Posts

විරංගි 003

Image
"සදරූ... සදරූ..." විරූ ගේ ප්‍රේමාන්විත හඩත් සමග ම මා දෑස් විවර වී ය.. නිල් පාට ඩෙනිමට සහ සුදු පාට බ්ලවුසයට ඈ හුගාක් ලස්සන ය.. හිසකෙස් කඩා දමා ය..ඈ මා හිස අතගාමිනි... " ඔ.යා හුගා..ක් ලස්සනයි... පැටී " " කකුල රිදෙනවද රත්තරං... " "නෑ වස්තුවෙ ඔලුව පැලෙන්න වගේ.." "ඉන්න මම නර්ස් ට කතා කරන් එන්නම්" "එපා" මා ඇගේ අතින් අල්ලාගතිමි... "මෙතනින් වාඩිවෙන්න පැටී" ඈ ඇද මත හිදගත්තා ය.. මා ඇගේ වමත මා දකුනතින් මිරිකා ගතිමි.... " මම අද ඔයත් එක්ක ඩිනර් එකට යන්න හිටියෙ පැටී" " කමක් නෑ බබා මොනවා කරන්නද... අපි ඔයාට හොද වුනාම යමු... මේ.. කෝ දකුනු අත දෙන්න...." කලිසම් සාක්කුවට අත දැමූ ඈ බුලත් කොලයකින් එතූ පිරිත් නූලක් ගෙන මොනවද කියමින් ගැටගැසුවේ ය... " මේ මොනවටද... පිස්සි?" " නෑ නෑ නෑ මෝඩයො.. ඉක්මනට සනීපවෙන්න..." "මේ... පැටී... මෙතන හාන්සිවෙන්නකෝ..." "මැට්ටෝ... කවුරුහරි ආවොත්... " " දොර වහලා එන්නකෝ" ඈ මා පපුවට හිස තබා හාන්සි වූවාය.... ඒ හිස...

විරංගි 002

Image
විරංගි 001 මෙතනින් කියවන්න සෙමින් සෙමින් ඇය නිවස වෙත ගියා ය. ඇගේ කාමරයේ විදුලි බුබුල දැල් විනි. දැන් ඇය කාමරයේ දොරගුලු  දමාගෙන මා දුන් තෑගි පර්සලය විවර කරනවා ඇත... මොබයිලයේ ටෝච් එලිය දල්වාගත් මම තේ ගස් මැද්දෙන් පාර දෙසට ඇදුනෙමි.. හන්දියේ කඩය වසා ඇත.. "රෙද්ද..."  දෙතුන් පාරක් කික් කලද මේ බයිසිකලය නම් ස්ටාර්ට් වෙන පාරක් නැත... නමුත් ඉක්මනින් ගෙදර යන්නට ඕනෑ ය.. 1ස්ට් ගියරයට දමා පල්ලම දෙසට තල්ලුවක් දැම්මෙමි.. බඩු ස්ටාර්ට් ය.. ගියරයෙන් ගියරය ඉහල දැමූ මම ප්‍රදාන මාර්ගයට පිවිසියෙමි. " හෙලෝ" දුරකතනයේ අනෙක් පසින් මා පෙම් කරනා ඒ සොදුරු කටහඩ ය.. " ගෙදර ගියා ද බබා" " නෑ පැටී තාම කරාපිටියෙ හන්දියෙ ඉන්නේ" " මෙච්චර වෙලා" " ඔව් රත්තරන් මේ කෙහෙල්මල් බයිසිකලය ස්ටාර්ට් වුනේ නෑනේ" " පිස්ස.. කිව්වට අහන එකක් යැ... කොච්චර කියනවද කාර් එක අරන් එන්න කියල.. " " ඔව් ඔව්... හරි ශෝක් ... ඊට හොදයි අටේ ප්‍රවුර්ති වලට දැම්මනම්.. වාහනේ දැක්කම මුලුගමම දැන ගනීවි" " හරි හරි හෙමින් යන්න... ගිහින් කෝල් එකක් දෙන්න.. ...

