Posts

සොදුරු සැදෑව

Image
"මොනවද කන්නේ?" "ඔයාට මොනවද ඕන?" "මටනම් ඕනම දෙයක්.. ඔයාගෙ චොයිස් එක.. සෙලෙක්ට් කරන්නකෝ" "ඔයාගෙ අතේ කීයක් තියෙද සුරංග?" "පිස්සි.. ඕන දෙයක් ඕඩර් කරන්න .. අද මගෙ අතේ සල්ලි තියෙනවා" "ඔව් ඔව්. ඔයා ජොබ් එකක් කරනවනේ.. අම්මලගෙ සල්ලි නික බොරුවට නාස්ති කරන්න එපා සුරංග.. අනික මට අද ගෙදර උයලා.. අනේ අපි දෙන්නා පොඩි දෙයක් කමු." "මල්ලි එග් ෆ්‍රයිඩ් රයිස් එකයි .. වෙගිටබල් චොක්සි එකයි ගේන්න.." "ඇයි අද ඔයා චිකන් කන්නේ නැත්ද?" "නෑ.. ඔය කන්නෙත් නැහැනේ.. ඒකයි" "ඔයා කන්නේ මගේ කටින්යැ. කමක් නෑ ඔයා ඕඩර් කරන්න.." "නෑ.. මම අද එජිටේරියන්" ආඩම්බර මුහුන සිනහවෙන් බරවුනි. තවමත් නෙත් යුව මා නෙතු එල්ලයේය.. ලා නිල් සහ කලු දෙවර්ණයෙන් පැහැගත් බ්ලවුස් එක සහ නිල් ඩෙනිම ඇයට මැනවින් මැච් වීය. " මොනවද බොන්නේ? කෝක්.. සෙවනප්.." "කෝක් එකක්.. .. ඒකෙත් භාගයක් ඔයාටයි බොන්න වෙන්නේ.." " ශ්.. ශ්.. මල්ලී..." "ඔව් සර්.." "කෝක් බඩි දෙකකුත්." රාත්‍රී ආහාරයට වේල...

.. සුරන්ගනාවක් හීනෙන් ඇවිත් ..

Image
"සංසාරේ පුරාවට ආදරේ පතාගෙන ආපුවාම කොහොමවත්ම එයාලව වෙන්කරන්න බැරිලු අසංක" "ඇත්තට.. කවුද ඕවා දැන් ඔයාට කිව්වේ?" "මම බ්ලොග් එකක කියෙව්වා" "ඔයාට පොඩ්ඩක් පිස්සු කියල දැනගෙන හිටියා..ඔයා මෙච්චර බොලදයි කියලා මම තුන් හිතකින්වත් හිතුවේ නැහැ දිනූ" "එන්න එපා මට බොලදයි කියන්න හරිද?" "එහෙම නොකියන්න එක හොද හේතුවක් දෙන්න.." " හේතුවක්ද? හ්ම්... පොඩ්ඩක් ඉන්න.." " මොනවද හිතන්නේ.. දැන් පන්ඩිතයා වගේ කිව්වේ මම බොලද නෑ කියලා.." " මම බොරු පොරොන්දු දෙන්නේ නැති එක.." "මොන වගේ පොරොන්දුද??" "ඔයාට ගොඩක් දුක හිතෙයි ඒත් අහගෙන ඉන්න... හුගාක් කලක් ගියා මට ඔයාට මේ ටික කියන්න තරම් දහිරියක් හිතට ගන්න.." මගේ මුලු ඇගම හීතල වෙලා තවම..නෑ ඇගට කිසිම දහිරියක්.. උත්සාහ කලත් බැරිවුනා ඇග හොලවන්න... ඇහිබෝල දෙක විතරක් එහෙ මෙහේ දුවනවා...හිරිගඩු පිපිලා...ඒත් සිද්ද වෙන්නේ කුමක්ද මේ ... හිත වේගෙන් එහා මෙහා දුවන්න පටන්ගත්තා... "ඇයි හැමදාම ඇස් පියාගත්තාම මගේ නම කියලා කෑ ගහන්නේ?" ලස්සන සුදු ගවුමක් ඇදගත්ත ...

