xxxxxxxකතාව 3---අවසානයක් xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ඕන් මේන් යසියා ගියා . ලැබ් එකට.. ඒකෙනම් හිටියෙ ටිකක් කලු අක්ක කෙනෙක්...


හැබැයි ඉතින් කලු උනත් දැකුම් කලුයි කියල දෙයක් තියෙනවනේ...
(කබරගොයා බඩගින්නට තලගොයා වෙන්න වගේ)


"ආ මල්ලි මෙතනින් වාඩි වෙන්න"
අක්ක අතින් අල්ලලා කුශන් පුටුවක වාඩි කලේ නැතැයි මාව..

පෙට්ටියක් ඇතුලෙන් මොනවදෝ කහපාට දෙයක් ඇදල ගත්ත එයා ඒවා අත් දෙකේම දාගත්තා..(ග්ලවුස් කියන්නේ)

අනේ යකෝ මාර කෙලියක්නේ.. මුන් හිතාගෙන ඇති අපි කොරියාවෙය... නාන්නේ නැතියැ කියලා...බැරිද දන්නේ නෑ නේ අපිව නාවන්න.....

නෑ මෙයා දන්නවා මම පිරිසිදුයි කියලා.. ඒකයි මේ එයාගේ කුනු මගේ ඇගේ ගෑ වෙනවට ඔය..
මම තරහව අමාරුවෙන්....(එච්චරම අමාරුවක් වුනෙත් නෑ)
නිවා ගත්තා.....

බුදුන්ට මල් පූජා කරන්න වාගේ හෙමීට හෙමීට මගෙම අතින් අල්ලලා අත මිට මොලවපු එයා....
\
ගත්තේ නැතෑ සිලින්ජරයක් අතට.....
අම්මෝ මේකේ දිග විතරක්... එහා පැත්තෙන් එයිද මන්දා.....

"මොකෝ දගලන්නේ .....බයයි නේ චන්ඩියා වගේ හිටියට?"

"පිස්සුද මම දෙපාරක්ම ලේ දීලා තියෙනවා"

"එහෙනම් හොද දරුවා වගේ දගලන්නේ නැතිව ඉන්නකෝ පොඩ්ඩක්"

"හා"

"තව පොඩ්ඩයි හොදද"

"හොදයි"
බලන්නකෝ මෙයා මාව කින්ඩියටමයි අරගෙන කතා කරන්නේ..
"ඔයා මට ඔච්චරටම ආදරේද අක්කේ"


අපෝ ඒක අහපු ගමන් අපෙ අම්මගෙයි පූනු ඇබුල උනා..

මලා අරක පුරවලා බඩු අරගෙනනේ මෙයා.. මෙච්චර බඩු තිබ්බද මගේ ඇගේ???

තියෙන්න ඇති නේ...

"හරි හරි දැන් ඉවරයි"

අනේ මන්දා පාරෙදිවත් මම මෙයාට කියවලා තියෙනවද කියලා.. ඇද්දේ නැතෑ අරක එලියට.....

"ඌහ්.."
"සොරි පැටියෝ මම කිව්වානේද දගලන්න එපා කියලා.."

"මමයැ අක්කානේ දැගලුවේ"

"රිපෝර්ට් එක ගන්න පැයකින් එන්නකෝ"

 "ගිහින් එන්නම්"

පලි:

වාර්තා සියල්ල ඩොකාට පෙන්වූ පසුව එය හුදෙක් මා0ශ පේශී ඇදීමකින් සිදුවූවක් බව හදුනා ගන්නා ලදි....


Comments

  1. ඒ කියන්නේ පොඩි අවුලක් නේ බන්....

    අක්ක උබෙ බඩු එලියට ඇද්ද කිව්වේ... ඇත්තටමෙයි.... හික් හික් හික්...

    ReplyDelete
  2. ඒ කියන්නෙ දැන් උබට අවුලක් නැද්ද???

    ReplyDelete
  3. කොල්ලෝ ඔය අක්කලාට ඔච්චර හුරතල් වෙන එක නම් එච්චර හොඳ නැහැ..

    ReplyDelete
  4. @ මාරියෝ:අපෝ උබ කැත විදියටමයිනෙ හිතන්නේ

    ReplyDelete
  5. @කිඩෝ: තවම කොන්ද රිදෙනවා.. ඒක නිසා බිම නිදාගන්නේ

    ReplyDelete
  6. @ සරත් අයියා: මම මේ වල් කමට කියනවා නෙමෙයි.. ඒත් මගෙ හිතට පුදුම හැගීමක් දැනෙනවා මම කාට හරි අක්කේ කියලා කෑ ගහලා කතා කරනකොට....

    ReplyDelete
  7. තනිකර බොරුවනේ කරලා තියෙන්නෙ ........
    මම මේ චොකලට් කේක් එකකුයි, ඇම්බුන් ඇවරියකුයි අරගෙන එන්න හිටියෙ ......
    දැන් ඉතිං වැඩක් නැහැනෙ .....

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02