ආව එවුන්

Thursday, March 10, 2016

සමුගනිමි. මීට රෝමියෝ

"ජීවිතේ දිනුම් කනුව අඩි දෙකක් ඉස්සරහින් තියෙද්දි... මම ආපසු හැරුන, කකුල් දෙකේ කොච්චර හයියක් තිබ්බත්, හිත හයියක් දුන්නෙ නෑ, බ්‍රේක් එක ගහන්න ඇක්ස්ලේටරෙන් අඩිය ඉස්සුනෙ නෑ, හෑන්ඩ් බ්‍රේක් එක බර වැඩියි වගේ දැනුනා, ඒක උස්සගන්න බැරි වුනා, ඉස්සරහින් ආපු කන්ටේනරේ ලයිට් ගහ ගහ හෝන් ගහද්දි, මම අන්ද වුනා, මම බීරි වුනා. ඉස්සර මගේ හිත වගේ කාර් එකේ කෑලි කීයක්ද මන්දා , හතර කොනේ විසික් වෙලා තිබ්බා, හතර වටේ මිනිස්සු අතින් කට වහගෙන සුස්ම් හෙලනව මම දැක්කා. කාකි කෝට් කාරයෝ වගයක් කහ පටි අදිනවා දැක්කා, ට්‍රොලියක් ශේප් එකේ මාවත් අරන් මාරු වුනා. මට මහන්සියි මචන්. මම ඇස් දෙක පියාගත්තා. කිලෝ අසූවක ශරීරෙ බර මට නොදැනී යන්න පටන් ගත්තා. මට පුදුම ඉස්පාසුවක් දැනුනා"

" අවුල් වෙච්ච කොන්ඩෙ, නොමැදපු සුදු ටී ශර්ට් එක, මේකප් නොදාපු පොඩි පොඩි දුබුරු ස්පොට් වැටුන සුදු මූන, කවදාවක් නැති තරමට මලානික වෙලා තිබුනා. කලු කෝට් එක අස්සෙන් ඔලුව  දාලා සුදු ශර්ට් එකට උඩින් අමාරුවෙන් කලු ටයි එක උබ දිහා බලන් හිනාවෙන්න හෙන ගේමක් දුන්නා. අපෙ අම්මගෙ උරේට ඔලුව තියාගෙන අඩන කදුලු පුරෝගෙන කදුලු පුරව ගත්ත වැහුනු ඇස් දෙකට ඒක පෙනුනෙ නෑ. කාලෙකින් යාලුවෙක් ආවෙ නැති ගෙදර සෙනග පිරිලා. කැරම් බෝඩ් වටේ ගමේ කොල්ලො ඉත්තන් අස්සෙ රාත්‍රියේ බින්දුව බින්දුව හන්ගන්න හදනවා. ලොකු ලොකු කාර් ජීප් වලින් ලොකු ලොක්කො විනාඩියක් මගෙ ලග නිසොලමනේ බලන් ඉදලා ආපහු ගියා. ලොකු නංගියි චූටි නංගියි ඉන්න කට්ටියට බිම අල්ලනවා. චූටි මල්ලි සෙල්ලන් කරන්න ලොක්කයියා හොයනවා. පර්චස් තිහ පුරාම ටෙන්ට් ගහලා. පිලිකන්නෙ ටෙන්ට් එකක දුම් කාගෙන නිසාර් උයනවා. තිලකුයි පුතයි චූටියයි චමින්දයයි කදයක් ගහගෙන ලූනු සුද්ද කිරනවා. " ඉස්සර නම් මම හැමදාම බේබි මහත්තයට කජු ටිකක් තියනවා" මං දුම් පොදක් අරන් ඇවිත් උගේ කදුලු අහක් කරලා දැම්මා. කවුද එක්කෙනෙක් මාලු ටැංකියෙ මාලුන්ට කන්න පොඩ්ඩක් දැම්ම"

"දුවේ හුගක් රෑ උනා ගිහින් එන්න"
"යන්න හිතක් නෑ ආන්ටි"
"ගිය එකා ගියා දුව. දූ දැන් ගෙදර ගිහිලා හෙට එන්න"

