Posts

ඉරිසියාවටද????

Image
ජීවිතය කියන්නේ පටු මාවතක්.. ඕකෙ ඉස්සරහට ගම් දනව් පහුකරගෙන යද්දී අපේ ඇසට හම්බ වෙන සමහර පුද්ගලයන් අපි හිතුවේවත් නැතිව පුදුමාකර විදියට අපේ හිතට ඇතුලු වෙනවා.. සමහරවෙලාවට එයාල අරගෙන එන හුගාක්ම පුංචි මත්කයන් වලින් අපි යන දිශාවම වෙනස් කරනවා..ජීවිතය එක තැන නවතින්නෙත් නෑ. හම්බවෙන හැමදෙනාම අපියන මාවත තෝරාගන්නෙත් නෑ..දෙදෙනෙක්ගෙ අවසාන නැවතුම එකම වුනත් ඒ දෙන්නා එකම මාර්ගයක් තෝරාගන්න ඕනම කියලා එකකුත් නෑ. නමුත් ඒ අතීතය නිසා වර්තමානය විදවන්නත් බෑ.අපි ඉස්සරහට යන්න ඕන.. ඒ හිතේ ලැගුම් ගන්න අය එකම මාවතක නොගිහින් සමාන්තර මාර්ගයක ගමන් කරලා ආයෙමත් වතාවක් එකට හම්බවුනාම දැනෙන මානසික සතුට කොහොමද?? හුගාක් විසාලයි නේද??.. මතක තියාගන්න ලෝකේ කිසිම කෙල්ලෙක් (ගොඩක් අඩුවෙන්) හිතේ තියෙන දෙයක් කියාගන්න බැරුව එහෙමත් නැත්නම් කොන්ද පණ නැතුව ඉන්න එකෙක් i love you කියනකන් බලාගෙන ඉන්නේ නැතිබව.. ඈතින් ඉදන් හැංගි හැංගි කෙල්ලෙක් දිහා බලාගෙන හිටියට... කවදාවත් ඒ කෙල තමන්ගේ කරගන්න බැහැ.. අමාරුයි... "පමාව පසුතැවිල්ලට මුලක්ලු" "වෙලබ ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න හදන්න එපා" මොකද ඔය වෙලබ ආයෙමත් ජීවිතේටම ආයෙත්...

මතකයි මන්දා....

Image
දයාබර පූජා:; සොදුරු සැදෑවක අතැගිලි පටලාලා සෙනග පිරිච්ච මංමාවත් දිගේ යන්නකොට... තනකොල එලපු උද්යානයක හාන්සිවෙලා නිල් සුදු අහස දිහා බලාගෙන ඉන්නකොට... මුහුද පෙනෙන මායිමේ ගලක් උඩට වෙලා.. ඉනවටේ අතදාලා උනුහුමට තුරුල් කරගන්නකොට... දෙන්නගෙම හදවත් නැවතුනා... මතකයිද දන්නේ නෑ......... සාරියක් ඇදගෙන මුලින්ම වැඩට ගිහින් ඇවිත්.. ගාලුපාර අයිනේ වැටකෙයියා ගහක් යටටවෙලා.. "මම ආයෙත් මේ කෙහෙල්මල් රස්සාවට යන්නෙ නෑ"  මුහුන රතු කරගෙන ඇඩුවාම ඔය නලල් පරිස්සමට ඉම්ඹා... පලවෙනි පඩියට, මගේ අතේ පාලුව මකන්න, රොලැක්ස් ඔරලෝසුවක් ගෙනාවාම.. "මොන එකකට සල්ලි නාස්තිකලාද? . මම ඔරලෝසු බදින්නේ නෑ" මම බැන්නා.. දවස් දෙක තුනක් යනකල් කතාකලෙත් නැතුවා.. මතකයිද මන්දා.......... ගෙවල්වලට ආරංචි වෙලා.. දෙපැත්තෙන්ම ගිනිගෙඩි පහත් වෙද්දී... ඔයා යන එන හැම තනකටම දන්න අය පස්සෙන් එද්දී... "අනේ අපි පැනල යමු .. තියෙන විදියකට ජීවත්වෙමු" මගේ අත්දෙක පපුවට තුරුලු කරගෙන කියපු හැටි, ඇස් රතුකරන් හඩපු හැටි... :) :) :) :) :) එදා මම බලෙන් ගෙදර එක්කගෙන ගියේ... ඔයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි අපි බැන...

