ඔයාට යාලුවෙක් වගේ ඉන්න බැරි ඇයි දෙයියනේ



"එදා මුලින්ම අපි හම්බ වුන තැන මතකද?"
"හ්ම්"
"ඇයි ආයෙමත් හම්බ වෙන්න බෑ කිව්වේ එහෙනම්?"
"මට බැරි නිසා"
"අහන්න අයිතියක් නැත්ද මට?"
"අයිතියක් තියෙනවානම් මම බෑ කියනවද?"
"අපි ගැල පෙන්නේ නැත්තේ ඇයි කෙල්ලේ"
"ප්ලීස්,, කතාකරන්න ඉගෙන ගන්න"
"සොරි,,,උත්තරයක් දෙන්න ඉතින්..."

"ඔයා මට වඩා බාලයිනේද මනුස්සයෝ?"
"එහෙනම් මොකටද මට ආදරේ කලේ?"
"මට ඒක අමතක වුනා"
"එහනම් දැන් මොකටද හදිස්සියෙම ආයෙමත් මතක් වුනේ?"
"මම අද ඔයා ගැන හිතුවා"

"අනේ ප්ලීස් තරිදු අපි යාලුවො වගේ ඉමු"
"මට ඕන හු** යාලු කමක් නෑ ගෑනියේ"
"මේ තරිදු කතා කරන්න ඉගෙන ගන්නවා"
"මට ඕන තමුසෙව. තමුසෙගෙ ආදරය"
"මම යන්නද?. තමුසෙ වගේ මිනිහෙක්ව මට කවදාකවත් ඕන නෑ...නෑමයි"
"ඉන්නව එහෙනම් මේකත් බලල යනවා"
"ඔය මොකක්ද?"
"පිහියක් යෝදියේ පේන්නේ නැත්ද?"
"මාව මරන්න ආවනම් ඉතින් මරනවා.. මට කොහොමත් තමුසෙ නිසා මේ ජීවිතේ අපායක් වෙලා තියෙන්නේ"

"චික්ස්"
"මොකක්ද මැට්ටෝ අත කපාගෙන කලේ"
"මොකක් කියලද හිතන්නේ"
"මම දන්නේ කොහොමද ඕයි"
"අරූව මතක් වෙන්න තමුසෙගෙ අතේ මුද්දක් තියෙනවා...මට මැරෙනක තමුසෙගෙයි මගෙයි අන්තිම මේ හමුවීම මතක් වෙන්න මේ කැලල තියෙනවා."

"යන් තරිදු ගිහිල්ලා බෙහෙත් ටිකක් දාගන්න."

"එහෙනම් මට ඇයි මෙච්චර වෙලා ආදරේ නෑ කිව්වේ?"

"තමුසෙට ඕන මගුලක් කරගන්නවා..මැරෙනවා.. ඒත් ආයෙත් මගේ පස්සෙන් එන්න එපා.."

"ඒක කරන්න නම් ටිකක් අමාරුවේවි"
"ඉන්නව එහෙනම් මම යනවා"


"බුදු සරනයි"

නොගැලපෙන ඔයා වෙනුවෙන් හඩන මම
  නන්නත්තාර සුරන්ගනාවෙක්

Comments

  1. මචං ඔය එක එක විදියට උබේ අතින් ලියවෙන්නෙ උබේ ජීවිත කතාවෙම කොටස් නේද??
    (අතින් දාන ඒව නැතුව)

    ඇති බන් දැන් උබ ඔය කෙල්ල වෙනුවෙන් හිටියා..

    ReplyDelete
  2. මගේ ජීවිත කතාව උබ දන්න කෙනෙක් හැටියට මාරියෝ උබට මතක ඇති මම නැව ගිලෙන්න ගියත් ආතල් එකේ ඉදපු එකෙක් විදියට...උබට තේරෙනවානේ යසියාගේ සම්පූර්න පරිවර්තනයක්...ඒකට හේතු වෙච්ච කාරනාවක් කොහේ හරි තියෙනවානම්......
    ඒ ඇය නිසා.....මාව යලි දකින්නට පෙරුම් නොපුරන ඈ නිස...
    ස්තූතියි මගේ මිත්‍රයා මේ පැත්තේ ආවට...

    "අතීතයට හිත දිව්වම...
    කදුලු බින්දු උපදිනවා....
    ලේන්සුවම තෙත් වෙනකොට..
    සුරගන ලොව සිහි වෙනවා"

    ReplyDelete
  3. කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා වගේ..

    අනේ මන්ද මට මේක කියෙව්වමත් මතක උනේ මම ලියපු නිසදැසක මුල් පේලිය. එක මම මාරයාගේ පොස්ට් එකකටත් දැම්ම. එකේ දෙවෙනි පේලිය මම දාන්නේ නෑ මොකද අදහස වෙන පැත්තකට යන නිසා.. මුල් පේලිය උබටම ගැලපෙනවා කියල මට හිතෙනවා.

    අනුන්ගේ වත්තක පිපි.. අනුන්ගේ දෑතින් නෙලාගත්,
    මට අහිමි මල නුබ....

    ReplyDelete
  4. http://www.fmderana.lk/blog/ site eka karanneth oyaamada?

    ReplyDelete
  5. අයියා...මේ ඇත්තම කතාවක්ද......ඒ කෙල්ලන්ම් හරිම නපුරුයිනේ.....

