Posts

චිරංසීන්-02 මෙතක් ආ මඟ

Image
අවකාශය නම් අප්‍රමාණය. කෙලෙවරක් සොයා ගිය නොහැක. මන්දාකිණි ක්ෂීරපථ සෞරග්‍රහ මණ්ඩල ග්‍රහවස්තු අනේකවිධ අප්‍රමාණ සංඛ්‍යාවකින් සැදි අවකාශය තුල වර්ථමාන මිනිසා යනු ඉතා කුඩා සරල සත්වයෙක් පමණකි. සියලු යථාර්ථයන්ගේ උපත කවදා කෙදිනක සිදු වූවේදැයි එකෙහෙනින්ම විස්තර කල නොහැක. එම නිසා අපට වැදගත්වූ මිලියනාදික වර්ෂ ප්‍රමාණයක වූ වර්ථමානයේ පෘථිවිය නම් අංශු මාත්‍ර වපසරියක් තුල මිනිසා කෙසේ ඇති වී ද?  ජීවය උපත ලබන්නේ ඇසට නොපෙනෙනා තැනක ය. ඒ ද්‍රවමය පරිසරයක වුවද එකී ද්‍රවාරූපය සෑදෙන්නේද අප්‍රමාණ අහබු සිදුවීම් වල ප්‍රථිඵලයක් ලෙසට ය. ඉන් මත්තට වසර දස දහස් මිලියන ගනණාවකට පසුව පිහිනනා සංකීර්ණ මත්ස්‍යාකාර සත්ව රූපයක් ඇහැබිව හටගන්නා අතර පාද මෙන් යමක් ඇති එක්තරා සත්වයෙක් ජලයෙන් ඔබ්බෙන් වූ ලෝකය සොයා දුවයෙන් වාතයට හිස ඔසවා තබන්නේ ය. සබුද්ධියේ පලමු සත්වයා වන්නේ එයයි. එකී ගමන අහබූන් කිහිපයක එකතුවකි. පලමුව ජලයෙන් හිස ඔසවා ගොඩට එන ජීවියාය විශේෂ තැනක් ලැබුනද එදා මෙදාතුර වසර මිලියන ගනණාවක කාලය තුලදී එකී මඟම ආ සත්වයන් බොහෝ ය. එම සත්වයාට ප්‍රථමවද එම සත්වයාය පසුවද අනේකවිද එවන් සබුද්ධික ජීවීන් අප්‍රමාණ අසංඛ්‍ය ප්‍රමාණයක් ජල...

චිරංසීන් - 01 හැදින්වීම

Image
සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලු වෙති. නමුත් නැසීම නම් නොනසිනා යතාර්ථයකි. වැලලූ මල සිරුරකට යටින් වලලා ඇති මල සිරුරු බොහෝ ය. සතුන් විසින් පානය කරන්නා වූ සියලු ජල කෝප්පයකම කිසියම් සිරුරක පෙර ගලා ගිය පරමාණු ඇත. ආහාරයට ගන්නා සෑම කටකම මල පහක වූ ප්‍රභවයන් සංයුක්තව ඇත. ලොව සියලු ප්‍රභවගන් තුල වර්ශ මිලියන ගණනක මතකය සංක්ෂිප්තව පවතී. නමුත් එය කියවීමට තරම් මිනිසා විසින් දියුණු කරනා ලද තාක්ෂණය තවමත් දියුණුවට විත් නොමැත. මිනිසාද ඉතා ඉක්මනින් අතීතයට එක්වන්නේ ය. කිසිදා වැරදී නැති පාරිශුද්ධ පරිකල්පනීය ප්‍රමූලානුරූපකව නම් මිනිසා නම් සත්ව විශේෂය පවතින්නා වූ කාලය තවත් වසර තුන් දහසක් තරම් සාපේක්ෂව අවම කාලයකි. නමුත් මීට වසර දහසක පසුව දිනය නම් මිනිසා විසින්ම ආරූඩ කරගන්නා ලද මිම්මේ ප්‍රමාණය හීනවනු ඇත. දහවල දිගුව පෙනෙනු ඇත. රාත්‍රිය දිගුව පෙනෙනු ඇත. උතුර දකුණට වන්නේ ය. මෙම ශතවර්ශය තුලදී මිනිසා විසින් උත්ප්‍රේරණය කරගන්නා ලද සියලු ඒකකයන් සාවද්‍ය වන අතර ඇත්තටම සිදුවන්නේ කුමක්දැයි නොපෙනී යනු ඇත. මිනිසා ශාරීරික වශයෙන් පරිනාමය වී අවසානය. නමුත් මීට වසර පන්දහසකට පමණ පෙර පලමු නව ලෝකයේ මිනිස් විශේෂයේ නිර්මාණය සිදුවී ය...

