Posts

!!යසියා නම් දාර්ශනිකයා මෙසේ පැවැසූ වගයි!!

Image
"ඔබ කවුරුන්දැයි දෙවියන් වහන්සේ තීරනය කර ඇතත් ලෝකයා නුබ කවුරුන්දැයි දැන ගන්නට නම් නුබ සතු දෙවියන් වහන්සේගේ දායාදය ලෝකයාට ප්‍රදර්ශනය කල යුතුය" පොඩි කාලෙ ඉදන් මට පුංචි පිස්සුවක් තිබුනා.. "මම හිතාගෙන හිටියෙ මම මනුශ්ය ස්වරූපයෙන් ඉන්න දෙවියෙක් කියලා" එහෙම හිතන්න හේතුවක් තිබුනා..මට පුන්චි කාලෙ ඉදන්ම පුරුද්දක් තිබුනා. මොකක් හරි පුංචි දෙයක් දැක්කම ඒදේ මගේ කරගෙන ඉන් ඉස්සරහට ඒදේ එක්ක සම්බන්ද කරලා හිතේ කතන්දර මවන එක.. "මනෝ ගහන එක කියන්නේ" ඒක සාමන්ය දෙයක් වුනාට මට ඒක ඕනවටත් වැඩිය තිබුනා.. නිදාගන්න ඉස්සෙල්ලා ඇස්දෙක පියාගෙන පොඩ්ඩක් මොකක්හරි පුංචි සිද්දියක් මතක් කලාම..ටිකවෙලාවකින් හීනෙන් වගේ මමත් දන්නේ නැතුව මහා දිග කතන්දරයක් මැවීගෙන යනවා...සමහර වෙලාවට පහුවෙනිදා උදේට නැගිටිනකන් එකම දිගට එකම කතාවක්... පොඩ්ඩක් හිතන්නකෝ ෆිල්ම් එකක බලන්න වගේ.. "මේ පුරුද්ද නිසා මම දුක් වෙච්ච වතාවල් අනන්තයි.." (වල් කමට හිතන්නෙපා හලෝ) ලස්සන කෙල්ලෙක්ව..එහෙමත්ම නැත්නම් ගුනගරුක කෙල්ලෙක්ව මතක් වුනොත් නිදාගන්න කලින් ඉතින් පහුවෙනිදා නැගිටිනකොට හීනෙන් කසාදත් බැදලා...ලමයිනුත් හද...

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02

Image
"ඉතින්  එහෙනම් කොහොමද රෝමියෝට ජුලියෙට් ව හම්බ වෙන්නේ?" ඒ කාලේ අපේ වගේ ටියුශන් ක්ලාස් තිබ්බද නෑ. මම මූලාශ කරගත්ත ග්‍රන්තයේ සදහන් වෙන විදියටනම්, සල්පිලකදි සිද්ද වෙන අකරතැබ්බකින් තමයි. මේ ප්‍රේම හුටපටේ පටන් අරගෙන තියෙන්නේ. මෙහෙමයි ඒ සිද්දිය වුනේ.. ජුලියෙට් සහ ඇයගේ මිතුරන් සල්පිලේ කඩයක් කඩයක් ගානේ ඇවිදිද්දී තමයි..(අද කෙල්ලෝ වගේම තමයි ඒ කාලෙත් කෙල්ලො ශොපින් කියලා කරන්නෙ ජොගින් නේ) මම මක්කද කිය කිය හිටියේ....??  :D රෝමියෝගේ ඇවැස්ස නෑනා (නැන්දගේ දූ) ජුලියෙට් ගේ මිතුරියක්. මේහිදී රෝමියෝ ජුලියෙට් එකට මුනගැසුනත් එය හුදෙක් නෑනන්ඩියගේ උවමනාවට සීමාවූවක් වෙනවා..(love at first sight එකක් නෙමෙයි ආරම්බය) රස්තියාදුකාරයෙක් ලෙසින් සැරසි රෝමියොන්ට පලමු දැක්මෙන් පෙම් කිරීමට තරම් මානසික අස්තාවරබවක් ජුලියට්ට තිබිලා නෑ. නමුත් සැනෙකෙලිය අවසාන වී මෙම තරුනියන් නිවසට යනවිට වීදියේ සිටි මැරවරයින් පිරිසක් ජුලියෙට් හා පිරිස නවතාගන්නවා.. අවාසනාවකට හෝ වාසනාවකට ජුලියෙට් හැර අනෙක් සියලු දෙනාම පැන ගන්නවා..ඇදුම් ඉරා ලිංගික අතවරයකට ඔන්න මෙන්න තියෙද්දී මත් වතුරක් බොමින් යන රෝමියෝ සහ පිරිසට මේ දසුන දැක්කත්...

