්ගෙන් හොරකම් කරගත්ත ලෝක වල අපිට ජීවත්වෙන්න සිද්ද වෙනවා...අපිට කොච්චර තිබුනත් අනුන්ගෙ පිච්චියක තියෙන වටිනාකම අපේ පිච්චියට වඩා වැඩියි..


අවසානයට මම මෙහෙම ලියනවා...
ඔයා නැතුව මේ ලොකේ ඕනම කෙනෙක් මම ලියන මොකක්හරි ඇත්තක් හැටියට හිතනවා නම් මම දෙආකාරයකින් සංතෝස වෙනවා...
* මගේ හිගන බ්ලොග් එක කියවන එක ගැන..
* මට කියන්න ඕන වුන එයාලට ඇසීම ගැන..

ඒත් ඔයා මම ලියන ලිපියකින් මගේ personality එක අර්තකතනය කරන්න යනවානම් වැරදි විදියකට.. මම සංතෝසවෙන්නේ එක අකාරයකින් විතරයි...

""ඒ ඔයා මගේ බ්ලොග් එක කියවන එක ගැන"







..ලෝකේ හොදම සහ නරකම මනුස්සයා නොවන මම..

යසියා



Comments

  1. එල කොල්ලෙක් නේ දැන් කියවන්න් ඕන කෙනා කියවලද ඕක ???

    ReplyDelete
  2. ඇයි අද මෙහෙම වෙනස් දෙයක් ලිව්වේ යසි..

    ReplyDelete
  3. @ නිම්ශා: දවසම අන්දුන් කුන්දුන් වෙනතරම් සිද්දියක් වුනා. ඇත්තටම කිව්වොත් මම හුගාක් අපහසුතාවයට පත් වුනා... ඇයි එයා තාමත් මම ගැන හොයන්නේ... ඇයි මාව අමතක නොකරන්නේ...නොතේරෙන දේවල් හුගක් අස්සෙ හිරවෙලා.. :)

    @ රොබින්: තෑන්ක්ස් සහෝ හැමදාම මේ පැත්තේ එනවට..

    ReplyDelete
  4. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක්නේ..

    ReplyDelete
  5. @ dinesh: සිරාවට බන්...

    ReplyDelete
  6. හ්ම්... වැදගත් ප්‍රශ්නයක් !!!

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02