සුලඟ ඉතින් කොහොමද ?

Image
දවසක් ඉර පායද්දි මං මහ මුහුද දිහා  බලාගෙන  හිටියා. ඒකට මගේ ඇස් දෙක බැදුනා. පිස්සො වගේ වාහනවල බයිසිකල් වල කොහේදෝ දුවන, බස්වල කෝච්චිවල දොරේ එල්ලුනු ගැහැණිනුන්ගෙ පිරිමින්ගෙ මුහුණුවල ඒ උදේක තිබිය යුතු ප්‍රබෝධමත්කම නම් පෙනෙන්න තිබුනේ නැහැ. ඒ හැම වතකම මොකක්දෝ හිස් බවක් තිබුනා. ඒ හැම හිතකම මොකක්දෝ අඩුවක් තිබුනා. ඒ හිඩැස වහගන්නට උන් මොකක්දෝ දෙයක් පස්සෙ දුවනවා දැක්කා. ඒ දුවන්නේ කුමක් පස්සෙද කියලා නිච්චියක් කිසිම කෙනෙක් ලග තියෙන වගක් නම් දැනුනේ නෑ. සමහර විට සමකාසන්න රටක පායන සියුම් ඉර තව හෝරා කිහිපයකින් සාතන්ව ආරූඩ කරගන්න බව උන් දන්න නිසා වෙන්න ඇති. මම ආයෙ හවසට ඇවිත් ක්ෂිතිජය දිහා බලාගෙන හිටියා. වැල්ලවත්තෙ දෙමල්ලුන්ට දෙහිවල මුස්ලිම් උන්ට ඇයි මෙච්චර ලස්සනට ඉර බහින්නෙ කියලා මම කල්පනා කලා. සමහරවිට සිංහල මටත් ඉර පායන්නෙ මේ විදියටම වෙන්න ඇති කියලා කවුද ඇහෙන්න නෑහෙන්න කෑගහනවා දැනුනා. ඔව්. ඔව්. මම කවමදාකවත් මගේ සිංහල ගමේ උදේ හවස අහස දිහා බලාගෙන ඉදලා නෑ. සමහරවිට මගේ ඉරත් මේ වගේම ලස්සන වෙන්නැති. අපිට එක එක භේද ජාති තිබුනාට ස්වභාව ධර්මයාට අපිව එකම විදියට පෙනෙනවා ඇති. අර පුංචි කාලෙ අපේ හිතට...

යමින් ගමන් සටහන්

Image
අපි පණට වඩා ආදරේ කරන අය හිටියත්, අපිට පණට වඩා ආදරේ කරන අය හිටියත්, ජීවිතේ මේ අවුරුදු විසි අට ඇතුලෙ කාටවත් නොකිව්ව, කොහේවත් නොලිව්ව දේවල් නම් හිත අස්සෙ ඕන තරම්. යනපාරට ගල් ගහපු එවුන්, ඉනිමගට පයින් ගහපු එවුන්, ඒවගේම ආදරේ වැඩිකම නිසා හීන වලට කෙලවපු එවුන්, ඕන තරම්. ජීවිතේ ජයග්‍රහණයන් වගේම පරාජයනුත් ඕනෑතරම්. ඉස්කෝලෙ යනකාලෙ ජීවිතේ දැක්ක විදියට නම් නෙමෙයි අද ජීවිතේ දකින්නෙ. නමුත් එදා සිට අද දක්වා ශේෂ වෙලා නොගිය ඒ එදා අහිංසක මනුස්සයගෙ ගතිගුණ තාමත් මේ හිතක් පපුවක් නැති, හැගීම් දැනීම් නැති නරුමයෙක්ගෙ හිත ඇතුලෙ තියෙනවා. ව්‍යාධියෙන් බැහැර වුනත් තාම ඩින්ග ඩින්ග ඒ ගති තියෙනවා. සමහර මිනිස්සු ජීවිතේ සල්ලි බලාපොරොත්තු වෙනකොට, කොට් එකෙන් මීනී වලට යන කාල පරිච්ඡේදය ඇතුලේ සමහර මිනිස්සු යාන වාහන සැපසම්පත් එකතු කරනවා, තවත් සමහරු  මිනිස්සු එකතු කරනවා. මට එදා අහිංසක ඉස්කෝලෙ කාලෙ අවශ්‍ය වුනෙත් අද මේ නරුම කාලෙ අවශ්‍ය වෙන්නෙත් මිනිස්සුන්ගෙ රෙස්පෙක්ට් එක. යාන වාහන සැපසම්පත් අස්සෙ අම්මා තාත්තා මාව කුමාරයෙක් වගේ උස් මහත් කලේ එයාලට වඩා සල්ලි භාගෙ තියෙන සිටුවරයෙක් වුනාට, මට ඇත්තටම ඕනෑ වුනේ නයිට්වරයෙක් වෙන්න...