අම්ම එයාගෙ ඔලුව අතගානවා. එයා අමාරුවෙන් ප්ලාස්ටික් පුටු ඇන්දට වාරු දීලා නැගිට්ටා. හෙමින් හෙමින් අඩිය තිය තිය මං හාන්සි වෙලා හිටි තැනට ආවා. ඇස් දෙකේ කදුලු පුරවගෙන මගෙ අලු පාට වෙච්ච මූන දිහා බලන් හිටියා. දකුනත දික් කරල මගේ කකුලක් ඇල්ලුවා.
"අනේ මට සමාවෙන්න රෝමියෝ"
එක පාරක් ආයෙ මගේ කනට කරලා මිමිනුවා නම් පත්තිනි අම්මා පල්ලා මම ආයෙ නැගිටලා ඔය කදුලු පිහිදානවා. ඒත් නැගිට්ටත් කවුරු වෙනුවෙන්ද. ආයෙ කානු පල්ලෙ කානු ගප්පි අල්ලන්නද. වත්තෙ වතුර බැස්සම මඩේ බැහලා මාලු පැටව් අල්ලන්නද. මහපාරෙ පුස් බයිසිකලෙන් බැහැලා අතපය ලෙලි යවා ගන්නද. ආයෙ කිසි මැණිකෙ කෙනෙක්ගෙ ෆොටෝ එකකට වහන් වෙලා ආදරේ කරන්නද. ආයෙ ලෝකෙට වෙස් මූනු බැදන් බෝරින් ජීවිතේ හිනාවෙවී ගෙවන්න්ද. ආයෙ හැමදාම හවසට ගල් භාගයක් ගහලා බෝඩිමේ නිදාගන්නද. ආයෙ උදේට නැගිටලා දූවිලි කාගෙන වැඩට යන්නද?. දැන් පරක්කු වැඩී මචන්. මගේ මුලු ජීවිතේම මට තිත්ත වෙලා තිබුනා. දුක හිර කරන් අඩන අම්මගෙ කකුල් දෙක අල්ලලා වැදල,
"අම්මෙ මම එහෙනම් යන්නම් කියන්න තිබ්බනම්"
කාපට් කරපු පාරවල් දිගේ ආයෙ පාරක් මෝටර් සයිකල් පදින්න තිබ්බනම්.
"කොටු තාප්පෙ මුල්ලකට වෙලා සික්කො එනවද බල බල එක සිගරට් එකක් බොන්න තිබ්බනම්"
"කට්ට සම්බල් පැකට් එකක් එක්ක රා බෝතලයක් බොන්න තිබ්බානම්"

අතීතය ටික ටික මතකයට එන්න පටන් ගත්තා. වැරදුනු තැන් කොච්චර තිබ්බත් හිනාවෙච්ච තැන් වලට ආයෙ යන්න හිත් දුන්නා. හාමුදුරුවො තුන්නමක් වැඩලා සුදු රෙදි දාපු ස්තෝප්පුවෙ සැටියක් උඩ හිදගෙන හිටියා. පදුරු උඩ නෑදෑයෝ මැටි ජෝග්ගුවකට අත තියල කෝප්පෙකට වතුරවක් කලා. ඒ වතුර ටිකෙන් ටික යටතිබ්බ පිගාන පිරෙව්වා. ටිකෙක් ටික නොතෙත් නෙත් තෙත් වෙන්න පටන් ගත්තා. කලු පාට දිග වැගන් එකක් රිවස් එකේ ඇතුලට දැම්මා...

"පඩත්තල උනාට හිතෙන් හොද එකා"
කවුද කිව්වා.
"ඕකා ඉස්සර මාර චන්ඩියා. ඒත් පස්සෙ ටික ටිකවෙනස් වුනා"
තව එකෙක් කිව්වා.

........................................................

"පින් වතුනි. පැයක් වගේ කාලයක් තුල, අප මහා සම්බුදු රජාණන් වහන්සේගෙ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්න අමාරුයි. ඒක නිසා මත්වතුරේ ආදීනව අද දේශනා කරපු දේ ඔය පිරිමි ඇත්තො හැමදෙනාම ඔලුවෙ තියාගන්න ඕන. ජීවිතේ අනිත්‍යබව  සත්තයි. එත් රත්තරන් වලට වඩා වටින මේ මනුස්ස ජීවිතේ නිරපරාදේ නාස්ති කරගන්න ඕනද.? ...................."

"කෑම උයලා තියෙන්නෙ අයියේ. කාලම ගියානම්.."

නිමි..

Monday, February 29, 2016

එවිට ඔබ ලොවට කියන්න.. ඇය ඔබටත් ඔබ ඇයටත් මහමෙරක් පෙම් කරන බව...

