Posts

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Image
මම ඊයෙ කියල ගිය විදියට     ඉස්පිතිතාලෙදී සහ ඊට පස්සෙදී වෙච්චදේ ලියන්නයි මේ යන්නේ යසියා .... හේමාස් කියාලා පුද්ගලික ඉස්පිතිතාලයක් තියෙනව ගාල්ලේ... අපේ අම්මි රජයේ බැන්කුවක ලොකු පුටුවක් නිසා(ඇඩ් එකක්ය. බැන්කුවල අයට පවුලේ උදවියගේ මෙඩිකල් කියලා බර ගානක් දෙනවනේ) අපි කැස්සටත් බේත් ගන්න ඕකට යනවා නිතරම. ඉතින් මට කලින් ඩොකා නිර්දේශ කරපු x-ray එකයි full blood count එකයි චෙක් කරන්න මමයි අම්මයි ගියා ඕකට... සල්ලි ගෙවලා කවින්ටරෙන් රිසිට් එකත් අරගෙන ගියේ නැතයි එක්ස් රේ රූම් එකට හුරේ කියලා..... "මැඩම් බැන්කුවේ නේද?" මලා කවුදෝ අම්මගේ යාලුවෙක්, දැන් හුටා තමයි.. දීපන්කෝ ප්‍රශ්න වලට උත්තර....මෙන්න අනිවා අහන ලිස්ට් එක...... *ආහ් මේ පුතාද? *මොනවද කරන්නේ? *කැම්පස් තාම පටන් ගත්තේ නැත්ද? *අර ආමි ට්‍රේනින් ආවෙ නැත්ද? *ආ... අපරාදෙනේ ඇයි ගියේ නැත්තේ? ................................................ නිකන් මොකටද කුනුහර්ප මතක් කරගන්නේ...නිදහසේ සිගරට් එකක් වත් බොන්න තියෙන නිදහසනේ නැති වෙන්නේ....   :P මම රිසිට් එකත් අරගෙන දිව්වා රූම් එකට... දන්නවනේ අම්මල කතාවට අහුවුනාම ... ස්ටි...

‍x x x x කතාව x x x x

Image
යසියා ටික කලක ඉදන් මේ අවකාශේ සැරි සරද්දී පුදුම සැනසීමක් ලැබුනා.යසියට ජීවිතේ ගැන හුගාක් දේවල් ඉගෙන ගත්තා.. ඒ නිසාමද කොහෙද යසියා මේකට ඇබ්බැහි වුනා.. ඒත්............................................   :( අද මම මගේ ගැනම බයෙන් ඉන්නේ. මගේ අනාගතේ ගැන පුදුම බයෙන් ඉන්නේ. මගේ ජීවිතේ තනිකරම දෙගිඩියාවෙන් ඉන්නේ... මේක කියන්න කවුරුවත් හිටියානම් කියල හිත හිත ඉදිද්දී තමයි සුරන්ගනා ලෝකය යසියට මතක් වුනේ. මම කවුද කියල බ්ලොග් මිතුරන්ට දැන ගන්න පුලුවන් නිසා. මේක දානවද නැත්ද කියලත් මම ට්ක වෙලාවක් කල්පනා කරනවා. නෑ මොකක් වුනත් කමක් නෑ මම දන්න තීරනය කලා..... යසියා මේ දවස් වල ලොකූ කොන්දේ අමාරුවකින් ඉන්නේ... මට කැම්පස් යන්න කලින් එන මගුල ආවේ තලාවේ.. ඒකට යන එකත් ගෙදර අයගේ දැඩි විරෝදය මැද්දේ නතරකලේ යසියට මේක මහාම වදයක් නිසා...සමහරවිට යසියා අමාරුවෙන් ගත්ත ඒ ලෙවෙල් ප්‍රතිපලේ අකුරු වැඩක් නැති වෙන්නත් පුලුවන්... කොන්ද කොච්චර අමාරුයිද කියනවනම් මට මෙගා බෝතලයක් වත් (මම කියන්නේ ෆ්‍රිජ් එකේ තියෙන වතුර බෝතලේ ගැන) බොන්න බෑ වේදනාවක් නැතුව. මේක කොටද්දිත් මාර වේදනාවක් තියෙන්නේ... හවසට යන්න ඕන x ray එකක් ගන...