වජිරපානි 07

Image
වජිරපානි 07 "ඩබ් ඩබ් ඩබ් ඩබ් ඩබ් ඩබ්" එයාගෙ ටිකක් මහත ඉගැටිය වටේ අත් දෙක යවලා පපුවේ උණුහුමට තුරුලු වෙද්දි,  ලෝක ධර්මයෙක් ඉන්නවා කියලා චුට්ටකටවත් මතක් වුනේ නෑ. වැලි පාර්ක් එකේ කණ්ඩියක වාඩිවෙලා අපි ඒ තනිවෙච්ච ලෝකෙම හිටියෙ එයත් මමත් අපි දෙන්න අතරෙ තිබ්බ මොකක්දෝ බැදීමත් විතරයි. ආදරෙන් දෙතුන් පාරක් කෙලමෝලට කෙලවගත්ත ජීවිතේ ආදරේ කියන එක ගැන තිබුනෙ හුගක් අපැහැදිලි නිර්වචනයක්.  මම ඒ දුබුරුපාට ඇස් බෝල වලට ආසා කලා, ඒ ටින්ටඩ් කෙස් කලබේ සුවදට ආසා කලා, ඒ පුංචි අත් වලින් මගේ තඩි අතම තදකරලා අල්ලගෙන පපුව අස්සෙ තුරුලු කරගනිද්දි මට මොකක්දෝ එකක් වුනා. මිනිස්සු හැට හුටහමාරක් අපේ ලෝකෙ තනිවෙලා ඉන්න ඔයයි මමයි දිහා බලාගෙන ඉන්න ඇති. ඒ තොල් වල පහස ලබද්දි මිනිස්සු කට ඇරගෙන බලාගෙන යන්න ඇති. උන් අපි දෙන්නට හුගක් බනින්න ඇති.  "අනේ අපිට හැමදාම මෙහෙම ඉන්න තියෙනවා නම් සදුන්" වජිරපානි කිව්වේ පොකුණ මැද තිබ්බ වතුර මල දිහාම බලාගෙන. "රෑට ඉන්න දෙන්නෙ නැති වේවි මම හිතන්නෙ" මම ප්‍රශ්නෙන් පැනලා යන්න පුංචි විහිලුවක් කලා.  "අනේ.. ඔයා නම් මහ නපුරෙක්" අත් ද...

වජිරපානි 06

Image
වජිරපානි 06 ජීවිතේ හැමදේම හීන වුනාට ආදරේ කියන දේ සිහිනයක් නෙවෙයි. ප්‍රේමය හැමදාම ප්‍රත්‍යක්ෂයි. කෙල්ලෙක් හා කොල්ලෙක් අතර බැදීමක් වේදනාවකින් නිමාවෙන්නෙ යම් හෙයකින්ද අපි තේරුම්ගන්න ඕන අනන්තයේදී එකතුවෙන ලැදියාවක් කිසිදාක සංසාරේ පතාගෙන ආපු ආදරයක් නොවෙන විත්තිය. පායන හදට තරු මොකටද කවි ලියන්නෙ. නුබට මම ඉන්නකොට හැන්දෑවට මොකටද සදක්? පැය දහයක එකොලහක ට්‍රැෆිල් ඩියුටියෙන් පස්සෙ වොශ් එකල් දාන් බැරැක්කෙට වැව ිත් පොඩ්ඩක් ඇලවුනා. ************************** ***************** "හෙලෝ වජිරපානි. ඔයා ෆ්‍රී ද?" "මේ රෑ නවයට යුනිෆෝම් කාරයො ඇරෙන්න මුලු ලෝකෙම ෆ්‍රී සදුන්. කියන්න. අද කී දෙනෙක් ලිව්වද?" "ඔයා ඉතින් දන්නවනේ ඕඅයිසී ගෙන් බැනුම් අහගෙන හරි මමයි අපේ ට්‍රැෆික් බ්‍රාන්ච් එකෙ අඩුවෙන්ම දඩකොල ලියන්නෙ කියලා. ඉතින් ඔයාට මොනවද අද අලුතින් ආව ප්‍රොජෙක්ට්ස්" "අලුතින් නම් මුකුත් ආවෙ නෑ සදුන් ඒත් පරන කරපු ටෙන්ඩර් එකකට ඩිස්කවුන්ට් එකක් ඉල්ලල තිබ්බ. ඒක දැම්ම. ගොඩක් වෙලාවට එවි මගෙ හිතේ. මේ අද මම ලස්සන ෆිල්ම් එකක් බැලුවා" "ආශිකී ටූ" "අර ආදරේට වඩා බෝතලේ උනුහුමට ආස...