මවාගත් ලෝකයක ජීවත්වන ඇයට ලියන්නමි

Image
යුවතියක් තමන් මේ ලෝකේ අන්තිමටම විශ්වාස කරන්න සූදානම් පිරිමියා ගැන මේ තරම් කුතුහලයක් ඇයි?? අපේ ජීවිත හරියට මම මුහුද වගෙයි. ඈතින් දැක්කාම මහ මුහුදෙ උනුහුමට ගිලෙන්න හිතෙනවා..ඒත් ගිලුනාම ආයෙත් ඈතට එන්න පුලුවන්ද? වාසනාවයි දයිවයයි මත වෙනස් වෙනවා... "මම කලාකාරයෙක් මිසක් ජනමාඳ්යවේදියෙක් නෙමෙයි..." මේ දෙන්නාගේ තියෙන්න ඕන වෙනස මොකක්ද? ජනමාද්යවේදියා තමන් දකින් දේ ඒ විදියටම තවත් තැනක නිරූපනය කරනවා.. ඒත් කලාකාරයා: තමන්ට අතට අසුවන අමුද්‍රව්ය  ඇසට දකින්න ප්‍රියයි කියලා තමන්ට හැගෙන ආකාරයට වෙනස් කරනවා... ඒ නිර්මානයත් හරියට තේකක් වගෙයි.. කොච්චර කිරි ඕනෑද.. කොච්චර සීනි ඕනෑද කියන එක... බොන පුද්ගලයා මත වෙනස් වෙනවා... සමාජයයේ ගොඩක් කලාකාරයන්ට පිස්සු ඇයි?? ඒ එයාලා අනිත් අය සම්මත කරගත්ත ඇස් වලින් නැතුව තමන්ගේ ඇස්වලින් ලෝකය බලන හින්දා... අද මහා ලොකුවට අපි ඉගෙන ගන්න බර වචන කිව්ව ගොඩාක් විද්යාකාරයොත් ඒකාලේ පිස්සෝ කියලා හංවඩුගැහුනාලු... ඒත් කලාකාරයා සර්වසම්පූර්නයි කියන්න මම උත්සාහකරන්නේ නෑ.. කලාකාරයත් මනුස්සයෙක්.. මිනිස්සු වැරදි කරනවා.. වැරදි කරන්නේ මිනිස්සු විතරයි...ඒ උන්ට තර්කාන්විත...

ගුබ්බෑයමේ ඈ

Image
"ඇයි මාව බලන්න හැමදාම එන්නේ" "පන්සලකට එන අයගෙන් එහෙම අහන සිරිතක් තියෙනවද?" " ඉදා මේක පන්සලක්යැ?..ගුබ්බෑයමක් මිස.." තෙල්පාට කම්මුල් වල ගැසුනේ ය. ඇස් පුන්චි වූයේ ය. ඈ හදවතින් සිනාවූවා ය. "ඔයාගේ උපන්දිනේ කවද්ද?" "ජාතක කරපු අම්මව දන්නේ නැතුව මම කාගෙන්ද මල්ලී ඒක අහගන්නේ" මා මුව ගොලු වී ය. සමහරක් ප්‍රශ්න වලට උත්තර සෙවීම හුදෙක් කාලය කා දැමීමක්ම  පමනි.  අගල් පාලහෙන් පාලහ කවුලුවෙන් මුලු පරිසරයම අපූරුවට දිස්වෙයි. ආන්ඩුවෙන් සෑදූ ගල්බැම්ම නොවෙන්නට  මේ පැල්පත තිබිය හැකිද?. තිබෙන්නටත් පුලුවන..  " සල්ලි නැත්නම් යකෝ .. මොන රෙද්දකට *** ලොවින්න එනවද..." දිය රෙද්දකින් පමනක් සැරසුනු වැඩිහිටි කතක් බෙරිහන් දෙයි. මගේ සියොලග හිරිගඩු පිපුනි.ඇයට නම් ගානක් වත් නැත. " ඕක මේ පැත්තට සාමාන්ය දෙයක්.." ඈ ට පරසිත් කියවිය හැකිද? මා අසන්නට හිටි ප්‍රශ්නයට අසන්නටත් පෙර ඈ පිලිතුරු දෙන්නේ කෙසේ ද?. දයිවයේ තවත් මායාවක් වන්නට ඇත. "අදවත් කරනවද මොනවහරි" "නෑ..මුකුත් එපා" "එහෙනම් සල්ලි වියදම් කරගෙන එන්නේ...