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--01

Image
**විලියම් ක්ශේක්ස්පියර්ට වැරදුනු තැන(වරද්දපු තැන)** "...රෝමියෝ සහ ජුලියට් ඇත්තටම ජීවත් වූනා..."(හිනාවෙන්න එපා ඒකයි ඇත්ත) ඔයාල හැමෝම රෝමියෝ ජූලියට් ඉන්ග්‍රීසි ෆිල්ම් එක බාලලා තියෙනවනේ. බොරු මොකටද මමත් බලලා තියෙනවා.ඒ කතාව විලියම් ශෙක්ස්පියර් නම් කතුවරයාගෙ නාටකයක් ඇසුරෙන් ලියලා තියෙන්නෙ.. සාහිත්ය පාඩමක් බ්ලොග් කියවන ඔයාලට උගන්නන යසියට තේරෙන්නෙ නැති බව මම දන්නවා.ඒක නිසා ලෝකෙම දන්න ප්‍රසිද්ද ප්‍රේම කතාවක් අස්සේ හැංගිච්ච කවුරුවත් නොදන්නා ඇත්තක් තව ටිකකින් අන්තර්ජාලයට එකතු වෙනවා... "කවුරුවත් නොදන්නා ඒ ප්‍රේම කතාවක ඇත්ත.." රෝමියෝ කියන තරුනයා ඇත්තටම ගංජා සුරුට්ටුවක් කටේ ගහගත්තු රස්තියාදුකාරයෙක් නෙමෙයි.ඔහු සාමාන්ය පවුලක වැඩුනු තලෙලු දඩබ්බර තරුනයෙක්.ඉදලා හිටලා සිගරට් එකක් බොන.බියර් එකක් අරක්කු වීදුරුවක් කටේ තියන්නෙක්.. (අද සමාජයේ ජීවත් වෙන සාමන්ය තරුනයෙක් හා සමානයි.පිස්තෝලයක් දැකලාවත් තිබ්බ කෙනෙක් නෙමෙයි) ඒ වගේම ජුලියටුත් මහා සල්ලිකාර පැලැන්තියක කෙල්ලෙක් නෙමෙයි.ඇයත් රෝමියෝට සමාන පවුල් පසු බිමක තැනැත්තියක්..ටිකක් දඩබ්බර දැකුම්කලු ලස්සනක් තියෙන, පැහැපත් සමක් ඇති කෙල...

පුංචි කෙටිකතාවක්--05--අවසානය

Image
"මොකද තනියම හිනාවෙන්නේ?" "නෑ..ඔයා මට නංගි නංගි කියනවනේ ඒකයි" "ඒකේ ඇති වැරැද්ද මොකක්ද?" "නෑ..කිසිම වැරැදක් නෑ" "එහෙනම්..." "ඔයා දෙදාස් හතේ ඒලෙවල් කලාට මම කලේ දෙදාස් හයේ" "ඉතින් අවුරුද්දක් වැඩිමල් වුනා කියල මක්කා වෙනවාද?" "ඔව් ඉතින්.. ගෙදර බෝඩිම් කාරයෙක් නවත්ත ගනිද්දී වයස බලන්නෙ හිරයක් දෙන්නයැ?" "කාලා ඉවරද?" "හ්ම්.පොඩ්ඩක් ඉන්න..සචිනි නංගි තාම කනවානේ" "එහෙනම් මම ගිහින් අත හෝදගෙන එන්නම්." "ඉතින් හෝදගන්න..මගෙ අත නෙමෙයිනේ" ******************************************************************************* "අක්කේ  අක්කේ" "මොකද සචියෝ කෑ ගහන්නේ" "ආන් මාමලා එනවා" "අපෝ හතාමාරවත් වෙද්දි ආව එකත් ලොකු දෙයක්." "ඔව් ඒත් ඔය පාරා ගාව ඉදන් එන්න තව පැයක් වත් යාවි" "මොකද අප්පච්චිලා එනවා කිව්වම මෙච්චර සන්තෝස?" "පස්සේ දැනගන්න ලැබෙයි.." "ඒකත් එහෙමද..."\ "හ්ම්" "සචිනි නංගිය...