වජිරපානි 05

Image
වජිරපානි 05 "හෙල්ලෝ. සදුන්" "යෙස් ඩියර්. අදත් ඔෆිස් ද?" "නෑ මම ආච්චි අම්මලගෙ ගෙදර ආවා. ඉරිදා හින්දා කසින්ස්ලටත් නිවාඩු නේ. ඒ හින්දා ෆෝර්ට් පැත්තට ආවා" "හෝ හෝ ගාන මුහුදු රැල්ල වේගෙන් ඇවුත් දඩස් ගාලා කොටු තාප්පෙ වදිනවා. තීව්‍රතාවය අඩු වැඩි වුනාට උදේ රෑ නොබලා මේ නද දෙන්නේ , නිසසල ගල් සිමෙන්ති මහා ලුණුවතුරයි එක්ක තියෙන ආදරේ කතන්දරේද?" "සෝ කියුට්.ඒයි පිස්සා. මොකෝ නිවාඩුවත් ආවාද?" "හ්ම්. ඔයා කොහෙද ඉන්නෙ. මම එන්නම්. මමත් ෆෝර්ට් ඉන්නෙ." "ඕකේ. මිඩ්ල් ස්ට්‍රීට් එකේ අර කොෆී ශොප් එක පැත්තට එන්න." ************************** ****************** කරිජ්ජ හුලග කොටු තාප්පෙ උඩින් පැනලා ඔහේ කඩා දාපු රිලැක්ස් කරපු කොන්ඩෙ හොයාගෙන එන්න ඇත්තෙ සෙල්ලන් කරන්න හිතාගෙන වෙන්න ඇති. ඒක නිසාද එයත් කොන්ඩෙට ඕන දෙයක් කරගන්න කියලා මං එන කැට අල්ලපු මාවත දිහා බලාගෙන ඉන්නෙ. ඔෆිස් කිට් එකට වඩා අමුතු ලස්සනක් දනිසට අගල් දෙකක් උඩට වැටුනු අත් නැති සුදු පාට මල් අල්ලපු දම්පාට ගවුමෙන් මේ තලෙලු කෙල්ලට ගෙනත් දුන්නා. නිල් ඇස් වහපු දුබුරු පාට පොල් අඩි අව් කන්නාඩි හ...

වජිරපානි 04

Image
වජිරපානි 04 වාහන තදබදය කෙමෙන් අඩුවෙත්ම මංසන්ධිය රථවාහන රාලහාමි කෙනෙකුට බාරදී මා බස්නැවතුම යටට වී මුදල් පසුම්බියෙන් ඈ විසින් මා අත රදවන ලද කාඩ් පත දෑස් ඉදිරියට ගතිමි. සිතාරා අතුකෝරල නම එදා මා හදවත ගැහෙන්නා ව තිබූ වකවානුව නැවත මා මතකයට නගන්නට සමත්ව තිබීය. එයට යටින් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු යන පදය සටහන්ව තිබින. තත්පරයකට ආලෝක වර්ෂ ගණනාවක වේගයෙන් ඊ හිසක ස්පර්ශය දනවන්නෙ යම් වේදනාවක්ද ඒ හා සමාන වේදනාවක ින් මා හර්දය වස්තුව රිදුම් දෙන්නට වීය. දහඩියෙන් පෙගි කාකි ලෝගුව කදුලින් තෙත් වීමට නොදී මා විගස දෙනෙත් පිසදා ගත්තෙමි. මා ඈ හට ඇමතුමක් ලබාදිය යුතුද? පාදයේ ලපටි ඇගිල්ලෙන් පටන්ගෙන හිස කේ අග දක්වා මා ශරීරකූඩුවේ සියලු සෛලයක්ම පවසන්නේ එවැන්නක් වීය. "හෙලෝ. සිතාරා" ""යෙස්. හූ ඉස් දිස්." "කුඩ්න්ට් යූ ඊවන් රෙකොග්නයිස් මී" "විල් යූ ප්ලීස් සෙයි යුඅර් නේම්" "අයි ඈම් ද වන් හූ යූ ගේව් යුඅර් නම්බර් ටොඩේ" "ඔහ් මයි ගෝඩ්. සදුන් ඉස් දිස් රියලි යූ" "යෙහ්. ඉට්ස් මී සිතාර" "ඉට්ස් සෝ ගුඩ් ටු හියර් යුඅර් වොයිස් මේට්.තොඋට් අයි වුඩ් නෙවර් හිය...

