වජිරපානි 07
"ඩබ් ඩබ් ඩබ් ඩබ් ඩබ් ඩබ්"
එයාගෙ ටිකක් මහත ඉගැටිය වටේ අත් දෙක යවලා පපුවේ උණුහුමට තුරුලු වෙද්දි, ලෝක ධර්මයෙක් ඉන්නවා කියලා චුට්ටකටවත් මතක් වුනේ නෑ. වැලි පාර්ක් එකේ කණ්ඩියක වාඩිවෙලා අපි ඒ තනිවෙච්ච ලෝකෙම හිටියෙ එයත් මමත් අපි දෙන්න අතරෙ තිබ්බ මොකක්දෝ බැදීමත් විතරයි. ආදරෙන් දෙතුන් පාරක් කෙලමෝලට කෙලවගත්ත ජීවිතේ ආදරේ කියන එක ගැන තිබුනෙ හුගක් අපැහැදිලි නිර්වචනයක්.
මම ඒ දුබුරුපාට ඇස් බෝල වලට ආසා කලා, ඒ ටින්ටඩ් කෙස් කලබේ සුවදට ආසා කලා, ඒ පුංචි අත් වලින් මගේ තඩි අතම තදකරලා අල්ලගෙන පපුව අස්සෙ තුරුලු කරගනිද්දි මට මොකක්දෝ එකක් වුනා.
මිනිස්සු හැට හුටහමාරක් අපේ ලෝකෙ තනිවෙලා ඉන්න ඔයයි මමයි දිහා බලාගෙන ඉන්න ඇති. ඒ තොල් වල පහස ලබද්දි මිනිස්සු කට ඇරගෙන බලාගෙන යන්න ඇති. උන් අපි දෙන්නට හුගක් බනින්න ඇති.
"අනේ අපිට හැමදාම මෙහෙම ඉන්න තියෙනවා නම් සදුන්"
වජිරපානි කිව්වේ පොකුණ මැද තිබ්බ වතුර මල දිහාම බලාගෙන.
"රෑට ඉන්න දෙන්නෙ නැති වේවි මම හිතන්නෙ"
මම ප්‍රශ්නෙන් පැනලා යන්න පුංචි විහිලුවක් කලා.
"අනේ.. ඔයා නම් මහ නපුරෙක්"
අත් දෙකම මිට මොලවලා මගේ දකුණු උරේට ගහගෙන ගහගෙන යද්දි, ගම්භාර දෙයියන්නාන්සෙ පල්ල පපුව හෝස් ගාන්න ගත්තා.
"ඇයි වජිරපානි අපි දෙන්න මීට ඉස්සරහා මෙහෙම මුණනොගැසුනේ.. "
"අනේ ඒක තමයි සදුන් මාත් කල්පනා කලේ"
"අපි කොච්චර උත්සාහ කලත් අපේ ජීවිත දුවන්නෙ දෛවයේ ලියවිච්ච විදියට සුදු මැණික."
ඉර එලිය ටිකෙන් ටික මැකිල යනවත් එක්කම අපි දෙන්න අතරෙ උණුහුම වැඩිවෙන්න ගත්ත, ඒ දාඩිය සුවද මුහුවෙච්ච පර්ෆියුම් සුවද මට ඉග්නෝර් කරලා දාන්නම බැරි වුනා. මට මාවම හසුරවගන්න බැරි වුනා.
*******************************
"පුංචි ලමයිත් ඉන්නවා මහත්තයෝ. පුලුවන්නම් වැදගත් විදියට ඉන්න බලන්න"
ටික දවසකට වුනත් සමුදෙන්න ලෝභකමින් හිටිය අපි, අත් දෙක පටලවගෙනම පාර්ක් එකේ එන්ට්‍රන්ස් එක ලගට ආවා..
මතු සම්බන්ධයි
Comments
Post a Comment
මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක