ප්‍රතම හාදුව ... first kiss



කහ පාට සාරියට ගැලපෙන නාරි රූපය බස් නැවතුමෙහි බලා සිටින්නේ මා එනතුරා ය. උදයේ ගැල්වූ මේකප්  හිතක් පපුවක් නැති අවුවට සේදී ගොසිනි.. නමුත් මම ආසම සමන් පිච්ච සුවද නම් තවමත් ඇගෙන් විහිදෙනවා ඇත.. විටින් විට අතැදි ඔරලෝසුව දෙස බලමින්ද,  විටෙක උස් පාවැඩි සගලේ ඇගිලි තුඩු වලින් ඉස්සෙමින් වට පිට බලමින්ද, ඈ සොයන්නේ මගේ රූපය යි.. මා සිටිනා තැනට ඇයව හොද හැටි පෙනුනත් ඇයට නම් මා නොපෙනෙයි... ඇය නමින් සෙව්වන්දිය.. ලොව දෙවනියට ගුනයහපත්ම කාන්තාවයි.. දෙවනි වන්නේ අම්මාට පමනය...  සිගරට්ටුවේ ඉතිරි ෆිල්ටර කොටය මා  පොලවේ අතුල්ලා නිවා දැමීමි.. නාල හඩනගමින් ඉගිල්ලී යන රතවාහන මැද්දෙන් මම පරිස්සමෙන් පාර පැන ගතිමි.. ඇගේ මුවගේ සිනාවක්  නැගුනි.. මමද ඇයව දිටි බව ඈ දැන ගත් සැනින් ඒ මුහුන තරහවෙන් සායම් කර ගත්තා ය.

" මොනවද තරිදු කරන්නේ.. දන්නවද මම කීයටද ආවේ කියලා.."
"ඔයා ආවේ හතරහමාරටනේ ?"
" හ්ම්... එහෙනම් ඇයි පරක්කු වුනේ..."
"මේ.. පිස්සි.. අපි කොහෙට හරි ගිහිල්ලා රන්ඩු වෙමුද... නැත්නම් අර පුන්චි උන් නරක් වේවි.."
"කෝ බයික් එක .."
" විනාඩියක් ඉන්න මම අරගෙන එන්නම්..."

පාරේ අනෙක් පස නවතා ඇති යමහා එෆ් z යතුරු පැදිය ඇගේ අසලට ගෙන ආ මම, මා අත වූ ටින්ටඩ් වයිසරය සහිත හෙල්මටය ඇය අතට දීමි . මාගේ උරහිස් වලින් අල්ලගත් ඈ බයික් එකට ගොඩ වූවා ය... 

" අදත් සිගරට් බීලා නේද ආවේ"
 ඇය තරහා ස්වරයෙන් ඇසුවේ මාගේ පිට මැද්දට වැරෙන් පහරක් දෙමිනි...  මා ගතවට වූ සුමුදු දෑතෙ සුවයද ඉවත් වී ය.. 

" මට ඕන නෑ ඔයත් එක්ක කතා කරන්න .. නවත්තන්න බයික් එක"

මා එක පාරට බ්‍රේක් පාරක් ගසා නැවතත් වේගය වැඩි කලෙමි.. 

" පිස්සුද මෝඩයෝ ... දෙන්නවම මරන්නද හදන්නේ...."

" අද කොහෙද යන්න ඕන කියන්න... ගිහිල්ලා නිවිසැනසිල්ලෙ මරාගන්න"

" එදා ගිය තැනට යන්.. මට ඕන එකක් නෑ ඔයාව මරාගන්න "

*********************************************************************

එය කුඩා තානායමකි ... පසෙකින් ගිංගග ගලා බසියි.. පොල් අතු ගැසූ හට් යට තබා තිබූ ලී පුටු පරිසරයට ගෙන එන්නේ ප්‍රේමාන්විත බවකි.. කාටවත් නොපෙනෙන මුල්ලක ගිය අප මද සුලග මැද අසුන් ගත්තෙමු..

" මොකද අද සයිලන්ස්  ?? "

" හුහ්... අහන ලස්සන... මෙතන මාව තනියම තියලා සිගරට් බොන්න ගිහින් ... මමලු  අන්තිමට නරක....."

" බබා මම දැන් එහෙම එකක් කිව්වද ?"
 මා ඇගේ අදින් අල්ලාගතිමි ඇය අත ගසා දැමුවා ය.. ඇගේ නෙතු යුග ගග දෙසටය ...

"මට ඕන නෑ තරිදු  ඔයාගේ ඔය බොරු ආදරේ.."

ඇය කියන සමහර කතා හරියට පපුවට අනින්නාක් වගේ ය.. 

" ඊයෙ  ඇයි ෆෝන් එක ඉස්සුවෙ නැත්තේ එහෙනම්.. ,මම හතරට හෝල්ට් එක ගාවට ඇවිත් බලාගෙන හිටියා "

" අහා.. එතකොට ඔය කටින් එන සිගරට් ගද ?"

" ටයිම් පාස් වෙන්නත් එක්ක පත්තු කරගත්තේ.."

" ඔය ජරා පුරුද්ද නවත්තගන්න තරිදු ප්ලීස්.."

" නවත්ත ගන්නම්... හැබැයි කිස් එකක් ඕන.."

" අපේ බලාගෙනම ඇති.. එකට දාහක් දෙන්නම් හනිමූන් දවසට.. "

" ඇයි කෙල්ලේ මාව විස්වාස නැත්ද ? පිස්සෙක් වගේ අවුරුදු ගානක් මෙහෙම ලව් කරලත් ඇයි ඔයා මට තාම කිස් එකක් නොදුන්නේ.. "

හිදගෙන සිටි පුටුව පිටුපස්සට කල ඈ මගේ අතින් ඇද ගෙන ගග දෙසට කැදවාගෙන ගියේ ය .. මෙතැන කාටවත් පේන්නේ නම් නැත.. සෙව්වන්දි අසල වූ අඩියක් පමන උස කොටයක් උඩට නැගගත්තා ය..

" දැන් ඇස් දෙක වහ ගන්න..."
"මොකටද ??"
" පන්ඩිතයා නොවී ඇස් දෙක වහගන්න කෝ "

මා ඇස් දෙක වසා ගතිමි ..

ඇගේ තොල් පෙති මා තොල් පෙති හමුවෙද්දී දැනුනේ අමුතුම හැගීමකි .. ජීවිතයේ පලමු වරට මා කෙල්ලකු සිපගන්නේ ය,,, එයත් බලාපොරොත්තු නොවූ අයුරින් ය.. 

" දැන් ආයෙමත්  සිගරට් බොන්නේ නෑ නේද රත්තරන් ?"
8888888888888888888888888888888888888888888888888888888888888888888888888888888
                                                ලිව්වේ .. යසියා

Comments

  1. හැමදේම පලවෙනිපාරට කරන කොට අමුතු ගතියක් තියෙනවා.
    පලවෙනි කිස් එකත් එහෙමයි. පලවෙනි කිස් එක දෙනකොට/ලැබෙනකොට ඒක මුළු ශරීරයටම දැනෙනවා. දෙවෙනි තුන්වෙනි වතාවල් වල කිසි කරනකොට එහෙම දැනෙන්නේ නැති තරම්....... :)

    ReplyDelete
  2. Me kathawata mage kisima sambandayak na yalu....

    ReplyDelete
  3. 1st kiss එක හින්දාවත්., සිගරට් බොන එක නවත්තනවානම්.... හොද දෙයක්!! කිස් එකට ලොකු වටිනාකමක්නෙ.:)

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02