වජිරපානි 03

Image
වජිරපානි 03  අමයුරට වසනා කුහුබවන් මෙන් පාර වාහන වලින් පිරී ගොසිනි. ආයුර්වේද මංසන්දියෙන් කෙනෙක් කෙලින් යන අතර තවකෙකු වමට හරවා ගමන් කරයි. රතු කහ කොල බුබුලු මෙවන් තදබදයකට කෙතරම් යෝගීදැයි දන්නා නිසාවෙන් රථවාහන කොස්තාපල් වරයෙක් මග මැද සිට දෙඅත් විහිදුවමින් දහඩියෙන් හෙම්බත්ව උත්සාහයක් දරන්නේ රියෙන් යන්නන්ට මොහිතකට හෝ කලෙයින් ගෙදර යෑමට ය. කන්තෝරු හැරී ඇති නිසා කඩුවෙල දෙසට පටන්ගත් රිය පෝලිම රෑ අට නව ය වෙනතුරු නිමක් දකින්නේ නැත. රියදුරන් දඩබ්බරය. කහ ඉර මැද මා නොමැති නම් පදිකයන්ට පාරෙන් පැනගන්නට අවැසක් ලැබෙන්නේ නැත. උදේ හවා දහසක් මිනිසුන් ගැහැණුන් මා පසුකර එහෙන් මෙහෙටත් මෙහෙන් එහෙටත් පාර මාරුවන්නේය. ඉන් කොපමනකට මේ දහඩිය පෙරුනු මුහුනතට දහඩියෙන් පෙගුනු කාකි ඇදුමෙන් ගෙනෙනා ගාම්බීරත්වය මතකද?. එහා මෙහා යන ලදුන් අතරින් හැමවිටම හමන්නේ විවිධ මල් වල සුගන්ධයන්‍ ය. විටක සුවදකට මා ආසා කරන අතර තවත් සුවදක් මගේ නා පිඩු පිනවන්නේ නැත. හදුනනා මුහුණතක් ඇස ගැටුනහොත් මා කතා නොකර සිටින්නේ නැත. මේ කාර්‍යබහුල කොලඹ නගරය තුල ගමෙන් කොලබ ආ හදුනනා මුහුනු අල්ප නැත. "එක්ස්කියුස් මී සදුන්. ඉස් දැට් රියලි යූ?" ක...

වජිරපානි 02

Image
වජිරපානි 02 හීන ඇහැගැහුනම නින්දටම ආස හිතෙනවා. ඇස් පියාගන්න හැම තප්පරේම පේන්නෙ ඒ රූප පෙලම. ආදරේ හීන තිතෙන් තිත පාට කරපු ඒ අපුරු රූපයම ජීවිතේට කොච්චරක් නම් දුක් දෙන්න ඇත්ද? සංසාර ගමනේ මතු භවයක සක්වලෙන් එහා පොඩි දොල පාරක් අයිනේ පැලක් අටවගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත්වෙමු නේද සදුන් කියලා අහිංසක විදියට හිනාවෙච්ච ඒ හිනාව අද කොච්චර ලස්සන ඇත්ද? අවුරුදු දෙකත් කල්ප කාන්තරයක් වගේ දැනෙන්නෙ පැය කට්ට අප ි තනිවෙච්ච වෙලාවට වේගෙන් කැරකෙන හින්දද කොහෙද?, ඉර බැහැගෙන යන පැයට දියවන්නාවේ බන්කුවක් උඩට වෙලා අත් අස්සෙ අත් හන්ගගත්තු ජෝඩු දිහා මම හැමදාම බලාගෙන ඉන්නෙ පුදුමාකාර ආදරයකින්. දෙයියනේ මටත් මේ වගේ සවස් ඕනෑ තරම් තිබුනා නේද කියලා හිතෙනකොට පවනැල්ල ඉබේම පොඩ්ඩක් හීතල වෙලා සියොලග ඇගේ උණුහුම හොයන්න ගන්නවා. මම ආයෙ එන්නෙ නෑ කියලා ගියනම් සමහරක් විට මේ තරම් මගබලාගෙන නොඑන්න තිබ්බා. ඒත් මොනවා කරන්නද ජීවිතේ හැටිද ආදරේ හැටිද කියලා හිතාගන්න බැරුව මම පුංචි ගල් කැටයක් අරන් දියවන්නාවට විසික් කලා. "අනේ පව් සදුන්. දියවන්නාවට රිදුනද මන්දා?" ලගක උන්නා නම් වජිරපානි කියලා හිනාවෙනවා සත්තයි. ගව් ගානක් දුරින් උන්නට හිත ...