    ReplyDelete
  6. a d k කොලුවෝ: ස්තුතියි අදහසට.. මම අනංගයෙක් වෙන්න ගිහින් කෙල්ලව නැති කරගත්තා බන්... එයාට බැනලා වැඩක් නෑ..කවුරුවත් ගිලෙන්න යන නැවක ඉන්නෙ නෑ ගොඩබිමක් හොයාගෙන පීනනවා මිසක්....
    අවාසනාවකට බන් නැව එක ගොඩ බිමකට ගහගෙන ගියා.... මගියා තවත් ගොඩ බිමකට ගහගෙන ගියා...

    all in one: මචන් මමත් දැක්කා සින්ඩියෙ වෙන බ්ලොග් එකක නමකින් මගෙ පෝස්ට් එකක් යනවා...ඒක කරන්නේ මගේ හොදම පාසලේ මිත්‍රයෙක්.....

    සිතුවිලි නිහඩයි: නෑ නෑ ඒ කෙල්ල හරි හොදයි..ප්‍රශ්නය තියෙන්නෙ ඒ කෙල්ලගෙ හිත කවුදෝ වෙනස් කරලා.. ආපහු හරවන්නට බැරිම වෙන විදියට......හරියට ගගක් හොදට පැහෙනකම් වතුර දීලා එක පාරට ගංවතුරක් වෙලා සේරම නැති කරනවා වගේ..


    හැමෝම සුරන්ගනා ලෝකයට ආවට ස්තූතියි හුගාක්... ආයෙත් එන්න ඉඩ තියෙන වෙලාවක....

    ReplyDelete
  7. ආදරේ කොච්චර තිබුනත් පේන්නෙ නැතුව වැඩක් නෑ මොකද කෙල්ලො ආදරේ කියන ද් පිටින් සෑහෙන්න බලනවා.. අනිත් එක තමයි කොල්ලොන්ගෙ ආදරෙන් කෙල්ලො තනියම පොඩි මනෝ අතල් එකක් ගන්නවා. ඒක හරි ආත්මාර්තකාමියි කියල කෙල්ලොන්ට තේරෙන්නෙ නෑ ගොඩක් කෙල්ලො එහෙමයි... ලස්සන නිර්මාණයක් යසියා..
    ගාල්ල අලපලාව මහා විද්‍යාලයේ නේද ? මොන ඉයර් එකේද ??

    ReplyDelete
  8. පොඩි මෑන් මම කන්ද උඩ තියෙන උබලත් එක්ක බෝල ගහන ඉස්කෝලෙ 2009 පලවෙනි පාර විබාගෙ කලේ...
    ඔව් බන් ආදරේ ආර්ත්මාර්තකාමී කියලා මටත් තේරිලා හුගාක් කල්....
    මම ඊයෙ බලපු ෆිල්ම් එකක් නිසා මට එයාව මතක් වුනා ඒකයි ලිව්වේ....


    ස්තූතියි බන් ආවට මේ පැත්තේ

    ReplyDelete
  9. රිච්මන්ඩ් කොල්ලෙක් නේද?කතාව නම් ලස්සනයි.කියවද්දි හුගක් දුක හිතුනා.
    මුහුදෙ ඉන්නෙ එක මාලුවද?නෑ නේ අයියේ.
    ඔයා තාමත් හුගක් දුක් වුනාට ඒ අක්ක ඒගැන දන්නෙවත් නැතුවැති සමහරවිට.
    ආදරේ හැටි ඔහොම තමයි.කාලයක් හුගාක් සතුටින් ඒත් ආදරේ අහිමි උනාම හුගාක් දුකයි

    ReplyDelete
  10. හිම හංසියේ...
    නංගි මගේ චින්තන රාමුවට අනුව ආදරය කිරීමම (ප්‍රේමය ලැබීම හෝ නොලැබීම)අවසාන ප්‍රතිපලය මත පදනම් නොවූ පරිත්යාගයක්,ඉතින් පරිත්යාගයකින් ඔබ්බට දුක් වීමක් නම් සුරනගනාවෙක් අතින් සිදුවියයුත්තක් නොවෙයි..
    එයා දැන ගත් දිනට ඇයට දුකක් හිතෙයි...
    ඇය හඩන්නට වේවි..
    ඇගේ කලුලු දකින්නට බැරිකම නිසා මිස ප්‍රේමය අහිමි වීම නිසා නොවේ මම එදාට අඩන්නේ,,

    ස්තූතියි මේ පැත්තේ ආවට... ආයෙත් ඇවිල්ල මොකක් හරි කොටලා යන්න නංගියේ....

    ReplyDelete
  11. උඹ නම් කොල්ලා සිරාවටම කතාව ලියලා තියෙනවා. විරහ වේදනාව එක්ක උඹ ලියන ඒවායින් ඒ වේදනාව අපිටත් හොඳට දැනෙනවා..........

    ReplyDelete
  12. හසිතයො:
    තැන්ක්ස් මචන් කියෙව්වට.. ,මම අලුත් වැඩකට අතගැහුවා....ඒක කියවල හිතෙන දේ කියපන්...

    ReplyDelete
  13. ලියලා දාපන් මල්ලි හිතේ තියන ඔක්කොම ඕන එකක් ප්‍රීති වෙසක් කියලා ......

    එතකොටවත් ඔය දුක නැති වෙලා යන්නෙ නැතෑ .......

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02