ඉබාගාතේ ලියම්

+දවසක් ඔයා දැක්කා හිඟන මනුස්සයෙක්ව.
ඔයා කවද හරි මෙහෙම හිතලා තියෙනවද?  
ඇයි මේ මනුස්සයා හිඟා කන්නේ?
 මෙයාට කවුරුවත් ඉන්නවද?
 මම මෙයාට හොද කෑම එකක් ගෙනත් දෙන්නද?

මතක තියාගන්න එයාගෙ ජීවිත කතාව අස්සෙ වටින පාඩම් ගොඩක් තියෙනවා..


+ඔයාට ඉන්නව නේද හැමතිස්සෙම විහිඵු කරන යාලුවෙක්?
   මමත් දන්නව ඌ ඔයාට මාර වදයක්.ඒත්,
     ඌ ඇයි හැමතිස්සෙම මිනිස්සු හිනස්සන්නේ?
  හැබැයි ඔයා කවදාවත් ඌව තඹේකට විස්වාස කරන්නෙ නෑ.
ඒක ඌ දන්නෙ නෑයි කියලා ඔයා හිතාගෙන හිටියට ඌ ඒක හොදට දන්නවා.
   ඔයාට ලෝකෙන්ම කරදර වුනත් අන්තිමට ඔයා ගාව ඉතුරු වෙන ඌවත් ඔයා දැන්ම අයින් කලාම ඔයා ලෝකෙ අසරණ වෙනවා,ඌ ඔයාලව හිනස්සන්නෙ ඌ හොදට අඩලා දුක්විදපු එකෙක් හින්දා.
ඔයා ඒක දැනගෙන හිටියද?


+දැන් මම කියනදේ අදාල වෙන්නෙ කෙල්ලනේ උඹලට....
ඔයාගෙ ගෙදර වටේ දැන් අවුරුදු දෙකක් තිස්ස එකෙක් බයිසිකලයකින් කරකැවෙනව නේද?
ඔයාට එයාව පුංචි කාලෙ ඉදන් දන්නවා නේද?
ඒත් ඔයා එයාව අදුනන්නෙ නැහැ වගේ රගපානව, ඌ ඔයා දිහා බුදු පිලිමයක් දිහා වගේ පන්තියෙදි බලාගෙන ඉදිද්දි ඔයා ගස්සලා අහක බලාගන්නවා ඔයා දන්නෙ නෑ ඌට ඒක පිහියෙන් අනින්න වගේ.
ඔයා දන්නව එයා කිසිදෙයක් ගැන සීරියස් ගන්න එකෙක්  නෙමෙයි කියලා.ඒක නිසා ඔයා කෙලින්ම එයාව කපලා දානවා,ඒත් සමහර වෙලාවට ඔයා හොරෙන් බලනව ඒ යකා බලාගෙන ඉන්නවද කියලා.ඔතනදී උඹල දෙන්නගේ ඇස් හතර එකට මුලිච්චි වුනාම දෙන්නම තත්පර ගානකල ගල්වෙලා යනවා.
ඌ දන්නවා කෙල්ලෙ ඔයා හොයන්නෙ ෂාරුක් ඛාන් වගේ කොල්ලෙක්ව කියලා. ඌට හිඟාකාල ලෝකෙම ඕයාට ගෙනත් දෙන්න පුලුවන් වුනාට කවදාවත් සුදු වෙන්න බෑ. තව ඔයා කරන වැරැද්දක් තමයි, ලස්සන කොල්ලෙක් දැක්කම අරූ දිහා හොරාට බලන ඔයා ඌට පේන්නම බලනවා හිනාවෙනවා. ඒත් එයා තාම ඔයා දිහා බලාගත්ත ගමන්මයි.
ඔයා කවදාවත් හීනෙකටවත් අර අසරණයව පෙනිල තියෙනවද?

හැබයි එයාට නම් ඹයාව හැමදාම පේනවා.ඔයාගෙ හැම මෝඩ වැඩකටම ඌ ආදරේ කරනව.ඌට පොඩි චාන්ස් එකක් දෙන්න,මාසයක් දෙකක් එයත් එක්ක හොද යාලුවෙක් වෙලා ආශ්‍රය කරන්න.ඔයා හීනෙකින්වත් නොදකින හොද ගතිගුන,ඔයා පීකුදු කියල හිතාගෙන ඉන්න එයාගෙ හදවත රත්තරං වටින්න පුලුවන්.එයාව නැති වුනාට ඔයා කවදාවත් වදවෙන්නෙ නෑ,ඒත් ඌගේ මුලු ජීවිතේම ඔයා නිසා නන්නත්තාර වෙන්න පුලුවන්.

දැන් ඔයා හිතුව නේද ඉතින් ඌ මගේ පස්සෙන් එන එකට මම මොකක් කරන්නද කියලා?
ඔයා දන්නෙ නැත්ද ආදරේදි හැමදේම ඔට්ටුයි කියලා...

මම කියනදේ අහලා එයාට චාන්ස් එකක් දෙන්න.


ඹයාගෙ යාලුවන්වත් මේකට එකතු කරන්න..
මේක හරියනවා.එහෙම නොවුනොත් ලෝකෙ තියෙන ඕනම කුණුහරුපයකින් මට බනින්න.
මම ඔයත් එක්ක තරහ නෑ...

Comments

  1. "ඌ ඔයාලව හිනස්සන්නෙ ඌ හොදට අඩලා දුක්විදපු එකෙක් හින්දා."මේ පේලිය ඇත්තද? මන් අදරෙ කරන කෙනා මේවගේ එත් එය දුක් විදපු කෙනෙක් කියල මන් හිතුවේ නැ මට මන් ගැනම ලජ්ජියි. එත් මන් මගේ පනටත් වැඩ එයට ආදරෙයි

    ReplyDelete
  2. මම අනිත් අය ගැන දන්නේ නෑ rain drops:
    ඒත් මමනම් පුලුවන් තරම් අනිත් අයව හිනස්සන්න බලන්නේ .. මම හොදටම අඩපු එකෙක් හින්දා....සමහර විට යසියා වගෙ අය තව ඉන්න පුලුවන්....

    ReplyDelete
  3. yes ‍‍යසියා.මෙහෙත් එහෙමයි.හැබැයි හැමෝම නේවෙයි.

    ReplyDelete
  4. @ dulan: හැමෝම ගැන කතා කරන බෑ නේද? ලෝකෙ විවිදාකාරයි.. මිනිස්සු ගෝලාකාරයි...(වැරදුනාද මන්ද?)

    ReplyDelete
  5. ඔව් යසියා, අනිත් එවුන්ව හිනස්සන්නේ හොඳටම අඬපු උන්... මම මෙච්චර වෙලා උඹේ බ්ලොග් එක කියෙව්වා විතරයි, Follow කරන්න සිහියක් තිබුනේ නෑ... දැන් නම් මොහොකටත් කලින් Follow කරලා ඉන්නවා...
    මුළු ලෝකෙම ගෙනත් දුන්නත් සුදු වෙන්න බෑ... ඇත්ත බං...

    දේව්දාස්...

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02