"වජිරපානි 01"

Image
"වජිරපානි 01" වැහැල පෑව්වාම හරි රස්නෙයි. දාඩිය දාන්න ගන්නවා. ඒ දාබිදු තුරුලු කරගත්ත මගේ කලු මූණ කොලඹ නගරෙ හතර අතේ දිව්වේ සැප වාහන දිහා බලන්න. ඒ සැප වාහන වල ඒසී එකේ ටයි කෝට් දාගෙන යන පින් ඇති තරුණ ගැටවුන්ට ඉරිසියා කරන්න. ඒ ඉරිසියාව ඇතුලෙන් අහිමි වෙච්ච සුර ලෝකෙ දෝමනස්සය මකා ගන්න. මනුස්සයෙක්ට කොච්චරක් කියලා නම් මානසිකව වැටෙන්න පුලුවන්ද? ටොන් ගනණක දොබකරයකින් වැටුන අලියෙක් ඉස්සුවත් මානසිකව වැටුණු මනුස්සයෙක්ව උස්සන්න පුලුවන් සතුටකින් විතරයි. ඒ සතුට කියන්නෙ මොකක්ද? ඇත්තටම හිතෙනවා වෙ ලාවකට හිනාවෙන්න අමතක වෙච්ච හර්දයවස්තුවෙ මෙලෙක මගහැරිච්ච මනුස්සයෙක් කොහොම කියලා සන්තෝස වෙන්නද කියලා. ටයර් එක චැසියෙ ගෑවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන සෙනග පිරුණු බස් එකක තනිකමක් දැනෙන මනුස්සයෙක්, කාමරේ අදුරු මුල්ලක වෙලා ජීවිතේ පෙරලිච්ච පිටුවක් පිටුවක්ගානෙ ලියැවිච්ච දේවල් අනේ වෙනස් විදියකට ලියැවුනා නම් කියලා හූල්ලන මනුස්සයෙක් මීවිත පිරුණු හෙට දවසක සුබ සිහින දකින්නෙ කොහොමද? පන්හිදෙන් ලියැවිච්ච පෙම් වදන් හෝ ගාලා යාලුවො අතරෙ මාකට් වෙච්ච ඉස්කෝල කාලෙ, බස් ස්ටෑන්ඩ් එකේ බිත්ති කොටේක වාඩිවෙලා යාලුවො පිරිවරාගෙන...

ෆැන්ටසි ලෝකෙක ආදරණීය වෘතාන්තය - "වජිරපානි"

Image
මේක මීට ටික කලකට කලින් මගේ අතින් ලියැවෙන්න පටන්ගත්ත කථාවක්, ජීවිතේ අනෙක් හීනවගේ මේ හීනෙත් අතර මැද්දෙ මිලිනවෙලා යන්න දෙන්නෙ මොකටද කියලා හිතිලම ආයෙ මේකෙ අකුරු අස්සෙ ආදරේ හංගලා ගෙත්තම් කරන්න හිතුනා.. ෆැන්ටසි ලෝකෙක ආදරණීය වෘතාන්තය - "වජිරපානි"

සමුගනිමි. මීට රෝමියෝ

Image
"ජීවිතේ දිනුම් කනුව අඩි දෙකක් ඉස්සරහින් තියෙද්දි... මම ආපසු හැරුන, කකුල් දෙකේ කොච්චර හයියක් තිබ්බත්, හිත හයියක් දුන්නෙ නෑ, බ්‍රේක් එක ගහන්න ඇක්ස්ලේටරෙන් අඩිය ඉස්සුනෙ නෑ, හෑන්ඩ් බ්‍රේක් එක බර වැඩියි වගේ දැනුනා, ඒක උස්සගන්න බැරි වුනා, ඉස්සරහින් ආපු කන්ටේනරේ ලයිට් ගහ ගහ හෝන් ගහද්දි, මම අන්ද වුනා, මම බීරි වුනා. ඉස්සර මගේ හිත වගේ කාර් එකේ කෑලි කීයක්ද මන්දා , හතර කොනේ විසික් වෙලා තිබ්බා, හතර වටේ මිනිස්සු අතින් කට වහගෙන සුස්ම් හෙලනව මම දැක්කා. කාකි කෝට් කාරයෝ වගයක් කහ පටි අදිනවා දැක්කා, ට්‍රොලියක් ශේප් එකේ මාවත් අරන් මාරු වුනා. මට මහන්සියි මචන්. මම ඇස් දෙක පියාගත්තා. කිලෝ අසූවක ශරීරෙ බර මට නොදැනී යන්න පටන් ගත්තා. මට පුදුම ඉස්පාසුවක් දැනුනා" " අවුල් වෙච්ච කොන්ඩෙ, නොමැදපු සුදු ටී ශර්ට් එක, මේකප් නොදාපු පොඩි පොඩි දුබුරු ස්පොට් වැටුන සුදු මූන, කවදාවක් නැති තරමට මලානික වෙලා තිබුනා. කලු කෝට් එක අස්සෙන් ඔලුව  දාලා සුදු ශර්ට් එකට උඩින් අමාරුවෙන් කලු ටයි එක උබ දිහා බලන් හිනාවෙන්න හෙන ගේමක් දුන්නා. අපෙ අම්මගෙ උරේට ඔලුව තියාගෙන අඩන කදුලු පුරෝගෙන කදුලු පුරව ගත්ත වැහුනු ඇස් දෙකට ඒක පෙනුන...