විරංගි 001 ( කුලුදුල් නවකතා ප්‍රයත්නය )

Image
"බ්‍ර්ර්ම්.. බ්‍ර්ර්ම්" "හෙලෝ" "හෙලෝ නෙමෙයි.. කොහෙද කියන්න ඉන්නේ?" "මම පොඩි හොර ගමනක් ආවා.. ගෙදරට හොරෙන්..." " කියන්නකො බබා... ප්ලීස්... ඇයි හෙමින් කතාකරන්නේ?" " කියන්නම්..පැටී එන්නකෝ ඔයාලගේ උගුරැස්ස ගහ පැත්තේ තාප්පේ ගාවට.." " මෝඩයා... විහිලු නොකර කියනව කොහෙද ඉන්නේ කියලා.. මට ඇසෙස්මන්ට් එකක් තියෙනව හෙට සබ්මිට් කරන්න.." "විහිලු නෙමෙයි පැටී.. මම තාප්පේ ගාව ඉන්නේ ... එනවකො ඉක්මනට.." "හ්ම්... පොඩ්ඩක් ඉන්න බබා" වෙලාව රාත්‍රී 11:55 ය. ඇයව බලන්නට ඇති ඕනෑකම නිසාම කලුවරේ ඇයව ගෙන්වා ගතිමි. මා ඉන්නාතැනට කුස්සිය පැත්තේ දොර හොදහැටි පෙනෙයි... හොර වැඩකටනම් ඇය ගෙදරින් පිටවෙන්නේ එතැනිනි.. කුස්සිය ඇගේ කාමරය ගාවමය.. ඇගේ කාමරයේ ලයිට් නිවෙනවා පෙනෙයි... පෝය පසු වී දින දෙකක් වුනත් හදේ දගකාරකම් නම් තවම අඩුවක් නැත... " සද එලිය එපා ඇයව වෙලා ගන්නට... ඈ අයිති මට විතරයි" හිත කරන තරවටු සද නම් අසන්නේ නැත.. මා පසුකරමින් ගිය සිසිල් සුලන් දහරක් ඇගේ නිදහස් වරල් ගෙනයන්නට තැත් කරයි... රෝස පැහැ නියිටිය සහ හව...

ප්‍රතම හාදුව ... first kiss

Image
කහ පාට සාරියට ගැලපෙන නාරි රූපය බස් නැවතුමෙහි බලා සිටින්නේ මා එනතුරා ය. උදයේ ගැල්වූ මේකප්  හිතක් පපුවක් නැති අවුවට සේදී ගොසිනි.. නමුත් මම ආසම සමන් පිච්ච සුවද නම් තවමත් ඇගෙන් විහිදෙනවා ඇත.. විටින් විට අතැදි ඔරලෝසුව දෙස බලමින්ද,  විටෙක උස් පාවැඩි සගලේ ඇගිලි තුඩු වලින් ඉස්සෙමින් වට පිට බලමින්ද, ඈ සොයන්නේ මගේ රූපය යි.. මා සිටිනා තැනට ඇයව හොද හැටි පෙනුනත් ඇයට නම් මා නොපෙනෙයි... ඇය නමින් සෙව්වන්දිය.. ලොව දෙවනියට ගුනයහපත්ම කාන්තාවයි.. දෙවනි වන්නේ අම්මාට පමනය...  සිගරට්ටුවේ ඉතිරි ෆිල්ටර කොටය මා  පොලවේ අතුල්ලා නිවා දැමීමි.. නාල හඩනගමින් ඉගිල්ලී යන රතවාහන මැද්දෙන් මම පරිස්සමෙන් පාර පැන ගතිමි.. ඇගේ මුවගේ සිනාවක්  නැගුනි.. මමද ඇයව දිටි බව ඈ දැන ගත් සැනින් ඒ මුහුන තරහවෙන් සායම් කර ගත්තා ය. " මොනවද තරිදු කරන්නේ.. දන්නවද මම කීයටද ආවේ කියලා.." "ඔයා ආවේ හතරහමාරටනේ ?" " හ්ම්... එහෙනම් ඇයි පරක්කු වුනේ..." "මේ.. පිස්සි.. අපි කොහෙට හරි ගිහිල්ලා රන්ඩු වෙමුද... නැත්නම් අර පුන්චි උන් නරක් වේවි.." "කෝ බයික් එක .." " විනාඩියක් ඉන්න මම අරග...

ගිටාර්යේ කැඩුනු තත්

Image
ගිටාරයේ කැඩුනු තත් අතරින්.. සිතින් නුබට ගී .. ලියැවෙනවා... යටිහිතේ... මතකයන් ... අස්සෙන්... සොදුරු ඔය හිනහව .. සිහිවෙනවා... නැහැදිච්ච දඩබ්බර.. මද පවනේ... ඔය නිල් වරලේ.. පුසුබ විහිදෙනවා... වියලුනු සම පුලුසන.. හිරු කිරනේ... නුබෙ කුඩයේ අඩුව... තේරෙනවා... ආදරයේ... නිම් කඩුලු එපිටින්.. නුබේ ලෝකය එලිය වෙලා.. මම නැති පාලුව දැනුනෝතින්... වැදලා කියන්නෙමි එන්ට එපා...