දවසක ආදරයේ හිරවෙනවාලු

Image
"කොට්ටෝරුවත් කෙහෙල් කොටේට ඇන්න දවසට හොට පටලගන්නාවාලු" ඕක අපි පුංචි කාලේ අපෙ ආච්චි සීයලාගෙන් අහපු පරණ කතාවක්.. නමුත් ඒකාලෙදි නම් ඔය කියන්නේ මම ගැන කියලා හය හතර නොතේරුන මට නම් හාන්කවිසියක අදහසක් තිබුනේ නෑ.  කොටනවා  කියලා කොලුකමට කියන කෙටීම නොකලත් , මම ඔය කෙටීම කියන එක මෙන්න මෙහෙම අර්තකතනය කරනවා. නව යොවුන් වියේ පසුවෙන තරුණ්යෙක්, පාරෙදි දකින ගැටිස්සියක් එක්ක පෙමින් බැදෙන එක එහෙමත්ම නැත්නම් ඇතිවෙන ආකර්ශණය කියනේ මනුශ්ය ලෝකෙට පොදු සාමන්ය දෙයක්.. ඔය වයසෙදී girl friend කෙනෙක් ඕනය කියලා හැගෙන්නේ තමන් දන්න කියන අයියා කෙනෙක්ට හරි , තමන්ගෙ යාලුවෙක්ට හරි ගෑණුලමයෙක් ඉන්න නිසා මිසක් තමන්ගේ පරපුර පවත්වා ගැනීම සදහා ශක්තිමත් සහකාරියක් හොයාගන්න ඕන කියන කාරණය නිසා නෙමෙයි.. එක කෙල්ලෙක් බෑ කිව්වම තවත් කෙල්ලෙක් ගෙන් කැමතිද අහපු කාලයක් ඉස්කෝලේ ගියපු නැති නැම ගැටයෙක්ගෙම අතීතයෙ තියෙනවා..ඔන්න ඔහොම දකින දකින කෙල්ලගෙන් කැමතිද අහන එකයි මම කොටනව කියපු එකෙන් දැක්කේ.. හැමගෑනු ලමයෙක්ගෙම ඔලුවෙ තියෙනවා හීනයක්. මොකක්ද මේ.. රන්සලු , රන් මාල ඇදලා දෝලාවකින් ගුන යහපත් කුමාරයෙක් එක්ක දීග යන එක..නමුත් ඔය හීනෙ...

මට මේ ගිහාන් පල්ලා පොරොන්දුවක් වෙන්න

Image
******************************************************************************** "කොච්චර වෙලා බලාගෙන හිටියද??" "වැඩිය නෑ.. විනාඩි දහයක් විතර..මොකද පරක්කු වුනේ?" "පොඩි වැඩක් තිබුනා.." "ඔෆිස් එකේ වැඩක්ද?.." "නෑ වෙන වැඩක්..ප්ලීස් අහන්න එපා" "එපා කියනවනම් මට ඕනත් නැහැ. තියගන්න එකයි ඇත්තේ...මහලොකු රහස් ඔයා ලගම.." ඒ විනාඩි පහක නිහැඩියාව මගේ ජීවිතේ දිගම විනාඩි පහද කොහෙද..  "තරහ ගියාද?" මම නොබිදුනු නිහැඩියාව බින්දා.. "නෑ.. දුක හිතුනා.." ඇස් පුරවලා කදුලු.. මම දිග හුස්මක් ගත්තා.. "පොඩ්ඩක් ලගට එන්න රහසක් කියන්න.." "තියාගන්න එකයි ඇත්තේ ඔය බොරු ආදරේ.. මම ආයේ එන්නෙම නෑ හම්බ වෙන්නවත්. බොරුකාරයා.." දෙතුන් පාරක්ම අත්වලින් පපුවට ගහලා..පරිස්සමට තුරුලු වුනා.. මගෙ පපුව නැවතුනා.. මේ පාර විතරක් නෙමෙයි.. ඒ කෙස් වල සුවද නාහෙන් ඇතුල් වෙන හැම පාරම ඔයදේ වෙනවා.. මම ඇස් දෙක පියාගත්තා.. ********************************************************************************* "ඔයා මේක ලස්සනට ලියලා තිය...

සින්ගල් ඔබේ උදෑසන

Image
කුකුලා හඩලන්න පැය විස්සකට කලින් කන්නට දෙයක් සොයමින් ආවෙම් ගෙදරින් කුඩයක් යටින් දෙබිඩිව යන කපල් දුටින් යන්නේ කවදාද මේ ලෙස හඩමි සිතින්.. කදු දෙක මැදින් ගලනා ඇල්ලකි ඈගේ ඇසි බැමි දෙකම ඇත ඇද කැපුවා වාගේ ඉටියෙන් අබපු හොලිවුඩ් නිලියක් වාගේ කට හැර බලන් ඉන්නෙමි රූපය ඈගේ පෙනුමෙන් කියන්නම් ඈ හරි කට කාරයි ඩෙනිමක සිටියාට සාරිය හැඩය මවයි කටකින් අත්වලින් මුහුනෙන්  කතාකරයි පිස්සුද හැටිද මම ඈතක සිහින මවයි රෝස සදුන් ජෙස්මින් සුවදක් හමනා සෙන්ට් පුසුඹ ඇයගෙන් එන්නට ඕනා දිග හැරි කෙස් කලබ සුලගේ රගපානා ඈ සනසන්න රැකියා හතරක් ඕනා බස්නැවතුමේ ඈ කොල්ලෙක් එක්ක සිටී කොල්ලා මැයට වැඩියෙන් පොඩ්ඩක්ය මිටී මමයි ඇයයි මැච් වෙයි ලස්සනට හිටී සිපයියන්ට පොශ් බඩු දෛවයේ හැටී ඉවසනු හැකිය තනිකම දුක මේරීම බැහැ ඉවසන්න කුසගින්නේ දලුලෑම හොද කල ආව දවසට දෙන්නෙමි ගේම වේටර් මල්ලි මොනවද උදයට කෑම                                                 ...