එවිට ඔබ ලොවට කියන්න.. ඇය ඔබටත් ඔබ ඇයටත් මහමෙරක් පෙම් කරන බව...

Image
ඔවුන් ඇයට අසීමිතව ප්‍රේම කලහ.. ඇගෙ තරු වන් ඇස් දෙක බොහෝ රචකයන්ට මහ මෙරක් වනු ඇත.. ඇගේ කෝකිල කටහඩ බොහෝ සන්ගීතවේදින්ට නිදානයක් වනු ඇත... ඇය ලියනා වචන කටු කොල කැබලි පත් තිරප්පු කරනු ඇත... ඇගේ සිනහව ලෝකයක් සිත් සතන් පිනවනු ඇත... ඇය මනුස්ස දුවක් නොවේ.. ඇය සුරන්ගනාවියකි... ඇය ප්ලාස්ටික් මලක් නොවේ.. ඇය සමන් මල් යායකි... ඇය කවුද?? ඇය ආවේ කොහිබකින්ද?? බොහෝ දෙනා ඔබෙන් අසාවි... එවිට ඔබ ඔවුන්ට කියන්න ඔබට ඇය කොහිබදී හමු වුනාදැයි අමතක බව.. එවිට ඔවුන්ට කියන්න සංසාර ගමනේ බොහෝ දුර ඔබ ඇය නිසා ආ බව.. එවිට ඔබ කියන්න කල්ප ලක්ෂ  ගානක් ඇය ඔබව අතින් අල්ලාගෙන එක්කන් ආ බව.. ඔවුන් ඔබට අසීමිතව වෛර කරාවි... ඔවුන් ඔබව නිහඩ කරන්නට මාන බලාවි... එවිට ඔබ ලොවට කියන්න.. ඇය ඔබටත් ඔබ ඇයටත් මහමෙරක් පෙම් කරන බව...   සුරන්ගනා ලෝකය...

හීනයට සෙනෙහසින්

Image
ලන් වෙලා ඉන්න වෙන් වෙලා යන්න ආයෙ නොයෙනා ලෙසින් නෙත් පුරා උන්න ප්‍රේමයේ හීන නැතිවෙලා ලෝකයෙන් සංසාරයේ කොතැන වැරුදුනිද කොහොම නොතේරෙයි මට තවත් සුන්දරයි කියපු අහින්සක කමම රිදවනා මේ තරම්... ඇස් පුරා කියන ඔය ආදරෙන් හිත් පුරා කුමට බැදුනිද පෙමින් ලස්සනයි කීව ඔබ ගැන තවත් රෑ පුරා දකින්නෙම් හීනයෙන් ඊයෙ අද නුදුටු අහින්සක රුවට හිත බැදීලා සෙනින් අහසෙ දුර ඈත තාරකා වලට කුමට බැදුනිද හිතින්.. යෞවනේ හීන බොලද ඇයි මෙහෙම මට නොතේරෙන ලෙසින් හිත් පුරා කීව පිටු පුරා ලීව හිමි?? අහිමි?? සෙනෙහසින්

තාමත් තේරුනු, සිදාදියේ මනුස්සකම

Image
දුක හිතෙන්නැති හුගක් අද අපේ අම්මාට තරහ යන්නැති හුගක් අද අපේ තාත්තට සතියක්ම කොලොම්පුරේ දහඩිය හලන් වැඩකරලා සෙනසුරාදා වරු භාගෙන් නාවාට ගෙදර මම ඒත් අම්මෙ ඒත් තාත්තෙ සමාවෙන්න පුලුවන්නම් ගෙදර ඇවිත් මුහුනදෙන්න බැහැ තවත් නුබලාට සමාවෙන්න පුලුවන්නම් අතරමං වුනාට මම පාට පාට අතරෙ සිදාදියේ... හැන්දෑවට කාලක් ගහලා ලෝකෙන් දුරස් වෙන්න ඉඩක් නැහැ කොහින්ද ගෙට වෙලා ඉන්නකොට තනිකමක් අහක්වෙන්න විසක් ඉදුවාට ඉදහිට අමතක කරන්නෙ නෑ මම හැමදාම අදින සුරුට්ටුව සමාවෙන්න පුලුවන්නම් ඔබේ පැතුම් බොදකෙරුවට සමාවෙන්න පුලුවන්නම් ඔබේ සිතුම් බොද කෙරුවට අවංකවම කියනවනම් බැහැ නුබලට මුහුණ දෙන්න ඒත් අවක්කයි තාම හිතත් බොලදයි තාම ඒත් තාම තේරුනේ නෑ සිදාදියේ මනුස්සකම මට..