කාලකන්නියෙකුගේ කතාව

Image
ගලා යන්න ඉඩදෙන්න... අපිට අපේ විදියට නුබ නොදන්නවා වුනාට අපිට තියෙනවා අපේම ආගමක් ජාතියක් හීනයක්....... හදවතේ තැන්පත් වෙච්ච නුබට නොතේරෙනා දර්ශනයක් ඉදල හිටලා දවසකදී බිව්වාට අපි දුම් උගුරක් යාලුවෝ ටිකක් සෙට් වී බිව්වාට කරටි කැඩෙනකන්. කාටවත් නෑ කරදරයක් අපෙන් කවදාවත්. ඔරවන්නෙ ඇයි ස්ර් මැඩම් මේකයි අපේ යෞවනය අහින්සක ජීවිතය චෙක් ශෝට ගහලා රබර් කටු දැම්මාට.. අපි නෙමෙයි නන්නත්තාර ලෝකෙම කරදර ඔලුවට අරගෙන ජීවිතය අපායක් කරගත්ත ඔයාල ...... හූ හූ හූ                                                                                           ...

අවාසනාවට ඇත්ත කතාවක්

Image
අද දවසට දාන්න පෝස්ට් එකක් ලියන්න මාර විදියට අමාරුවුනා. වෙනදානම් පෑන අතට ගත්තාම මොනොවාම හරි ලියවෙනවා මම දන්නේත් නැතුව."1st true love is unforgettable" කියල කවුරු හරි බූට් කාපු එකෙක් ඇත්ත කතාවක් කියල තියෙනවානේ..ආහ් අමතක වුනා ඕයි... මචන් රත්ගමයා නුබ මගේ මොන්ටිසෝරි කාලේ ඉදන් මිත්‍රයෙක්.. මාව බ්ලොග් එකට එක්කරන් ආවට උබට හුගක් පින් මචන්. දැන් බ්ලොග් එක මගේ ජීවිතය වෙලා... එයාව එක්කරගෙන ආව නගා ත් මට ඊයෙ බුකියෙදි හම්බ වුනා. ඕන් එහෙනම් කතා පොජ්ජ පටාන් ගන්නවා පින්වතුනී එහෙම නැත්නම් පව්කාරයිනි..:P මගේ බ්ලොග් එක මුලින්ම ඉදන් කියවපු අය දන්නවා ඇති මන් කොච්චර නාහෙන් අඩ අඩ කතා ලිව්වද කියලා. කෙල්ල වෙන කෙනෙක් බදින ඒවා නැත්නම් ඒ වගේ දුක හිතෙන ඒවා... ,මතකයි නේ ( ;) නෑ කියල මම දන්නවා). අන්න ඒ කෙල්ල වෙනුවෙන් මම ජීවත් වෙන්න හිතුවා. එයා මගේමයි කියල හිතුවා....මගුල තමයි.. එහෙම නෙමෙයි අන්තිමට දෙවෙනි වතාවටත් එයා මගෙන් ඈත් වුනා..මොනා කරන්නද හලො?.... ලෝකේ ඉන්නේ එක කෙල්ලද????? ඒත් ඒකිගෙන් බැනුම් අහන්නේ නැතුව මට ඉන්න බෑනේ... එයා ආයෙත් මගේ යාලුවෙක් වෙන්න නම් එයා කොන්දේසි දෙකක් දැම්මා.......ඒවත් ඕන...