ඔවුන් ඇයට අසීමිතව ප්‍රේම කලහ..
ඇගෙ තරු වන් ඇස් දෙක බොහෝ රචකයන්ට මහ මෙරක් වනු ඇත..
ඇගේ කෝකිල කටහඩ බොහෝ සන්ගීතවේදින්ට නිදානයක් වනු ඇත...
ඇය ලියනා වචන කටු කොල කැබලි පත් තිරප්පු කරනු ඇත...
ඇගේ සිනහව ලෝකයක් සිත් සතන් පිනවනු ඇත...
ඇය මනුස්ස දුවක් නොවේ.. ඇය සුරන්ගනාවියකි...
ඇය ප්ලාස්ටික් මලක් නොවේ.. ඇය සමන් මල් යායකි...
ඇය කවුද??
ඇය ආවේ කොහිබකින්ද??
බොහෝ දෙනා ඔබෙන් අසාවි...
එවිට ඔබ ඔවුන්ට කියන්න ඔබට ඇය කොහිබදී හමු වුනාදැයි අමතක බව..
එවිට ඔවුන්ට කියන්න සංසාර ගමනේ බොහෝ දුර ඔබ ඇය නිසා ආ බව..
එවිට ඔබ කියන්න කල්ප ලක්ෂ  ගානක් ඇය ඔබව අතින් අල්ලාගෙන එක්කන් ආ බව..
ඔවුන් ඔබට අසීමිතව වෛර කරාවි...
ඔවුන් ඔබව නිහඩ කරන්නට මාන බලාවි...

එවිට ඔබ ලොවට කියන්න..
ඇය ඔබටත් ඔබ ඇයටත් මහමෙරක් පෙම් කරන බව...

  සුරන්ගනා ලෝකය...

Sunday, February 28, 2016

හීනයට සෙනෙහසින්

ලන් වෙලා ඉන්න
වෙන් වෙලා යන්න
ආයෙ නොයෙනා ලෙසින්
නෙත් පුරා උන්න
ප්‍රේමයේ හීන
නැතිවෙලා ලෝකයෙන්
සංසාරයේ කොතැන
වැරුදුනිද කොහොම
නොතේරෙයි මට තවත්
සුන්දරයි කියපු
අහින්සක කමම
රිදවනා මේ තරම්...

ඇස් පුරා කියන ඔය ආදරෙන්
හිත් පුරා කුමට බැදුනිද පෙමින්
ලස්සනයි කීව ඔබ ගැන තවත්
රෑ පුරා දකින්නෙම් හීනයෙන්

ඊයෙ අද නුදුටු
අහින්සක රුවට
හිත බැදීලා සෙනින්
අහසෙ දුර ඈත
තාරකා වලට
කුමට බැදුනිද හිතින්..
යෞවනේ හීන
බොලද ඇයි මෙහෙම
මට නොතේරෙන ලෙසින්
හිත් පුරා කීව
පිටු පුරා ලීව
හිමි?? අහිමි?? සෙනෙහසින්

Saturday, February 27, 2016

තාමත් තේරුනු, සිදාදියේ මනුස්සකම

දුක හිතෙන්නැති හුගක්
අද අපේ අම්මාට
තරහ යන්නැති හුගක්
අද අපේ තාත්තට
සතියක්ම කොලොම්පුරේ
දහඩිය හලන් වැඩකරලා
සෙනසුරාදා වරු භාගෙන්
නාවාට ගෙදර මම
ඒත් අම්මෙ ඒත් තාත්තෙ
සමාවෙන්න පුලුවන්නම්
ගෙදර ඇවිත් මුහුනදෙන්න
බැහැ තවත් නුබලාට
සමාවෙන්න පුලුවන්නම්
අතරමං වුනාට මම
පාට පාට අතරෙ සිදාදියේ...
හැන්දෑවට කාලක් ගහලා
ලෝකෙන් දුරස් වෙන්න
ඉඩක් නැහැ කොහින්ද
ගෙට වෙලා ඉන්නකොට
තනිකමක් අහක්වෙන්න
විසක් ඉදුවාට ඉදහිට
අමතක කරන්නෙ නෑ මම
හැමදාම අදින සුරුට්ටුව
සමාවෙන්න පුලුවන්නම්
ඔබේ පැතුම් බොදකෙරුවට
සමාවෙන්න පුලුවන්නම්
ඔබේ සිතුම් බොද කෙරුවට
අවංකවම කියනවනම්
බැහැ නුබලට මුහුණ දෙන්න
ඒත් අවක්කයි තාම
හිතත් බොලදයි තාම
ඒත් තාම තේරුනේ නෑ
සිදාදියේ මනුස්සකම මට..