ඩෝන් ගාලා ටොකු තුනක් ඇනගෙන

Image
නුබෙයි මගෙයි ප්‍රේමය පිටිපස්සෙ තිබ්බ ලොජික් එක හොයාගෙන ඉබාගාතෙ ඇවිදිද්දී මට හෙමින් හෙමින් තේරුන්න පටන්ගත්ත හුදෙක් බලාපොරොත්තු  ආදරයක් නොවෙන බව උදේ හවස අම්මට කෝල් කර කර වද දිදී මොකක්ද වුනේ මොකක්ද වුනේ අහනකොට උත්තරයක් නැතුවට දුක හිතුනේ ඉතින් මම මේ ෆීල්ඩ් එකට අලුත් හින්ද වෙන්න ඇති මගේ කල වයස ආවට මම තාම පොඩි ඇති පොඩි කාලෙ ඉදලා හින්දි ෆිල්ම් බලලම ජීවිතයත් ඒ වගේ වෙන්න ඕන කියලා හිතලා ලස්සනට පැක් කරපු අහින්සක හදවතක්දැයි නොදැන රූපෙකට වහ වැටුනේ පවකටද පිනකටද කියලා පැහැදිලි කරගන්න කවුරුවත් හිටියනම් පලාපොරොත්තු කඩදාසියක ලියලා ගුලිකරල විසිකරනවා ඩෝන් ඩෝන් ඩෝන් ගාලා ටොකු තුනක් ඇනගෙන ආයෙමත් මී හරකෙක් වගේ නොහැසිරෙන්නම...

රන් මුදුවක්

Image
රන් මුදුවක් පලදන්න සුරතේ මාන බලා ඉදිනා සොදුරු සිහිනයක ප්‍රියාදරයවී ඔබ මා ලග සිටියා හද සේ දිලිසෙන ඔබෙ ඔය හිනාව පින්තූරෙක දුටුවා දිවියේ මා දුටු සිහින සියල්ලම ඔබ අද ඇත විදලා පුන්චි කාලෙ කවදාභෝ විදින්න පෙම  නුබ වැනි ලදකින් පැතූ පැතු එක්කැටි වී ඇත අද විදවමි මග බලමින් සිනා සිසී ඔන කතා කරන හැටි දකින්න පියැවි ඇසින් එන්නම් මා ලද විගස සුපෙම් ඇරයුම් ඔබගේ නිවැසින් බොලද සිතින් නොවෙතැයි දේ සිත සිත තැවුනත් මලක මතින් සුර ලියකගෙ පෙම් වදන් අසන්නට මා කර ඇතිදෝ පින් උදේ සවස හිතසංවර නැත මගෙ කිමක් වෙයිද සිතමින් හිත පිලිගන්නෙම නුබව කලින් සසරෙදි මුන ගැහුනු ලෙසින්             

පණ්හිද තාම තරුනයි 001

බරාම් බරාම් හඩ නගන බයිසිකල් හඩ පොඩ්ඩක් ඇහැ පියාගන්නට දෙන පාටක් නැත. හයිවේ සීතලත් පැයෙන් කොලබ යාමේ නැති කික් එක නිසා ගාලු පාරේ දුර ගමන් බස් එකක ආ මට වෙනදා නැති තෙහෙට්ටුවක් දැනෙනුයෙන් පොඩ්ඩක් ඇලවෙන්නට සිතා  ගත්තෙමි. එය මා හා මාගේ මිතුරන් කිහිපදෙනෙක් එකතු වී කුලියට ගත් ඇනෙක්සියකි. සොච්චම් වේතනයක් ලබන මා හට නිදාගන්නට ඇදක් ගෙන ඒමට තරම් උන්න්දුවක් නොවීයෙන් පුරුද්දක් ලෙස මෙට්ටයක් බිම දමා ඒ මත සුව නින්දක් සකසා ගන්නෙමි. නෙතු පියාගත් කලෙක තෙවනැසට ඇදෙන්නා වූ ඉමක් නැති නවකතා බීජයන් එකිනෙක වෙන් කරගත යුතු ය. ඉතා හොද නවකතාවක් ලියවීමට නම් අග්‍රගණයේ බීජයත් ඒ හා බැදුනු කිසියම් මතකයනුත් තිබීම අනිවාර්‍යය.. එම නිසා මට හුරු පුරුදු බීජ කිහිපයක් තෝරා කතාවක් ලියන්නට සිතා ගතිමි..

විරංගි කෙටි කථාව ( එකම තැනකින් කියවන්න)

Image
විරංගි 001 විරංගි 002 විරංගි 003 විරංගි 004 විරංගි 005 විරංගි 006 - අවසානය​ --- යසියා---