ඉරිසියාවටද????

Image
ජීවිතය කියන්නේ පටු මාවතක්.. ඕකෙ ඉස්සරහට ගම් දනව් පහුකරගෙන යද්දී අපේ ඇසට හම්බ වෙන සමහර පුද්ගලයන් අපි හිතුවේවත් නැතිව පුදුමාකර විදියට අපේ හිතට ඇතුලු වෙනවා.. සමහරවෙලාවට එයාල අරගෙන එන හුගාක්ම පුංචි මත්කයන් වලින් අපි යන දිශාවම වෙනස් කරනවා..ජීවිතය එක තැන නවතින්නෙත් නෑ. හම්බවෙන හැමදෙනාම අපියන මාවත තෝරාගන්නෙත් නෑ..දෙදෙනෙක්ගෙ අවසාන නැවතුම එකම වුනත් ඒ දෙන්නා එකම මාර්ගයක් තෝරාගන්න ඕනම කියලා එකකුත් නෑ. නමුත් ඒ අතීතය නිසා වර්තමානය විදවන්නත් බෑ.අපි ඉස්සරහට යන්න ඕන.. ඒ හිතේ ලැගුම් ගන්න අය එකම මාවතක නොගිහින් සමාන්තර මාර්ගයක ගමන් කරලා ආයෙමත් වතාවක් එකට හම්බවුනාම දැනෙන මානසික සතුට කොහොමද?? හුගාක් විසාලයි නේද??.. මතක තියාගන්න ලෝකේ කිසිම කෙල්ලෙක් (ගොඩක් අඩුවෙන්) හිතේ තියෙන දෙයක් කියාගන්න බැරුව එහෙමත් නැත්නම් කොන්ද පණ නැතුව ඉන්න එකෙක් i love you කියනකන් බලාගෙන ඉන්නේ නැතිබව.. ඈතින් ඉදන් හැංගි හැංගි කෙල්ලෙක් දිහා බලාගෙන හිටියට... කවදාවත් ඒ කෙල තමන්ගේ කරගන්න බැහැ.. අමාරුයි... "පමාව පසුතැවිල්ලට මුලක්ලු" "වෙලබ ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න හදන්න එපා" මොකද ඔය වෙලබ ආයෙමත් ජීවිතේටම ආයෙත්...

මතකයි මන්දා....

Image
දයාබර පූජා:; සොදුරු සැදෑවක අතැගිලි පටලාලා සෙනග පිරිච්ච මංමාවත් දිගේ යන්නකොට... තනකොල එලපු උද්යානයක හාන්සිවෙලා නිල් සුදු අහස දිහා බලාගෙන ඉන්නකොට... මුහුද පෙනෙන මායිමේ ගලක් උඩට වෙලා.. ඉනවටේ අතදාලා උනුහුමට තුරුල් කරගන්නකොට... දෙන්නගෙම හදවත් නැවතුනා... මතකයිද දන්නේ නෑ......... සාරියක් ඇදගෙන මුලින්ම වැඩට ගිහින් ඇවිත්.. ගාලුපාර අයිනේ වැටකෙයියා ගහක් යටටවෙලා.. "මම ආයෙත් මේ කෙහෙල්මල් රස්සාවට යන්නෙ නෑ"  මුහුන රතු කරගෙන ඇඩුවාම ඔය නලල් පරිස්සමට ඉම්ඹා... පලවෙනි පඩියට, මගේ අතේ පාලුව මකන්න, රොලැක්ස් ඔරලෝසුවක් ගෙනාවාම.. "මොන එකකට සල්ලි නාස්තිකලාද? . මම ඔරලෝසු බදින්නේ නෑ" මම බැන්නා.. දවස් දෙක තුනක් යනකල් කතාකලෙත් නැතුවා.. මතකයිද මන්දා.......... ගෙවල්වලට ආරංචි වෙලා.. දෙපැත්තෙන්ම ගිනිගෙඩි පහත් වෙද්දී... ඔයා යන එන හැම තනකටම දන්න අය පස්සෙන් එද්දී... "අනේ අපි පැනල යමු .. තියෙන විදියකට ජීවත්වෙමු" මගේ අත්දෙක පපුවට තුරුලු කරගෙන කියපු හැටි, ඇස් රතුකරන් හඩපු හැටි... :) :) :) :) :) එදා මම බලෙන් ගෙදර එක්කගෙන ගියේ... ඔයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි අපි බැන...