Thursday, February 25, 2016

ඩෝන් ගාලා ටොකු තුනක් ඇනගෙන

නුබෙයි මගෙයි ප්‍රේමය පිටිපස්සෙ තිබ්බ
ලොජික් එක හොයාගෙන ඉබාගාතෙ ඇවිදිද්දී
මට හෙමින් හෙමින් තේරුන්න පටන්ගත්ත
හුදෙක් බලාපොරොත්තු  ආදරයක් නොවෙන බව
උදේ හවස අම්මට කෝල් කර කර වද දිදී
මොකක්ද වුනේ මොකක්ද වුනේ අහනකොට
උත්තරයක් නැතුවට දුක හිතුනේ ඉතින්
මම මේ ෆීල්ඩ් එකට අලුත් හින්ද වෙන්න ඇති
මගේ කල වයස ආවට මම තාම පොඩි ඇති
පොඩි කාලෙ ඉදලා හින්දි ෆිල්ම් බලලම
ජීවිතයත් ඒ වගේ වෙන්න ඕන කියලා හිතලා
ලස්සනට පැක් කරපු අහින්සක හදවතක්දැයි නොදැන
රූපෙකට වහ වැටුනේ පවකටද පිනකටද
කියලා පැහැදිලි කරගන්න කවුරුවත් හිටියනම්
පලාපොරොත්තු කඩදාසියක ලියලා ගුලිකරල විසිකරනවා
ඩෝන් ඩෝන් ඩෝන් ගාලා ටොකු තුනක් ඇනගෙන
ආයෙමත් මී හරකෙක් වගේ නොහැසිරෙන්නම...


රන් මුදුවක්

රන් මුදුවක් පලදන්න සුරතේ
මාන බලා ඉදිනා
සොදුරු සිහිනයක ප්‍රියාදරයවී
ඔබ මා ලග සිටියා
හද සේ දිලිසෙන ඔබෙ ඔය හිනාව
පින්තූරෙක දුටුවා
දිවියේ මා දුටු සිහින සියල්ලම
ඔබ අද ඇත විදලා

පුන්චි කාලෙ කවදාභෝ විදින්න
පෙම  නුබ වැනි ලදකින්
පැතූ පැතු එක්කැටි වී ඇත අද
විදවමි මග බලමින්
සිනා සිසී ඔන කතා කරන හැටි
දකින්න පියැවි ඇසින්
එන්නම් මා ලද විගස සුපෙම්
ඇරයුම් ඔබගේ නිවැසින්


බොලද සිතින් නොවෙතැයි දේ සිත සිත
තැවුනත් මලක මතින්
සුර ලියකගෙ පෙම් වදන් අසන්නට
මා කර ඇතිදෝ පින්
උදේ සවස හිතසංවර නැත මගෙ
කිමක් වෙයිද සිතමින්
හිත පිලිගන්නෙම නුබව කලින්
සසරෙදි මුන ගැහුනු ලෙසින්


            

Monday, February 22, 2016

පණ්හිද තාම තරුනයි 001

බරාම් බරාම් හඩ නගන බයිසිකල් හඩ පොඩ්ඩක් ඇහැ පියාගන්නට දෙන පාටක් නැත. හයිවේ සීතලත් පැයෙන් කොලබ යාමේ නැති කික් එක නිසා ගාලු පාරේ දුර ගමන් බස් එකක ආ මට වෙනදා නැති තෙහෙට්ටුවක් දැනෙනුයෙන් පොඩ්ඩක් ඇලවෙන්නට සිතා  ගත්තෙමි.

එය මා හා මාගේ මිතුරන් කිහිපදෙනෙක් එකතු වී කුලියට ගත් ඇනෙක්සියකි. සොච්චම් වේතනයක් ලබන මා හට නිදාගන්නට ඇදක් ගෙන ඒමට තරම් උන්න්දුවක් නොවීයෙන් පුරුද්දක් ලෙස මෙට්ටයක් බිම දමා ඒ මත සුව නින්දක් සකසා ගන්නෙමි.

නෙතු පියාගත් කලෙක තෙවනැසට ඇදෙන්නා වූ ඉමක් නැති නවකතා බීජයන් එකිනෙක වෙන් කරගත යුතු ය. ඉතා හොද නවකතාවක් ලියවීමට නම් අග්‍රගණයේ බීජයත් ඒ හා බැදුනු කිසියම් මතකයනුත් තිබීම අනිවාර්‍යය.. එම නිසා මට හුරු පුරුදු බීජ කිහිපයක් තෝරා කතාවක් ලියන්නට සිතා ගතිමි..