පුංචි කෙටිකතාවක්--04

Image
"මොකද මේ බය වෙලා. මූනත් එල්ලගෙන.." "නෑ.. මේ....මායි ඔයයි ඉන්න එක..ගමේ කවුරුහරි දැක්කොතින් එහෙම.." "මම ඉන්නවනම් මොකටද ඔයා බය වෙන්නේ?" "එහෙම නෙමෙයි.. මම කියන්නෙ..." "එහෙනම් කොහොමද?" "දන්නවනේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි තනියම ගෙදරක ඉස්තෝප්පුවෙ හිනාවෙවී ඉන්නකොට.." "ඔව් ඉන්නකොට." "අනේ විහිලු නෙමෙයි හලෝ" "එහෙනම්..." "නංගී මම වැඩක් කියන්නද?" "ඒපාර මොකක්ද? ඇයි බඩගිනිද?" "නෑ මේකයි. දැන් ඔයා අප්පච්චිට කෝල් කරලා අහන්න කොහෙද ඉන්නේ කියලා..ඊට පස්සේ රෑ වෙනවනම් කියන්න කෑම ගේන්න එපා..ඔයා කඩෙන් කන්නම්...මමත් තාම ආවෙ නෑ..." "එතකොට මම තනියම ඉන්නව කියල හිතාවිනේ" "ඒකත් එහෙමද?..වැඩේ සීන් නේ. එහෙනම්" "අපෝ බෑ.. බෑ අප්පච්චිට පපුවේ අමාරුව හැදේවි" "ඒකනේ...වෙනදා මෙහෙම රෑ වෙනවනම් මොකද කරන්නේ.." "එහා ගෙදර සචිනි නංගියව ගෙන්න ගන්නවා තනියට" "එහෙනම් එයාට එන්න කියන්න" "බෑනේ හලෝ.. එතකොට එයා මායි ඔයයි දැන් පැයක් විතර කතා කර කර හ...

පුංචි කෙටිකතාවක්--03

Image
"ශික්... අයියෝ" "මොකද ඒපාර" "ගෙදර යතුර අමතක වුනානේ" "ඇයි අම්මලා නැත්ද අද ගෙදර.?" "ඉන්නවානම් මනුස්සයෝ මෙච්චර නාහෙන් අඩනවාද?. අද හිච්චි මාමලාගෙ ගෙදර දානේ.. එහෙ යන නිසා මට කිව්වා ගෙදර යතුර අරගෙන යන්න කියලා" "හරි ශෝක්.. එහෙනම් එද්දී හවස් වේවි නේ" "හ්ම්." "බයයිනේ... මහ ලොකු චන්ඩියා.." "මොකට බය වෙනවදා ගෙදර පොලිස් කාරයෙක් ඉදිද්දී." "එහෙමද?" "මොකද එහෙමද අහන්නේ?" "ඇයි මම වෙන මොකක්ද කියන්න ඕන" "වෙලාවකට හිතෙනවා ඔයා මොකට පොලීසියට ගියාද කියලා" "ඒ මොකද එහෙම කියන්නේ?" "ඇයි...කොහෙමත්ම ගැලපෙන ගතිගුනද තියෙන්නේ ඔයා ගාව???.. මූනෙ හැටි විතරක්.... හාමුදුරුවෙක් වගේ" "මුලින්ම ස්ටේශන් එකකට දාපු දවසෙ ඕ අයි සී සර් නුත් ඇහුවා ඔය කතාව" "ඉන්න මම තේකක් හදාගෙන එන්න.." "අල්ලපු ගෙදරින්ද? හදන් එන්නේ?" "අනේ සොරි අය්යෝ.. අමතක වුනා.." "එහෙනම් එලම තමා...අම්මලා එනකන් ඉස්තෝප්පුවේ ඉන්න වෙන්නේ.." "අප...

පුංචි කෙටිකතාවක්--02

Image
"සර්..මම සර් ගෙන දෙයක් අහන්නද?..තරහ ගන්නනම් එපා සර්" "කියන්න සාජන්" "සර් අර උදේ එක්කගෙන ආව ගෑනු දරුවා කවුද?" "ආහ්,, අයිසෙ ඕක අහන්නද තමුසේ මෙච්චර දැගලුවේ...ඒ මම නැවතිච්ච ගෙදර කෙල්ල" "කෙල්ලනම් හැඩයි නේද සර්" "සරත්,,, තමුසෙට මොකද හිතෙන්නේ.." "සල්ලි තියෙන නිසා සර්ටත් බෑ කියන එකක් නෑ මම හිතන්නේ." "බලමු බලමු අයිසේ" "සර් අර ගෑනු ලමයා....." "මොන මගුලක්ද අයිසේ තමුසෙ ඕක එලවනවද ..මම එලවන්නද?" "සොරි සර් මම කියන්න හැදුවේ.. අර මිස් නේද ඉස්සරහා බස් හෝල්ට් එකේ ඉන්නේ.." "සරත්ටත් මාර ඇස් දෙකක්නේ ඕයි තියෙන්නේ..ඉස්සරහින් මාව ඩ්‍රොප් කරලා තමුසෙ යනවා ස්ටේශන් එකට ..මම කෝල් එකක් දෙන්නම් තමුසෙට එන්න ඕන නම්.." "අවුරුදු දහයක් කාකි ශූට් ඇදලම පොඩි දේත් ඈතදිම පේනවා සර්.." "හරි හරි බයිල වැඩක් නෑ .. තමුසෙ මාව දාල යනවකෝ" "ඕකේ සර්" ******************************** "එක්ස්කියුස් මී මිස්" "යෙස්" "හලෝ නංගී මේ කොහේ යන ගමන්ද?...