කතාවට මගේ කිසිම සම්බන්දයක් නොමැත.. (18 + )

Image
තොල් පෙත්තට තොල් පෙත්ත ලංවෙද්දී ඇගේ නිල් ඇස් දෙක පිය වුනා. පාට කරපු ඇහි බැමි දෙකට බයවෙලාද කොහෙද කීරි කරපු වරලසේ සුවදට මගේ නාස් පුඩු මත් වුනා.. ගෙලින් ගෙල කනින් කන දහඩියත් එක්ක එකතු වෙද්දී කොයි තරම් සුමුදුද . " ඔහොම ටික වෙලාවක් ඉන්න අසංක" ඇය මගේ බාහු වල තුරුලු වෙද්දී මුහුදු සුලග චන්ඩියෙක් වගේ ඇවිත් අපි දෙන්නවම තුරුලු කරගත්තා.. " ඇයි ලමයෝ මම මේ ලෝකේ දාල යන එකක් යැ... " "අනේ එහෙම කියන්න එපා ප්ලීස්.. පොරොන්දු වෙන්න ආයෙත් කවදාකවත් එහෙම හිතන්නේ වත් නෑ කියලා" " බලමු බලමු" මම කට කොනකින් හිනාවුනා.. "ප්ලීස්.."  මේ කෙල්ල කොච්චර බොලදයිද? පුන්චිම පුන්චි දේකටත් පොරොන්දු ගන්න.. මට බයයි පොරොන්දු වෙන්න.. කවදා හරි මගේ අතින් පොරොන්දුව කැඩුනොත්..... " අපි තුන් හිතකින් වත් හිතන්නෙ නැති දේවල් මේ ලෝකෙ සිද්ද වෙනවා බබා.. ඒත් කවදා හරි ඔයා මාව දාලා ගියොත්? " "මම මැරුනත් ඔයාව දාලා යන්නේ නෑ අසංක" කකුලක් අනිත් කකුල උඩින් තියාගෙන ඉදිද්දී... කෙලින් කරපු කෙස් ඔලුගෙඩිය දාලා හුලගත් එක්ක දුවන්න හදනවා. නිකටට අතක් තියාගෙන කටත් පො...

සන්දි

Image
යායුතු තැනක් නොමැතත් කොහුවලින් නුගේගොඩ දෙසට යතුරු පැදිය හැරවූවෙමි. කෙතරම් සිත කීවත් වේගය වැඩි කල නොහැක.. රැකියාස්තානයෙන් නික්ම නිවෙස් වෙත දුවන දහසකුත් මිනිසුන් මැද නිවහනක් නොමැති එකම පුද්ගලයා මම ද?? ලානිල්  තද නිල් බ්ලවුසයක් සහ නිල් ඩෙනිමකින් සැරසුනු අඩි පහයි පහක පමන තරුනියක් රිදී පැහැ කුඩයක යටින් කලබලයෙන් ඉදිරියට ඇදෙයි. මා යතුරු පැදියේ වේගය අඩු කර තවත් පාරේ වම්පසින් ඉදිරියට ඇදුනෙමි. වම අතට හැරුනු ඈ අසල පිහිටි නිමි ඇදුම් වෙලදසැලකට පිවිසියාය. මම ද වමට සිග්නල් දමා යතුරු පැදිය පාරෙන් ඉවතට කලෙමි.. " ස්‍ර්.. බයික් එක අතනින් පාර්ක් කරනවද?" " ඕකේ.." විගහින් යතුරු පැදිය තාප්පයක මුල්ලට කල මා.. හැඩලය ලොක් කර .. වෙලෙද සැල වෙතට දීවෙමි.. "ස්‍ර් හෙල්මට් එක" හෙල්මටය තබා ටෝකනය ගත් මම කාන්තා ඇදුම් ඇති පලමු මහල වෙතට දිවීමි..ඇය එහි විය යුතුය... හතරවටින් එල්ලූ නිමි ඇදුම්ය. තැනින් තැන කාන්තාවන් නිමි  ඇදුම් තෝරයි.නමුත් ඈ දකින්නට නොමැත.. දෙවන මහලක් ඇතත් එහි ඇත්තේ පිරිමි ඇදුම්ය... නමුත් මා ඉහල මහලට ගියෙමි.. ඈතින් පෙනෙන ඉගටිය තෙක් දිග කෙලින් කෙස් කලබ නම් ඇයගේම ව...