පස්සේ දවස

Image
අවුරුදු ගානකට පස්සේ, ඉස්සර ආවගිය ඒ මංමාවත් වලින් යනකොට දෙපා පටලැවෙන්න පටන් ගත්තා.. මොකක්දෝ අඩුවක් දැනෙන්න ගත්තා... මේ ජනපදය කො‍යිතරම් දියුනු වෙලාද?? හිතාගන්නවත් බැරි තරම්. කාගේ හරි උසස් පෙල පංතියක් ඉවරවෙලා.. ඇලපාර දිගේ පෝලිමට බස් නැවතුම්පොල දිහාවට කොල්ලො කෙල්ලෝ ඇදෙනවා...ඉස්සර පුරුද්දට ඒ මූනු අතරේ ඉස්සර හෙව්ව මූනක් හොයන්න ගත්තා.. අපි ඇවිදිද්දී කාලය දුවනවා කියාඅ තේරුම් ගන්න විනාඩියක් විතර යන්න ඇති.. මූන දිහා බලාගෙන ඉදිද්දි පුංචි කෙල්ලෝ ඔරවගෙන යන හැටි.... :) මේ හරියෙ ඉස්සර නිතර ගියපු කඩයක් තියෙනවා. හෙමිහිට ඒ කඩය ඇතුලට ගොඩ වැදුනා..පුරුදු වේටර් අයියා නම් පෙනෙන්න නෑ.. කැශියර් එක ගාවට ගියා මම... "අයියේ ලයිට් එකක් දෙන්න" "හතලිස් හයක් දෙන්න... ආ මෙන්න... හැබැයි කඩේ ඇතුලෙ බොන්න එපා" "හරි අවුලක් නෑ" "ඔයා කොහෙද කලින් දැකලා නෑ" "මම මේ පැත්තේ නෙමෙයි. අයියා" මම ගත්තු එකත් පත්තු කරගෙන එලියට ඇවිත් පාරෙ යන ලමයින්ට නොපෙනෙන්න ගහකට මුවා වුනා.. ඉස්සර පංති යනකාලේ ට හිත දුවලා ගියා... මුලු පංතියෙන්ම අහිංසකම කෙල්ලට මම කොයිතරම් වදයක් වෙන්න...

මොකක්දෝ දෙයක අඩුවක් දැනෙනවා..

Image
"හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..." 2011 කියන්නේ මටනම් හුගාක් දේවල් ගෙනල්ලා දුන්නු වර්ශයක්..මට ජීවිතේ අලුත් මාවතක්.. අලුත් හීනයක් දකින්න පුරුදු කරපු අවුරුද්දක්. ඒත්. 2011 ඇතුලෙත් මොකක්දෝ අඩුපාඩුවක් හැන්ගිලා තිබුනා කියලා හැමදාම මට දැනුනා.. ඒ දේ මොකක්ද?? මොන මගුලක්ද කියල අමතක කරන්න හිතුවත් අමතක කරන්න බැරි දෙයක් තිබුනා.. අඩුව පුරවන්න වෙන කෙනෙක් ගේන්න හිතුනත්.. වෙන කෙනෙක්ට ලන්වුනාම තව තවත් අඩුව දැනෙන්න ගත්තා... 2009 දි කෙනෙක්ගෙ ආදරයත් අරන් 2010 ට ආවා... මගේම වැරදි නිසා 2010 දි ඔයා මාව ගැටගහගෙන ඉදපු බැම්ම ලිහලා දාලා,, මට යන්න කිවුවා... 2010 දි ඔයාගේ අඩුවත් අරන් 2011 ට ආවා... 2011 දි මට ඔයාට දුන්න පොරොන්දුව ඉශ්ට කරන්න පුලුවන් වුනා.. ඒත් එතකොට මම පරක්කු වැඩිද කියලත් හිතුනා...පලවෙනි පාරට මේ ගමන එන්න කලින් එයාර් පෝට් එකේදි ඔයාගෙන් කෝල් එකක් ආවා... "අදුරගන්න පුලුවන්ද මාව?" ඇස් වලට කදුලු ආවා.. මගෙ හිතට ගෙදර මිනිස්සු දාලා යන එක ගැනවත්.. මගේ දේවල් වලින් ඈත් වෙන එක ගැනවත් කිසිම දුකක් දැනුනේ නෑ. අවුරුදු දෙකකට පස්සේ ඔයාගේ කෝල් එකකට ආන්සර් කරන්න පුලුවන් වෙච්ච සතුටට මට ...

කී දෙනෙක් කියවාවිදැයි නොදැන දිගුකලක් හගවාලනු ලැබූ ඒ පුරුද්ද නැවත ආරම්බ කරන්නෙම් ...

Image
2011/අගෝස්තු/26 මා මාගේ සුපුරුදු බ්ලොගය වෙතට එන්නේ අදය.. ඒ මාස හතරකට පසුවය.. 2011/අගෝතු/27 හැන්දෑවේ 6ට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ලැබෙන අමතුමකට.. මා 2011/අගෝස්තු/30 වන දින ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ සුරාට් නම් සුන්දර නගරයට පැමිනෙන්නේ වැඩිදුර අද්යාපනය සදහාය... භාශා වෙනස , අලුත් පරිසරයට හැඩගැසෙන්නට මාස හතරක් ගතවුනා නොවෙයි..නමුත් විභාගයට බියෙන් සිටීමි.. දෙවියන්ගේ පිහිටෙන් එයද ගොඩ ය... නමුත් තවමත් යමක් මගහැරී ඇත. ඒ කුමක්ද.. මා එය තවමත් සොයන්නෙමි... නොදන්නා  දේශයක  නොදන්නා මිනිසුන් මැද සිට සුපුරුදු පුරුද්ද ඇරබීමි...