ඒයි තඩි කෙල්ලේ

Image
උසයි මහතයි ඔයා තලෙලුයි මගේ පාටමයි කොන්ඩයනම් ටිකක් අමුතුයි ඒත් ඒ සේරටම මම නම් ආසයි කතාකරද්දී නම් කනට ගහන්න වගෙයි කියන කතාවලට දුක හිතුනු වාර අනන්තයි උබේ හිතෙත් මම ඉන්නවා සත්තයි පිටට නොපෙන්නුවට ඒක මම දන්නවා අපෝ අපෝ අපෝ මටනම් අහන්න බයයි මතකෙයි? ඔයා මට කිව්වා දවසක් "ගහනව ගෙම්බාගැහුවා වගේ පොලොවේ" කමක් නෑ දෙයියනේ මම අහනවා මේ........................................ ඒයි......................................... තඩි කෙල්ලේ.......... ඔයා කැමතිද මගේ ලේලිගෙ නැන්දම්මා වෙන්න???                                                                                      ...

"LTTE ත්‍රස්තවාදීන් AIR LANKA ගුවන්යානයක් පැහැරගනියි"

Image
ස්තානය: පැහැරගත් ගුවන් යානය චරිත: සිත්ති: හදවත් සැත්කමකින් පසුව සුවය ලබා නැවත යාපනය බලායන දස අවුරුද්දක් වයසැති ගැහනු දැරුවෙක් ක්‍රිශ්නා: දිගු කලක් LTTE ය සමග වැඩකල තරුනයෙක්. සිදුවීම: ගුවන්යානයේ ශීට් පේලි අතර සක්මන් කරන ක්‍රිශ්නා බිම වැටී ඇති කුඩා ටෙඩියා අහුලා සිත්ති අතට දෙයි.. සිත්ති: ස්තුතීයි අයියා. අහින්සක සිනාවකින් ඇගේ මුව සැරසෙනු දුටු ඔහු ඇගේ හිස පිරිමදී.. සිත්ති: අයියාගෙ නම මොකක්ද? ක්‍රිශ්නා: මට නමක් නෑ න0ගී.මම විමුක්තියට ජීවිතය පූජකරන්නෙක් සිත්ති: ඇයි අයියලා මෙච්චර නපුරු? ක්‍රිශ්නා: මේ සි0හලයා ඔක්කෝම අපිට හතුරුකම් කරනවා.මෙහෙම නැතුව අපිට අපේ අයිතිය දිනාගන්න බෑ. සිත්ති: ඒත් අයියා ඉස්පිතිතාලෙදි සේරම මට හොදට සැලකුව දොස්තර මාමලා සි0හලනේ? ක්‍රිශ්නා: දොස්තරලා හැමෝම හොදයි න0ගී ජාති බේද එයාලට නෑ සිත්ති: ඇයි අයියා ඔයා දොස්තර කෙනෙක් නොවුනේ? ප:ලි: අවසාන දෙබස සම්පූර්න කිරීම නුබට බාරයි                               ...

සෙක්සි කෙල්ලෙක්

Image
පුස් කාපු කෙස් දැක්ක ඇස් දෙකම ගැස්සිච්චි නුබෙ කින්ඩි හිනාවෙන් හදවතම නැවතිච්චි තද කරන් පා ඩෙනිම් පලනුකුල ඇබරිච්චි ගැසූ විලවුන් වලින් මගේ හිත් මත් වෙච්චි සුන්දරයි පිරිසිදුයි දකින්නට ආසයි සිබින්නට දෙනවාද නාස්පිඩු ලෝබයි සිනිදු මුදු කෙහෙරැල් එහේ මෙහේ පාවෙයි "නැගිටපන් මී හරකො දැන් හයයි කාලයි" කොයි කාට කියන්නද ඒ හීන ලෝකේ හිටි සෙක්සි කෙල්ලක් තව සිතේ කැරකේ අත්තම්ම දැක්කොතින් ඇයව මහ පාරේ "අනේ තුහ් නොදොමකින් මුන් හැදෙන තාලේ"